ඇසේ සුද ඉවත් කරන සැත්කම්
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUN
16

ඇසේ සුද ඉවත් කරන සැත්කම්

ඇසේ සුද ඉවත් කරන සැත්කම්

ඇසේ සුද ඇතිවීම කියන්නේ ඇසේ පෙනීමට බාධා කරමින් අක්ෂිකාච සුදු පැහැ වීමයි. ඇසේ කාචයේ අඩංගු ප්‍රෝටීනමය කොටස් වෙනස් වී එහි පැහැදිලිතාව නැති නිසා සුදු පැහැ වලාකුළු මෙන් පෙනෙන්න ගන්නවා. මේ විදිහට සුදුවීම එකවර නොවෙන්න පුළුවන්. මුලින්ම ඉතා කුඩා ප්‍රදේශයක් සුදු පැහැවී පසුව ක්‍රම ක්‍රමයෙන් වැඩි වෙන්න පුළුවන්. ඇසේ සුද ඇතිවීමට හේතු කිහිපයක් බලපානවා.

-දියවැඩියා රෝගීන්ට -විටමින් ඛනිජ ලවණ අඩු අයට
-විවිධ ඖෂධ වර්ග නිසා -තුවාල වීමෙන් පසුව ඇතිවන ඇතැම් තත්ත්වයන් නිසා
-ඇතැම් රෝගීන්ට උපතේ සිට
ඇසේ සුද ඇතිවීම දක්නට ලැබෙනවා. ඇසේ සුද බෝවන රෝගයක් නොවෙයි. ඒ වගේම එකකින් අනෙක් ඇසට පැතිර යන්නෙත් නැහැ. ඒත් බොහෝ දෙනාට එකවර ඇස් දෙකේම සුද ඇති වෙන අවස්ථා තියෙනවා. මෙම රෝගයේදී

* ඇස් වල පෙනීම බොද වීම හෝ අපැහැදිලි කමක් දැනීම
* යම් එළියක් වැටුණු ගමන් එහි දීප්තිය වැඩියෙන් දැනීම
* වර්ණ දිෂ්ටි අඩුවීමක් පෙනීම
*එක් දෙයක් කිහිප ලෙසකින් දිස් වීම

වැනි රෝග ලක්ෂණ දක්නට ලැබෙනවා. ඇසේ සුද ආරම්භයේදී ඒ සඳහා ශල්‍යකර්ම කරන්න අවශ්‍ය වෙන්නේ නැති බව වෛද්‍යවරුන් පවසනවා. මේ සඳහා සුදුසු කණ්නාඩි යුගලක් පාවිච්චි කිරීමෙන් යම් සහනයක් ලබාගන්න පුළුවන්. ඒත් සමහර විට එවැනි දේකින් සාර්ථක ප්‍රතිකාර ලබා ගන්න බැරිවෙන අවස්ථා තියෙනවා. ඇසේ සුද නැති කිරීම සඳහා ඖෂධ ප්‍රතිකාර නැහැ. ඒ වෙනුවට තියෙන්නෙ ශල්‍යකර්ම පමණයි.

 


අද ලෝකයේ තියෙන ඉතාම සාර්ථක මහා ඉතාම සුලබ සැත්කමක් ලෙස ඇසේ සුද ඉවත් කිරීම හඳුන්වන්න පුළුවන්. බොහොම පොඩි වෙලාවක් විතරයි ගතවෙන්නේ. ඒ විනාඩි පහළොවක් විස්සක් වගේ කාලයක්. මේ සඳහා විවිධ ක්‍රම අනුගමනය කරනවා. වේදනානාශකයක් ඇසට දමා ඇස වටේ යම් ඖෂධයක් එන්නත් කිරීම මඟිනුත් මේ ශල්‍යකර්මය කරනු ලබනවා. ඇස් දෙකේම එකවිට ශල්‍යකර්මය කරන්නේ නැහැ. එකට මුලින්ම ශල්‍යකර්මය කර ටික කාලයක් ගියාට පසුවත් අනෙක් ශල්‍යකර්මය සිදු කරනවා.

මේ සැත්කමේ වර්ග දෙකක් තියෙනවා.

1. ෆැකෝ ඉමල්සිෆිකේෂන් සැත්කම නවීන ක්‍රමයි. එය කුඩා කැපුමකින් ස්වභාවික ස්වභාවික කාචය ඇසෙන් ඉවත් කර කෘතිම කාචයක් ඇතුළු කරනවා. එහිදී මැහුම් දමන්නේ නැහැ.

2. ECCE සැත්කම මෙහිදී ඇදෙන කැපුම තරමක් විශාල වන නිසා මැහුම් දමන්න සිද්ධ වෙනවා.

මේ සිදුකරන ඇසේ සුද ඉවත් කිරීමේ සැත්කමකින් පසුව අපිරිසිදු අත්වලින් ඇස් ඇල්ලීම ඇස කැසීම මූණ පිසින්න පිරිසිදු තුවායක් භාවිතය මුල් දවස් කිහිපයේ විවේකයෙන් සිටීම රෝගියකු විසින් අනිවාර්යයෙන්ම සිදුකළ යුතු වෙනවා.

 

 

by Dilki Shamani

Photo Source: Internet

views

1750 Views

Comments

arrow-up