ලංකාව ගැන කියැවුණු ඔබාමාගේ දේශපාලන චරිතාපදානය
යම් පුද්ගලයකුගේ චරිතාපදානය ක්‍රම තුනකට ලිවිය හැකි අතර ඉන් පළමුවැනි ක්රමය චරිතාපදානයට අදාළ පුද්ගලයා විසින්ම ලිවීමයි. දෙවන ක්රමය වන්නේ චරිතාපදානයට අදාළ පුද්ගලයාගේ චරිතාපදානය ලිවීමට කැමැත්තෙන් පසුවන හෝ කුලියට ගත් පුද්ගලයකු විසින් ලිවීමයි. තුන්වන ක්‍රමය වන්නේ චරිතාපදානයට පාදක වන චරිතයට සම්බන්ධයක් නැති ගවේෂණාත්මක පුද්ගලයකු විසින් එම චරිතාපදානය ලිවීමයි. ඉන් වඩාත්ම සාර්ථක වන්නේ තුන්වන ක්රමය බව හැඟේ. මේ සූදානම් වන්නේ එලෙස ලියූ චරිතාපදානයක් පිළිබඳ ඉදිරිපත් කරන්නයි.
A Promised Land යනු ලොවක් ගෞරව කරන ඇමරිකාවේ හිටපු ජනාධිපති බරක් ඔබාමා ලියූ අලූත්ම චරිතාපදානයයි. ඔබාමාගේ ධවල මන්දිරයේ ජීවිතය පිළිබඳ මේ පොත වැඩි වශයෙන්ම කේන්ද්ර වී තිබේ. නමුත් ඔබ දන්නවාද මේ පොතේ ඔහු ලියා ඇති ශ්‍රී ලංකාවට වැදගත් වන කොටස් කිහිපයක් තිබෙන බව. එක්සත් ජාතීන්ගේ සංවිධානයට ශ්‍රී ලංකාවේ ජනවාර්ගික සංහාරය මැඬපැවැත්වීම සඳහා කිසිවක් කරකියා ගැනීමට බැරිවූ බව ඔබාමා එම පොතේ පලකර තිබේ. 1945 දී එක්සත් ජාතීන්ගේ සංවිධානය පිහිටුවන විට සකස් කෙරුණු ආරම්භක ප්‍රඥප්තිය ශ්‍රී ලංකාවේ වර්ගවාදී යුද්ධයේ අවසන් කොටසේදී තමා විසින් වැදගත් ලියවිල්ලක් ලෙස පරිශීලනය කරන ලද බව එම පොතේ සටහන් වී තිබේ. එම ප්‍රඥප්තියට අනුව ශ්‍රී ලංකාවේ ජනවාර්ගික සංහාරය සම්බන්ධයෙන් කිසිදු යුතුකමක් ඉටුකිරීමට එක්සත් ජාතීන්ගේ සංවිධානයට හැකිව නොලැබුණු බව ඔහු තවදුරටත් එම පොතේ සටහන් කර තිබේ.
ඔබාමාගේ දේශපාලන චරිතාපදානය ලෙස මේ පොත හැඳින්වෙන අතර දස අවුරුද්දක කාලයක් ඇමරිකාවේ ජනාධිපති ලෙස ධවල මන්දිරයේ ගත කිරීමේදී ඔහු මුහුණු දුන් සිදුවීම් රැසක් මේ පොත මගින් ඔබාමා හෙළිදරව් කර ඇති බව වාර්තා වේ. පසුගියදා නිකුත් කළ මේ පොතේ පිටපත් දාහත් ලක්ෂයක් මේ වනවිට විකිණී ඇති බව පොතේ ප්‍රකාශකයන් වූ පෙන්ගුවින් සමාගම ප්රකාශ කරයි. ඔවුන් පෙන්වා දෙන්නේ ඔවුන්ගේ ප්‍රකාශන කර්මාන්ත ඉතිහාසයේ වැඩිම අලෙවියක් සහිත පොත ඔබාමා මෙවර ලියූ ජීවිත කතාව බවයි. නොවැම්බර් 17 වෙනිදා නිකුත් වූ A Promised Land පොත එය නිකුත් වූ මුල් දිනයේ එහි මුද්රිත පිටපත් සහ ඊ පිටපත් අට ලක්ෂ අසූහත් දහසක් ඇමරිකාව සහ කැනඩාව තුළ අලෙවි වූ බව වාර්තා වේ. දැනටඑය භාෂා විස්සකින් පරිවර්තනය කර ඇති අතර තවත් භාෂා හයකින් එය පරිවර්තනය වීමට නියමිතව තිබේ.
මීට පෙර මිෂෙල් ඔබාමා බැරක් ඔබාමා ගේ බිරිය විසින්ද මතක සටහන් පොතක් ප්‍රකාශයට පත්කර තිබුණ අතර එහි පිටපත් හත්ලක්ෂ පනස්දාහක් පොත නිකුත් වූ පළමු දිනයේදීම අලෙවිවූ බව වාර්තා වේ. දැනට එම පොතේ පිටපත් මිලිනයක් විකිණී තිබේ. ඇමරිකාවේ හිටපු ජනාධිපතිවරුන් වන බිල් ක්ලින්ටන් සහ ජෝර්ජ් බුෂ් ද ඔවුන්ගේ දේශපාලන චරිතාපදාන දෙකක් එළිදක්වා තිබේ. කෙසේ නමුත් බැරක් ඔබාමා ගේ දේශපාලන චරිතාපදානයේ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් දක්වා ඇති අදහසක එතරම් යහපත් නොවන බව එය කියැවූ ඕනෑම ශ්‍රී ලාංකිකයකුට වැටහෙනු ඇත.
by Dilki Shamani
Photo source : Internet
929 Views
Comments