ක්‍රිකට් තරගයක් ගුවන්විදුලියෙන් අඛණ්ඩව විස්තර කළ පළමු නිවේදකයා

1982 පෙබරවාරි මස 15 වැනිදා ාතික රූපවාහිනිය ආරම්භය සනිටුහන් කිරීමේ දී ප්‍රථම නිවේදකයා වශයෙන් කැමරාව ඉදිරියේ හඬ අවදි කිරීමේ ගෞරවනීය ඉතිහාසයට සහ 1992 ජූලි 21 වන දින ටීඑන්එල් රූපවාහිනි නාලිකාවේ සමාරම්භක නිවේදකයා වශයෙන් ද 1989 වසරේ නොවැම්බර් මස 3 වැනිදා ප්‍රථම විධිමත් fm stereo ගුවන් විදුලි සේවය cityfm නමින් පිහිටවූ පුරෝගාමී අධ්යක්ෂවරයා වශයෙන් ද ක්‍රිකට් විස්තර විචාරයෙහි ආන්දෝලනාත්මක නාමයෙන් ඉතිහාසයේ ලියැවී ඇත්තේ මෙම ජනමාධ්‍ය ජ්යෙෂ්ඨයානන්ගෙ නාමයයි.
මේ වන විට ඔහු සිය ජනමාධ්‍ය ජීවිතයේ වසර 35ක අත්දැකීම් සම්භාරයක් අත් කරගෙන සිටීම විශේෂත්වයකි. වර්තමානයේ දී ඔහු විසින් තම දිවියේ සැඳෑ සමය බෞද්ධ දර්ශනය අනුව හැඩගස්වා ගනිමින් සිටින අයුරු අප කාගේත් අනාගතයට ආදර්ශයක් ගෙන එන්නේය. නුගේගොඩ ගංගොඩවිල හෙවගෙ පියසීලි සිසිලියා පෙරේරා මෑණියන්ටත් කුරුප්පුගේ ලුවිස් පෙරේරා පියාණන්ගේත් දරුවන් සිව් දෙනෙකුගෙන් යුතු පවුලේ බාලයා වශයෙන් උපන් කුරුප්පුගේ පාලිත චන්ද්‍රසිරි පෙරේරා නම් වූ මෙතුමන් කාගේත් ජනාදරයට පත්ව සිටින අයෙකි. මෙම මාර්තු 02 වැනිදා දවස එතුමන්ගේ මාධ්‍ය ජීවිතයටත් ශ්‍රී ලංකාවේ ගුවන්විදුලි ඉතිහාසයටත් අතිශය වැදගත් සංධිස්ථානයක් බිහිකළ දිනයකි. ගුවන්විදුලි ක්‍රීඩා සංනිවේදනයේ නැවුම් පිටුවක් පෙරළමින් 1963 වර්ෂයේ මාර්තු මස දෙවන දින ක්‍රිකට් තරගයක ප්‍රථම පන්දුවේ සිට තරගයේ අවසන් පන්දුව තෙක් අඛණ්ඩව ගුවන්විදුලි සජීව විස්තර ප්‍රකාශන සම්ප්රදාය ආරම්භ කෙරුණි. එය සිදුවූයේ කොළඹ වනාතමුල්ලේ ඕවල් ක්‍රීඩාංගණයේ පැවැති ananda nalanda 34 වැනි සුලෝහිත ක්‍රිකට් සංග්‍රාමයේදීය. එහෙම ඓතිහාසික සජීව විස්තර ප්‍රකාශය එදින පාලිත පෙරේරා මහතා සමඟ සිදු කරන ලද්දේ ආනන්ද විද්‍යාලයේ ගුරුවරයකු වූ රගුණාත් වීරසූරිය මහතා විසිනි. පාලිත පෙරේරා මහතා විවාහ වී සිටින්නේ ලීලා පෙරේරා මහත්මිය සමඟයි. ඔවුන්ගේ මෙම ප්‍රේමය ආරම්භ වී ඇත්තේ පාසල් කාලයේදීය. උසස් පෙළ විභාගය සමත් වීමෙන් අනතුරුව ඇය උසස් අධ්‍යාපනය සඳහා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ජීව විද්‍යා අංශයට ඇතුළත් වී ඇත. ඒ වන විට ඔහුට ගුවන්විදුලියේ රැකියාව ලැබී තිබීම හේතුවෙන් ඔහු සිය විශ්ව විද්‍යාල ගමන අත් හරින්නට විය. පාලිත පෙරේරා මහතා 1969 වර්ෂයේදී යුග දිවියට පිවිසි අතර දැන් දරුවන් තිදෙනෙකුගේ පියෙකි. මෙම යුවල විසින් පසුගිය දිනක සිය විවාහ දිවියේ පනස් වෙනි සංවත්සරයද සමරන ලදි. ජීවිතයේ විවිධ අවස්ථාවන්වලදී එකතු කරගත් අත්දැකීම් සම්භාරයක් සමගම ඔහු මේ වන විට අත්හැරීම නැමැති කාරණාව හොඳින්ම සිය ජීවිතයට ළං කරගෙන සිටින අයෙකි. බුදු දහමට අනුකූලව සිය ජීවිතයේ ඉතුරු කාලය ද ගෙවා දමන්නට තරම් ඔහු උපේක්ෂා සහගත සිතක් ඇති අයෙකි. මහපොළොවට ණය නොවී නිදහස් අධ්‍යාපනයේ ශක්තියෙන් ඉහලට පැමිණ එම ණය ගෙවා දමන්නට ඔහු සමත් වී තිබේ.
එමෙන්ම ශ්‍රී ලංකාව වෙනුවෙන් සහ ශ්‍රී ලාංකීය කලාව සහ ක්‍රීඩාව වෙනුවෙන් අමිල මෙහෙවරක් ඉටුකරලීමට ද ඔහු සමත් වී සිටීම විශේෂත්වයකි. හැකි සෑම විටම සිය උපරිමය තම රැකියාවට යොදවන්නටද ඔහු අමතක නොකළේය. නිවේදන කටයුතු සඳහා ඔහුට මෙතරම් හැකියාවක් ලැබී ඇත්තේ පාසල් සාහිත්‍ය සංගමයේ, විවාද කණ්ඩායම් වල, කලා සංගමයේ සහ නොයෙකුත් සංගම්වල මුල්තැන හෙබවූ නිසා වන්නට පුළුවනි. සැබැවින්ම ඔහු විශිෂ්ට ගණයේ ලා සැලකිය යුතුම පුද්ගලයෙකි. ඔහුගේ ජීවිතයේ සැඳෑ සමය සතුටින් සහ නිරෝගී සුවයෙන් යුතුව ගෙවන්නට ඔහුට වාසනාව උදාවේවා යැයි අප හදවතින්ම සුබ ප්‍රාර්ථනා එක්කරමු.
by Sachini Sooriyaarachchi
Photo Source: Internet
737 Views
Comments