ලොව භයානකම දුම්රිය මාර්ග - 1

ලොව ඕනෑම සංචාරක ගමනාන්තයක පියකරුම ගමන වන්නේ දුම්රිය ගමන් මගයි. සුවිශේෂී සංචාරක අත්දැකීමක් ලබාගත හැකි දුම්රිය ගමන් අතර ලොව වඩාත්ම අනතුරුදායක දුම්රිය ගමන්මාර්ග පිළිබඳ තොරතුරු රැසක් මෙහි දැක්වෙනවා.
1. ඩෙවිල් නෝස් දුම්රිය මාර්ගය
ඉක්වදෝරය කිලෝමීටර් 12 ට අඩු ඉක්වදෝරයේ ඩෙවිල් නෝස් නිම්නය හරහා කඳුකර ප්රදේශයක් ආවරණය වෙන පරිදි සිග්සැග් ආකාරයට දිවෙන ලෙස මුහුදු මට්ටමේ සිට අඩි 9000 ට වඩා ඉහළින් භයානක ගමන්මාර්ගක මෙම දුම්රිය ධාවනය වේ. ඉක්වදෝරයට මායිම්ව තිබෙන ඇන්ඩීස්හි කඳුවැටියේ බෑවුම් දිගේ යන දුම්රිය මාර්ගය එහි ආකර්ෂණීයම කොටස වන අතර පථය පාෂාණ මිටියාවත්වලින්, ගංගා දිගේ, වනාන්තර ඔස්සේ කඳුකරය හරහා මෙම දුම්රිය ගමන් මඟ සැකසී තිබේ. ජැමෙයිකානුවන් 3,000 ක් සහ පුවර්ටෝරිකානුවන් 1,000 ක් පමණ මෙම ව්යාපෘතියේ වැඩ සඳහා දායකවී ඇති අතර ඉදිකිරීම් අතරතුර බොහෝ පිරිමින් මිය ගිය බව වාර්තා වෙනවා.
2. කම්බ්රෙස් සහ ටොල්ටෙක්
නිව් මෙක්සිකෝ එක්සත් ජනපදයේ නිව් මෙක්සිකෝවේ ඇන්ටොනිටෝ, කොලරාඩෝ සහ චමා අතර සැතපුම් 64 දුරැති ධාවන පථයක ක්රියාත්මක වන මෙම දුම්රිය මාර්ගය චමා නිම්නයේ ඉහළ ප්රදේශවලට නැඟී කැපී පෙනෙන හා විශ්මයජනක දසුන් ලබා දෙමින් අඩි 3 ක පටු මාර්ගයක ගමන් කරයි. මුහුදු මට්ටමේ සිට අඩි 10,000 ක් පමණ ඉහළින් පිහිටා ඇති කම්බ්රෙස් යනු හිම කුණාටු වලට මුහුණදෙන ප්රදේශයකි.
3. ඔටෙන්ජි චූ සහ ටිජෝ දුම්රිය මාර්ගය
දකුණු අප්රිකාව මෙම දුම්රිය මාර්ගය ඉතාම ආරක්ෂිතව භයානක හා සිත්ගන්නාසුළු අත්දැකීම් උපරිමයෙන් ලබා ගත හැකි අවස්ථාවකි. අප්රිකාවේ අඛණ්ඩව ක්රියාත්මක වෙන අවසාන මගී වාෂ්ප දුම්රිය මාර්ගය වන ඔටෙන්ජි චූ සහ ටිජෝ දක්වා දිවෙන මෙම දුම්රිය මාර්ගය දකුණු අප්රිකාවේ බටහිර කේප් හි ජෝර්ජ් සහ නයිස්නා නගර සම්බන්ධ කරමින් කිලෝමීටර් 67 ක මාර්ගයකි. 1992 දී නිල වශයෙන් ආරම්භ කළ දුම්රියේබ්එකල වසරකට මගීන් 40,000 ක් පමණ ගමන් කර තිබේ. මෙහි ගමන් මගට පැය 3 ක කාලයක් පමණ ගතවේ.
4. ජකර්තා-බැන්ඩුන්ග් දුම්රිය මාර්ගය
ඉන්දුනීසියාව ආකර්ෂණීය මෙන්ම ත්රාසය පිරි දුම්රිය මාර්ගයක් වන මෙම දුම්රිය මාර්ගයද ලෝකයේ භයානක දුම්රිය මාර්ගයක් ලෙස සැලකේ. ඉතා ඉහළ හා යකඩ කුලුණු මත ඉදි කළ සිකුරුටුග් පාලම හරහා ගමන් කිරීම එහි ත්රාසජනක උත්ප්රාසය දනවන අතර එය බැන්ඩුන්ග් සිට ඉන්දුනීසියාවේ අගනුවර වන ජකර්තා දක්වා පැය තුනක ධාවන කාලයකින් ගමන් කෙරේ. මෙම දුම්රිය මාර්ගයට යටින් ඇති ගැඹුරු උපනිවර්තන නිම්නය නැරඹීමෙන් පසු බොහෝ අය බියවේ.
by Dilki Shamani
Photo source : Internet
1196 Views
Comments