පරිගණක පිරිපහදු කරන නීරෝ ටියුන් ඉට්අප්
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUN
16

පරිගණක පිරිපහදු කරන නීරෝ ටියුන් ඉට්අප්

පරිගණක පිරිපහදු කරන නීරෝ ටියුන් ඉට්අප්

වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය සහිත පරිගණකයකින් කාලයක් තිස්සේ වැඩ කරමින් සිටින විට මෙහෙයුම් පද්ධතිය නිසි ලෙස නඩත්තු නොකලොත් එය මන්දගාමී වෙනවා. ඒ සඳහා බලපාන කරුණු රැසක් තිබෙනවා.

*පරිගණක භාවිතා කරන විට කාලයත් සමග එහි කාර්යක්ෂමතාවය අඩු වෙනවා. කාලයක් වැඩ කරමින් භාවිතා කළ වැඩසටහන් නැවත ඉල්ලා සිටින විට ඉක්මනින් විවර වීම පිණිස කලින්ම පසුබිමෙන් ක්‍රියාත්මක වෙනවා. කාලයත් සමග මෙවැනි වැඩසටහන් ගණනාවක් එක් වන විට වනවිට මෙහෙයුම් පද්ධතියට පිවිසීම නැත්නම් boot වීමට කල් ගන්නවා.

*අන්තර් ජාලයට වේගයෙන් පිවිස වැඩ ගන්නට අවකාශයත් කාලයත් අඩු වෙන්නේ වෙබ් සේවාව වෙතින් බලපෑම් කර වෙබ් බ්‍රවුසරේ නිවැරදි settings වෙනස් වීම නිසයි. එවිට අන්තර්ජාලය සමඟ වැඩ කිරීම පරක්කු වෙනවා.

*වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය අන්තර්ජාලය හා එක්ව ක්‍රියාත්මක වෙන විට එදිනෙදා වැඩ වලට උවමනා නැති නොයෙක් අමතර වැඩසටහන් ක්‍රියාත්මක වෙනවා. ඉන් මෙහෙයුම් පද්ධතියේ setting ඒවාට ගැළපෙන සේ වෙනස් වෙනවා. එවිට පරිගණකයේ කාර්යක්ෂමතාවය අඩු වෙනවා.

*පරිගණකයේ ඇති හාඩ්වෙයාර් උපාංග නිසි ලෙස ක්‍රියාත්මක නොවනු පිණිස ඒවා හා සම්බන්ධ drivers වැඩසටහන් නිරන්තරයෙන් අලුත් කළ යුතුයි. එසේ නොකළහොත් කාර්යක්ෂමතාවය අඩු වෙනවා. කාලයත් සමඟ මෙහෙයුම් පද්ධතියේ නිසි ක්‍රියාකාරීත්වයට බාධා ගෙන දෙන මෙවැනි වෙනස්කම් සියල්ල මුලින් තිබුණු ලෙස නැවත සකස් කිරීමට විශේෂ පරිගණක වැඩසටහන් තිබෙනවා. සිස්ටම් ඔප්ටිමයිසේෂන් වර්ගයේ වැඩසටහනක් ලෙස හඳුන්වන මෙවැනි වැඩසටහන් අතරින් නීරෝ ටියුන් ඉට් අප් කියන්නේ හොඳ වැඩසටහනක්.

 


මෙම වැඩසටහන මිලදී ගත යුතු වන අතර නීරෝ ටියුන් ඉට් අප් නොමිලේ දෙන සංස්කරණයද තිබෙනවා. එය download කරගැනීම සඳහා nero.com යන වෙබ් අඩවියට පිවිස එහි ඇති ඩවුන්ලෝඩ් ටැබ් එක ඔස්සේ බාගත කරගත හැකියි. එසේ ඩවුන්ලෝඩ් කර ගත් පසු ලැබෙන setup file එක මත ඩබල් ක්ලික් කර එය install වීමට ඉඩ හැරිය යුතුයි. මෙම වැඩසටහන් අන්තර්ජාල සම්බන්ධතාවය ඇති තැනකදී ඩවුන්ලෝඩ් කරගෙන pen drive එකක රඳවා ඕනෑම පරිගණකයක් වෙත ගෙන යා හැකියි. ඒවායේදී මේවා ක්‍රියාත්මක වෙන්නට අන්තර්ජාලය සම්බන්ධතාවයක් අවශ්‍ය වෙන්නේ නැහැ.

මෙම නීරෝ ටියුන් ඉට් අප් මෘදුකාංග install කරගැනීමෙන් පසුව windows 10 තුළදී ඒ වෙත පිවිසීම සඳහා start මෙනු එක තුළින් Nero TuneItup අයිකන් එක තෝරාගත යුතු වෙනවා. එවිට නීරෝ ටියුන් ඉට් අප් වින්ඩෝ එක විවෘත වී පරිගණකයේ ඇති අනවශ්‍ය දෑ ස්කෑන් කිරීමට පටන් ගන්නවා.

මේ නිසා පරිගණක පිරිපහදු කරන්න වඩාත් සුදුසු මෘදුකාංගයක් ලෙස නීරෝ ටියුන් ඉට් අප් හැඳින්විය හැකියි.

 

 

by Dilki Shamani

Photo Source: Internet

views

560 Views

Comments

arrow-up