විභාගය අවසන් කළ ඔබට
For Sri Lankan's Overseas
Latest_News
calendar
DEC
22

විභාගය අවසන් කළ ඔබට

විභාගය අවසන් කළ ඔබට

විභාගය අවසන් වූ පසු එය ගැන සිතා කුමන ප්‍රතිඵලයක් ලැබි ඇත්දැයි සිතින් කරදර විය යුතු නැත. විභාගයේ ප්‍රතිඵල ඔබ පුනරීක්ෂණ කටයුතු සිදුකළ ආකාරය මත රඳා පවතී. ඔබට තවත් විභාග ඉදිරියට පවතී නම් එම විභාග කෙරෙහි සම්පූර්ණ අවධානය යොමු කළ යුතුයි. ඒ සඳහා පසුගිය විභාගය සිතින් ඉවත් කළ යුතුයි. ඔබට තවත් විභාග නොමැතිනම් විභාගය අවසන් වීම සමරා විනෝදජනක ක්‍රියාවකට යොමු විය හැකියි. එමෙන්ම තම මිතුරන් ප්‍රශ්න පත්‍රයට පිළිතුරු සපයා ඇති අන්දම විමසීමද නොකළ යුත්තකි. එකම පිළිතුර දෙදෙනකු ලිවීම සෑම විටම සිදු නොවේ. එලෙස එවැනි සාකච්ඡා මගින් තමා ලියූ පිළිතුර නිවැරැදි නොවන බව සිතීමට පුළුවන. එය මානසික පසුබෑමක් ඇති කරයි. එම නිසා වඩාත් සුදුසු වන්නේ ලියූ ප්‍රශ්න පත්‍රය ගැන සාකච්ඡා කරනවාට වඩා ඊළඟට ලැබුණු විවේකය ගතකරන ආකාරය පිළිබඳව සාකච්ඡා කිරීමයි.

ඔබ කැමති වුවද අකමැති වුවද විභාගය යනු අධ්‍යාපනයෙ ඉමහත් වැදගත් බවකින් යුක්ත පියවරකි. එබැවින් විභාගය සඳහා කල්තියා සූදානම් වීම අත්‍යවශ්‍ය වේ. ඇතැම් ශිෂ්‍යයන් විභාග වලට මුහුණ දීමේදී වංචා සිදු කිරීමට පෙළඹෙන අතර ඊට ප්‍රධානතම හේතුව ඔවුන් සතුව විභාගය සඳහා අවශ්‍ය ආත්ම විශ්වාසය නොමැති වීමයි. එමගින් සිදුවන්නේ ඔවුන්ගේ ජීවිත තවදුරටත් අඳුරු අගාධයක් කරා තල්ලු වී යාමයි. වර්තමානයේ විභාග වංචා සඳහා දැඩි දඬුවම් පැමිණවීමට නීති සකස් කර ඇත. එය ජීවිතාන්තය දක්වා විභාග තහනමක්ද විය හැකියි. එම නිසා විභාගයක් ජය ගැනීමට එවැනි නීතිවිරෝධී මාර්ග තෝරා ගැනීම ඉතා අනුවණ ක්‍රියාවකි. ඔබට විභාගයක් ජය ගත හැකි වන්නේ අනිවාර්යයෙන්ම මනා කැපවීම සහ උත්සාහය මඟින් බව මතක තබාගන්න.

 

 

 


විභාගයට සූදානම් වීමට ප්‍රමාණවත් කාලයකට පෙර පුනරීක්ෂණ කටයුතු ඇරඹිය යුතුයි. පාඩම් නිවැරදිව කාලසටහනකට අනුව බෙදා වෙන් කරගෙන එම සියලූ වැඩ කටයුතු අතරේ ප්‍රමාණවත් විවේකයන් ලබාගෙන සැහැල්ලුවෙන් සිටීම ඔබට විභාග ජය ගැනීමට රුකුලක් වනු ඇත. විභාගය ජය ගැනීමට මොලයේ ක්‍රියාකාරී ප්‍රමාණය පමණක් ප්‍රමාණවත් නොවේ. ඔබ සැලසුම් සහගත නම් අනිවාර්යෙන් විභාගය ජය ගැනීමට හැකිවනු ඇත. විභාගයකට මුහුණදීමට ඉහත ආකාරයට සූදානම් වුවහොත් විභාගය යනු ඔබ සිතන තරම් භයානක නොවන සිතනවාට වඩා පහසුවෙන් ජයගත හැකි කඩඉමක් බව ඔබට වැටහේවි. එවිට විභාග ප්‍රතිඵල පැමිණිය පසු අතිශයින් සතුටට පත්වන සුළුතරයට ඔබත් අයත් වනු නොඅනුමානයි. දරුවකුගේ ජීවිතයේ මූලිකම වැදගත්කම වන්නේ ඉගෙනීමයි. එම නිසාවෙන් දරුවාගේ සියලුම කාර්යයන් අධ්‍යාපනය කෙරෙහි බාධාවක් නොවීමද ඉතාමත් වැදගත් වේ.

 

 

by Sachini Sooriyaarachchi

Photo Source: Internet

 

views

542 Views

Comments

arrow-up