Rolls-Royce මෝටර් රථ කුණු ඉවත් කිරීමට භාවිතා කළ රජතුමා
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUL
22

Rolls-Royce මෝටර් රථ කුණු ඉවත් කිරීමට භාවිතා කළ රජතුමා

Rolls-Royce මෝටර් රථ කුණු ඉවත් කිරීමට භාවිතා කළ රජතුමා

ජයසිංග් ප්‍රභාත් නම් ඉන්දියානු රජෙකු 1920 දී ලන්ඩන් නගරයේ සංචාරයක නිරත විය. එහිදී ඔහු ලන්ඩන් නගරයට ගිය පසු රජතුමෙකු අඳින පළඳින ආකාරයේ ඇඳුම් නොමැතිව සාමාන්‍ය පුද්ගලයෙකු ලෙස හැඳ පැළඳ ගෙන ලන්ඩන් නගරය වටා සංචාරය කර ඇත. මෙසේ යන අතරමගදී ඔහුට සුප්‍රසිද්ධ රෝල්ස් රොයිස් ( Rolls-Royce) ආයතනයේ ප්‍රදර්ශනාගාරය හමුවී ඇත. ඔහු එම ප්‍රදර්ශනාගාරය වෙත ගොස් එහි තිබූ වාහන වල මිල ගණන් කෙසේදැයි විමසා ඇති අතර එහි වැඩ කරන සේවකයන් ඔහු සාමාන්‍ය පුද්ගලයෙකු යැයි සිතා ඔහුව ගණන් නොගෙන සිට ඇත. නැවත වරක් විමසූ විට සේවකයන් පවසා ඇත්තේ සාමාන්‍ය පුද්ගලයෙකුට මෙවැනි මිල අධික මෝටර් රථ මිලදී ගත නොහැකි බවත්,එම නිසා ඔහුට ගැලපෙන ආකාරයේ මෝටර් රථයක් වෙනත් ප්‍රදර්ශනාගාරයකින් ගන්නා ලෙසත්ය.

 


ඉන්පසු ඔහු නැවතී සිටි හෝටලයට පැමිණ රජු අඳින පළඳින ඇඳුම් ආදියෙන් සැරසී,ඉන්දියානු රජු එංගලන්තයට පැමිණ ඇති බවත් ඔහු රෝල්ස් රොයිස් ආයතනයේ ප්‍රදර්ශනාගාරයට පැමිණෙන බව නිල වශයෙන් දන්වා යවා ඇත. දැන්වු පරිදි රජු ප්‍රදර්ශනාගාරයට ගොස් ඇත. එහිදී සේවකයන් ඔහුව මහත් හරසරින් පිළිගෙන ඇත. රජු එහි ගිය ද එහි සිටි සේවකයන්ට පෙර පැමිණි පුද්ගලයා හා රජු එකම පුද්ගලයා යැයි හඳුනා ගැනීමට නොහැකි වී ඇත. ඉන් පසු රජු එහි තිබූ මෝටර් රථ හයක් මිලදී ගෙන ඇත.

 


පසුව ඔහු ඉන්දියාවට පැමිණ එම මෝටර් රථ ඉන්දියාවේ දිල්ලි නගරයේ ඇති කුණු ඉවත් කිරීමේ කටයුතු සඳහා භාවිතා කරන ලෙස සේවකයන්ට පවසා ඇත. ඒ අනුව එම මෝටර් රථ සුලු වෙනස්කම් වලට ලක් කර ඉන්දියාවේ මාර්ග වල කුණු ඉවත් කිරීමේ කාර්යයන් වලට භාවිතා කර ඇත. මෙම සිදුවීම එංගලන්තයේ Rolls-Royce ආයතනයට ආරංචි වී ඇති අතර එම ආයතනය විසින් සිදු කළ කරුණු සොයා බැලීමේදී ඔවුන් පෙර සිදුවීම දැනගෙන ඇති අතර ඉන්පසු රජු වෙත ඒ වෙනුවෙන් සමාව ගෙන ලිපියක් එවා ඇත. ඒ සිදුවීමට සමාව වශයෙන් තවත් මෝටර් රථ හයක් රජුට නොමිලේ ලබාදීමට ආයතනය එකඟ වී ඇත. එයට පිළිතුරු සැපයූ රජු පවසා ඇත්තේ Rolls-Royce ආයතනයේ වාහන 600 ක් මිලදී ගැනීමට තරම් වත්කමක් තමන් සතුව ඇති බවත්,ඔවුන්ගේ වාහන 6 තමන්ට අවශ්‍ය නැති බවත් ප්‍රදර්ශනාගාරයේ සේවය කරන සේවකයන්ට පාරිභෝගිකයන් සමග කටයුතු කරන ආකාරය උගන්වන ලෙසත්ය.

 

 

 

 

 

 

 

by Gihan Hapuhetti

Photo source : Internet

views

823 Views

Comments

arrow-up