මල් වලට ශබ්ද ඇහෙනවාලු
For Sri Lankan's Overseas
Latest_News
calendar
JAN
16

මල් වලට ශබ්ද ඇහෙනවාලු

මල් වලට ශබ්ද ඇහෙනවාලු

මල් වලට සවන් දෙන්න පුළුවන් හැකියාව ඇති බව ඔබ දන්නවාද? මල් වලට මීමැස්සන්ගේ ශබ්දයට සවන්දීමේ හැකියාව පවතින බව ඊශ්‍රායල විද්‍යාඥයින් පිරිසක් විසින් සිදු කරන ලද පර්යේෂණයකින් අනාවරණය වී ඇත.


නයිට් ප්‍රිම්රෝස් මල යොදාගනිමින් සිදු කරන ලද පර්යේෂණයකින් මල් මී මැස්සන්ගේ ශබ්දයන්ට ප්‍රතිචාර දක්වන බවයි ඔවුන් සොයාගෙන ඇත. පරාගණය ශාක ප්‍රජනනයට ප්‍රධාන වන බැවින් ඇගේ කණ්ඩායම ආරම්භ කළේ මල් පිළිබඳව සොයා බැලීමෙනි. ටෙල් අවිව් අවට වෙරළ තීරවල සහ උද්‍යානවල වල් වැඩෙන ප්‍රිම්රෝස් මල හොඳ අපේක්ෂකයෙකු ලෙස ඉස්මතු වූයේ එය දිගු පිපෙන කාලයක් ඇති නිසා සහ මැනිය හැකි පැණි ප්‍රමාණයක් නිපදවන බැවිනි. මෙම නව සොයා ගැනීම මල් සහ කෘමීන්ගේ පරිණාමය තේරුම් ගැනීම කෙරෙහි බලපෑම් ඇති විය හැකි බව පර්යේක්ෂකයෝ පෙන්නවා දුන්හ. මෙම නවතම අධ්‍යනය ඊශ්‍රායලයේ ටෙල් අවීව් සරසවියේ පර්යේෂකයින් පිරිසක් විසින් මෙම පර්යේෂණය සිදු කරන ලදී.

 


ශාක ආලෝකයට ප්‍රතිචාර දක්වන්නේ කෙසේද? ස්පර්ශයට සංවේදී වන්නේ කෙසේද? ආග්‍රහණයට සංවේදී වන්නේ කෙසේද? යන්න මෑතකාලීන අධ්‍යනයකදී පර්යේෂණයකට ලක්කර තබේ. එහිදී ඔවුන් සෑම ශබ්ද සංඛ්‍යාත පරීක්ෂණ කණ්ඩායමකම කම්පන බලපෑම් පරීක්ෂා කිරීම සඳහා, උපාධිධාරී සිසුවෙකු වූ හඩානි සහ ඇගේ සම කර්තෘ මැරීන් වීට්ස්, ප්‍රිම්රෝස් මල් ලේසර් වයිබ්‍රෝමීටරය නම් යන්ත්‍රයක් යට තබා විනාඩි චලනයන් මැන බලයි. ඉන්පසු කණ්ඩායම මල් කම්පන සෑම ශබ්ද ප්‍රතිකාරයකින්ම සංසන්දනය කළේය.

 


මෙම පර්යේෂකයින්ට අනුව ශාකයේ ශ්‍රවණ හැකියාවට බලපාන සාධක මලෙහි හැඩය විකාශනය වීම සදහා බලපෑම් ඇති කරන බවද සොයාගෙන ඇත. එසේම ශාඛ මීමැස්සන්ගේ ගුම් නාදයේ සංඛ්‍යාත මත යැපෙන බව ද, ශාකවලට මිනිසුන්ගේ ශබ්ද වැනි වෙනත් ශබ්ද වලින්ද බලපෑම් ඇති විය හැකි බවද පර්යේෂයේ ප්‍රතිඵල මගින් ප්‍රකාශ කර ඇත. ශාකවලට වෙනත් ශබ්ද වලින් ඇති වන බලපෑම නිසා මල් සහ මීමැස්සන් අතර පවත්නා සන්නිවේදනයට හානි පැමිණවිය හැකි බව ද පර්යේෂණ වාර්තාවේ සඳහන් වේ. එසේම, මෙම හැකියාව මගින් පැණි නිෂ්පාදනය හා පරාගණයෙන් ඔබ්බට වෙනත් වාසි ලබාදේ. ශාක භක්ෂකයන් තම අසල්වැසියන්ට ලඟා වනවිට සමහර විට ශාක එකිනෙකා දැනුවත් කරන බව පර්‍යේෂකයන් පවසයි. එසේත් නැතිනම් එම ශාකයේ බීජ විසුරුවා හැරීමට සම්බන්ධ වන සතුන් ආකර්ෂණය කරවන ශබ්ද ජනනය කිරීමට ඔවුන්ට හැකිය. මෙය සොබාදහමේ විශ්මය එළිදක්වන බවට සිදුකළ තවත් අපූරු පර්‍යේෂණයක ප්‍රතිපලයි.

 

 

 

 

 

 

 

 

by Dilki Shamani

Photo source : Internet

views

866 Views

Comments

arrow-up