කොරෝනා වලට එන්නත් සොයන ලංකාවේ මහේෂි
For Sri Lankan's Overseas
Latest_News
calendar
DEC
17

කොරෝනා වලට එන්නත් සොයන ලංකාවේ මහේෂි

කොරෝනා වලට එන්නත් සොයන ලංකාවේ මහේෂි

කොරෝනා වෛරසය හේතුවෙන් මිලියන දාහතරකට අධික ලෝකවාසී අසරණ මිනිසුන් පිරිසක් මිය ගොස් ඇති අතර බොහෝ පිරිසක් මොහොතෙත් මිය යමින් සිටි. ඒ වෙනුවෙන් ලොව පුරා විවිධ රටවල් එන්නත් පිළිබඳ පර්යේෂණ සිදු කරන විට ඉන් එක් ප්රධාන එන්නතක් නිෂ්පාදනයේ ප්රධානම විද්යාඥවරිය පිළිබඳ ලාංකේයන් ලෙස අපට ආඩම්බරයෙන් කතා කළ හැක. ආචාර්ය මහේෂි රාමසාමි නම් ඇය කොවිඩ් වසංගතය සඳහා ලොව වඩාත්ම පිළිගත හැකි එන්නත පිළිබඳ පර්යේෂණ කරන කණ්ඩායමේ ප්රධාන විද්යාඥවරියක් හා කණ්ඩායමේ ජ්යෙෂ්ඨ සායනික පර්යේෂිකාවක් වේ. ඇස්ට්රා සෙනෙකා සමාගම හා ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්යාලය එක්ව මේ පර්යේෂණ ව්යාපෘතිය දියත් කර තිබුණි. මේ එම එන්නත පිළිබඳ නොව එය නිපදවන විද්යාඥවරිය පිළිබඳ සටහනකි.

 

 

අපේ රටේ වාර්ගික සංකලනයේ අග්රඵලය පිළිබඳ ආදර්ශයක් වන ආචාර්ය මහේෂි රාමස්වාමිගේ දෙමාපියන් මේ පොළොවේ ඉපදී ලෝකය දිනූ විශිෂ්ට විද්වතුන් ලෙස සැලකේ. ඇගේ පියා ලෝක සම්භාවනාවට පත් විද්වතකු වූ රංජන් රාමසාමි වන විට ඇගේ මව මහාචාර්ය මන්ත්රී සමරනායක රාමසාමි විය්. මහේෂි ගේ මව කොළඹ විශ්වවිද්යාලයෙන් සත්ත්ව විද්යාව පිළිබඳ පළමු පෙළ ගෞරව උපාධියක් ලැබු අතර පසුව ඇය කෙම්බ්රිජ් සරසවියට පිවිසෙන්නට පොදු රාජ්ය මණ්ඩලයීය ශිෂ්යත්වයකටවරම් ලැබීය. ප්රතිශක්තිකරණ විද්යාව සහ කීට විද්යාව සම්බන්ධව මේ විද්යාඥ දෙපළ අන්තර්ජාතිකව කීර්තියට පත්විය. ඒ අනුව සෞදි අරාබියේ දම්මාන් සරසවියේ කථිකාචාර්යවරුන් ලෙස පළමුව සේවය ආරම්භ කළ මේ විද්යාඥ දෙපළ කොළඹට පැමිණියේ මහේෂි උපදින කාලය වනවිටයි. 80 දශකයේ මුල භාගයේ ඔවුහු යාපනය වෛද්ය විද්යාලයේ කථිකාචාර්යවරු ලෙස කටයුතු කළ ඔවුන් කලක් ඇමරිකාවේ සැන්ඩියගෝ සහ ඔස්ට්රේලියාවේ ක්වීන්ස් සරසවියේ සේවයේ නිරතවිය. මේ සුවිශේෂී දෙපළගේ එකම දියණිය වූ මහේෂි රාමසාමි රටට පමණක් නොව ලෝකයට ආඩම්බර විය යුතු දියණියක වග දැන් ඔප්පු කර හමාරය.

 

කොළඹ විශාකා විද්යාලයෙන් හා ස්ටැෆර්ඩ් ජාත්යන්තර පාසලෙන් මූලික අධ්යාපනය හදාරන ඇය සිය උසස් අධ්යාපනය සම්පූර්ණ කරන්නේ එක්සත් රාජධානියේයි. ඉන්පසු කේම්බ්රිජ් විශ්වවිද්යාලයේ ක්රියිස්ට් විද්යාලයෙන් ආචාර්ය මහේෂි රාමසාමි සිය වෛද්ය උපාධිය ලබාගත් අතර ලන්ඩන් හා ඔක්ස්ෆර්ඩ් හිදී බෝවෙන රෝග සම්බන්ධයෙන් මනා අධ්යයනයක් හා පුහුණුවක් ලැබීය. ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්යාල රෝහල්හි ජාතික සෞඛ්ය සේවා පදනම් භාරයේ බෝවෙන රෝග සහ ප්රතිශක්තීකරණය පිළිබඳ වෛද්යාචාර්යවරියක ලෙස දැන් ඇය කටයුතු කරන අතරම මේගන් වෛද්ය විද්යාලයේ ප්රධාන කථිකාචාර්යවරියක ලෙස ක්රියා කරයි. සිය වෘත්තීමය පදනම මත බුද්ධිමය සම්පත ප්රදානය කරමින් දැන් ඇය ඔක්ස්ෆර්ඩ් එන්නත් කණ්ඩායමේ (Oxford Vaccine Group) ජ්යෙෂ්ඨ සායනික පර්යේෂිකාවක් (a Principal Investigator) ලෙස කටයුතු කරයි.

 

 

ලෝ ප්රකට වෛද්ය ජර්නලයක් වූ ලැන්සැට් ජර්නලය ඔක්ස්ෆර්ඩ් කෝවිඩ් වැක්සිනය හෙවත් ChAdOx1 nCoV-19 vaccine පිළිබඳ පර්යේෂණ පත්රිකාවක් පළ කිරීමත් සමඟ ඇය පිළිබඳ ලෝක අවධානය ප්රධාන වශයෙන් යොමුවිය. ඒ එම අධ්යයනයේ ප්රමුඛ පර්යේෂකයා හා කතුවරයා වූයේ ආචාර්ය මහේෂි රාමසාමි වූ බැවිනි. තිදරු මවක් වන මේ විශිෂ්ට විද්යාඥවරිය සිය ජීවිතය සමබර කරගෙන ලෝකය වෙනුවෙන් කැපවූ ගැහැනියකි.

 

 

 

 

 

 

by Dilki Shamani

Photo source : Internet

views

665 Views

Comments

arrow-up