ළමා මිතුරු පරිසරයක් ඇති Polymath kids

2018 වර්ෂයේ දී කොළඹ රාජකීය විද්‍යාලයේ හිටපු විදුහල්පතිවරයෙක් වන උපාලි ගුණසේකර මහතාගේ නායකත්වය යටතේ ආරම්භ කරන ලද දේශීය අනන්‍යතාවයෙන් හෙබි ජාත්‍යන්තරය ජයගන්නා දුවා දරුවන් ලොවට දායාද කිරීමේ නවාතැනයි polymath kids. මහරගම ප්‍රදේශයේ පිහිටා ඇති polymath ජාත්‍යන්තර පාසල පූර්ව ළමා වියේ පටන් උසස් පෙළ දක්වා දරුවෙකුට අවශ්‍ය සියලුම අධ්‍යන අවශ්‍යතා සහ විෂය සමගාමි අවශ්‍යතා සපුරාලන අපූරු පාසලකි.
ඇත්තෙන්ම polymath kids අනෙකුත් සාමාන්‍ය පෙරපාසල් ක්‍රමයට නැවුම් බවක් එක් කළ පෙර පාසලකි. එමනිසාවෙන් දෙමාපියන්ගේත් දරුවන්ගේත් නොමද ආදරයට සහ ප්‍රශංසාවට polymath කිඩ්ස් පෙර පාසල පත්වී ඇත. පූර්ව ළමාවිය සංවර්ධනය කෙරෙහි වැඩි අවධානයක් යොමු කිරීමෙන් අනාගතයේදී සාර්ථක මිනිසෙක් ලොවට දායාද කළ හැකියි යනුවෙන් කියමනක් පවතී. උපතේ සිටම දෙමවුපියන් තුරුලේ වැඩෙන දරුවා මුල්ම වරට දෙමාපිය සෙනෙහසින් අෑත්ව සමාජයට එක් වන්නේ පෙර පාසලක් තුළිනි. එමනිසා දරුවාට වඩාත් හොදින් ගැලපෙන පෙර පාසලක් තෝරා ගැනීම දෙමාපියන්ගේ වගකීමකි. දරුවාගේ අනාගතය සකසා දෙන මුල්ම අඩිතාලම වැටෙන්නේද පෙර පාසල තුළින් බව මවුපියන් අනිවාර්යෙන්ම සිහියේ තබා ගත යුතුම කරුණක්. ලොවම පිළිගත් ක්‍රමවේදයක් ඔස්සේ ඉගැන්වීම් කටයුතු සිදු කරන, ළමා මිතුරු පරිසරයක් සහිත, දේශීයව පිළිගැනීමට පාත්‍රවී ඇති polymath කිඩ්ස් පෙර පාසල වෙත යොමුවීම ඔබේ දරුවාගේ සුබදායී අනාගතය වෙනුවෙන් ගන්නා නොවරදින තීරණයකි. මේ වන විට polymath කිඩ්ස් පෙර පාසලේ දරුවන් 250කට ආසන්න සංඛ්‍යාවක් ඉගෙනුම ලබයි. මෙම පෙර පාසලේ පවතින විශේෂත්වය වන්නේ මොන්ටිසෝරි සංකල්පයේ නිර්මාතෘ වරිය වන මරියා මොන්ටිසෝරි හඳුන්වාදුන් අන්තර්ජාතිකව පිළිගත් AMI ක්‍රමවේදයේ උපකරණ බහුල වශයෙන් භාවිතා කරමින් රුවන්ගේ කුසලතා වර්ධනය කරන්නට අවශ්‍ය ඉගැන්වීම් කටයුතු සිදු කිරීමයි. අවුරුදු එක හමාර සම්පූර්ණ කළ දරුවන්ගේ සමබරතාව වර්ධනය කිරීමට polymath කිඩ්ස් පෙර පාසල සාර්ථක ලෙස එම ක්‍රමවේදය යොදා ගනී. එනම් දරුවන් වෙනුවෙන්ම සකස් කළ ඇවිදීමේ අභ්‍යාස, ඇඟිලිවලට ලබාදෙන ව්‍යායාම ඔස්සේ ඔවුන් තුළ සමබරතාවය වර්ධනය කරනු ලැබීමයි. කුඩා කල සිටම ස්වාධීනව නැගී සිටින්නට දරුවන් හුරු කරන එම ක්‍රමවේදයෙන් විවිධ ඉගැන්වීම් රටා උපයෝගී කරගනිමින් සහ විවිධ ද්‍රව්‍ය යොදාගනිමින් මොළය ඇතුළු දරුවන්ගේ වර්ධනය කළ යුතු සෑම අංශයකම දියුණුව අපේක්ෂා කරන සහ දරුවෙක් සතුටින් ඉගෙන ගැනීම මූලික අරමුණ කරගත් ක්‍රමවේදයකි. මෙහිදී දරුවාගේ අකුරු ලිවීමේ හැකියාව වර්ධනය කිරීමට වඩා වැඩි අවධානයක් යොමු කරන්නේ ක්‍රියාකාරී අධ්‍යාපනය සඳහායි.
මෙහිදී ඉංග්‍රීසි මාධ්‍යයෙන් දරුවන්ට සියලුම ඉගැන්වීම් කටයුතු සිදු කරන අතර දරුවන් වෙනුවෙන්ම ළමා මිතුරු පරිසරයක් ද නිර්මාණය කර තිබීම විශේෂත්වයකි. මෙම පෙර පාසල තුල පවතින සුන්දර වටපිටාව හේතුවෙන් දරුවන්ට ප්‍රායෝගිකව පරිසරය අත් විඳින්නටත්, යහපත් මානසික ඒකාග්‍රතාවයෙන් යුතුව අධ්‍යාපන කටයුතු වල නියැලෙන්නටත් හැකියාවක් සකසා දී ඇත. කිසිම විටෙක පොලිමත් කිඩ්ස් තුළ පන්ති කාමරයට කොටුවුණු අධ්‍යාපන ක්‍රමයක් නොපවතී. දරුවන් වෙනුවෙන් උදෑසන ව්‍යායාම, පරිසරය හා බැඳුනු ක්‍රියාකාරකම්, ක්‍රීඩා, එලකියුෂන්, බටහිර සංගීතය සහ නර්තනය වැනි විෂයයන් ගණනාවක් මෙහිදී දරුවන්ට ඉගැන්වීමට කටයුතු යොදා ඇත. ඉතා කාරුණික සහ පළපුරුදු ඩිප්ලෝමාධාරී ගුරුවරුන් පමණක් සේවය කරන මෙම පෙර පාසලෙහි දරුවන් පාසල නිම වුවද යළි නිවෙස් වලට යෑම පවා ප්‍රතික්ෂේප කරන්නේ මව්පියන් මෙන් කාරුණික කාර්ය මණ්ඩලයක ඇසුර ඔවුනට ලැබෙන නිසාවෙනි. තවද මෙම polymath කිඩ්ස් පෙර පාසලට වසර පුරාම දරුවන් ඇතුළත් කරගනී. සාම්ප්‍රදායික පෙරපාසල් ක්‍රමයට තිත තැබූ polymath kids ඔබගේ දරුවා වෙනුවෙන් කරන හොඳම සහ නිවැරදිම තේරීම බව ඔබත් මතකයේ තබාගන්න.
by Sachini Sooriyaarachchi
Photo Source: Internet
21669 Views
Comments