Google හා Reliance Industries ඉන්දියාවේදී එක්වෙයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUL
22

Google හා Reliance Industries ඉන්දියාවේදී එක්වෙයි

Google හා Reliance Industries ඉන්දියාවේදී එක්වෙයි

ආසියාවේ ධනවත්ම මිනිසා Silicon valley හි තවත් දැවැන්ත ආයෝජනයක් සිදුකරන්නේ ඉන්දියාවේ සිය තාක්ෂණික අධිරාජ්‍ය වර්ධනය කරමින්. Google විසින් ඉන්දියාවේ පුළුල් සමාගම් සමූහයක් වන reliance industries හි ඩිජිටල් තාක්ෂණ අංශය වන මුකේෂ් අම්බානිගේ Jio Platform වෙත ඩොලර් බිලියන 4.5 ක් සපයා තිබේ. එමගින් ගූගල් සමාගමට එහි 7.7%ක කොටසක් හිමි වන බව පසුගිය බදාදා නිවේදනය කළා. මෙම ආයෝජනයට ඇතුලත් වීම නිසා ස්මාර්ට් ජංගම දුරකථන ඒකාබද්ධව සංවර්ධනය කරමින් සමස්ත ඉන්දියාව පුරාම ඩිජිටල්කරණයේ ප්‍රතිලාභ පුළුල් කිරීම අපේක්ෂා කරනවා. මෙම ගනුදෙනුවේ වටිනාකම ඩොලර් බිලියන පනස් අටක් පමණ වෙනවා.

මිලියන 388 වැඩි ග්‍රහකයන් සංඛ්‍යාවක් ඉන්දියාවේ විශාලතම ජංගම දුරකථන ජාලය Jio platform වෙත ඇතුළත් වී තිබෙනවා. ස්මාට්ෆෝන් භාවිතා කරන්නන්ට අන්තර්ජාලය හරහා සාප්පු සවාරියේ සිට ගෙවීම් කිරීම සහ වීඩියෝ ප්‍රවාහා දක්වා සෑම දෙයක්ම ලබා දෙන යෙදවුම් Jio platform සතුව තිබෙනවා. Google ප්‍රධාන විධායක සුන්දර් පිච්චයි ඩොලර් බිලියන දහයක් ඉන්දියාවේ ආයෝජනය කිරීමට සැලසුම් කර ඇති බව ද නිවේදනය කිරීමෙන් දින දෙකකට පසුව බදාදා මෙම නිවේදනය නිකුත් කර තිබෙනවා. ගූගල් සමාගම Jio platform සඳහා කරන ආයෝජනය එම එකතුවෙන් කොටසක්ද යන්න හරියටම පැහැදිළි නොවූ නමුත් Silicon valley සමාගම මේ සතිය මුලදී කියා සිටියේ තම ආයෝජනය සඳහා ඉදිරි වසර 5 සිට 7 දක්වා කාලය තුළ කොටස් ආයෝජන හවුල්කාරීත්වය සහ යටිතල පහසුකම් පුළුල් කිරීමට අපේක්ෂා කරන බවයි. ඉන්දියාව ලොව වේගයෙන්ම වර්ධනය වන අන්තර්ජාල වෙළඳපළ වන අතර මිලියන 700 ට ආසන්න අන්තර්ජාල භාවිතා කරන්නන් සිටින අතර තවත් විශාල පිරිසක් පළමු වරට අන්තර්ජාලය වෙත පැමිණීමට අපේක්ෂාවෙන් සිටිනවා.

 


ගූගල් සහ ෆේස්බුක් පමණක් නොව අන්තර්ජාල හරහා මුදල් උපයා ගැනීමට කටයුතු කරන amazon, Netflix වැනි ආයතන වෙතින්ද පසුගිය වසර 15 තුළ ඉන්දියාවේ ඩොලර් බිලියන ගණනක ආයෝජන ආකර්ෂණය කර තිබෙනවා. අන්තර්ජාලය හරහා වැඩි පාලනයක් ඇති කිරීමට රජය ගත් උත්සාහයන් මෙන්ම් ඉන්දියාවේ ආර්ථික පසුබෑම මෑතකදී රතු කොඩි ඔසවා තිබියදීත් මෙවැනි ක්ෂේත්‍ර ඔස්සේ වර්ධනය සඳහා තවමත් විශාල ඉඩකඩක් පවතින බව විශ්ලේෂකයන් පෙන්වා දෙනවා. අම්බානිගේ අරමුදල් සැපයීම් හා ගූගල් හි සැලසුම් සමඟ පෙනී යන්නේ ආයෝජකයන් ඊටත් වඩා කැපවීමට සූදානම් බවයි. ඉන්දියාවේ ස්මාට්ෆෝන් වෙළඳපලේ චීන ආධිපත්‍ය දරන අතර තාක්ෂණය දැවැන්තයින් වන අලි බබා සහ Tencent රටේ සමහර වටිනා ආරම්භක ව්‍යාපාර වල ප්‍රධාන ආයෝජකයන් වෙනවා. එහෙත් ඉන්දියාව සහ චීනය අතර පවතින මත ගැටුම් ඉහළ යාමත් සමග පසුගිය මාසයේ සිට Tiktok ඇතුළු චීන යෙදවුම් කීපයක් තහනම් කිරීම දෙරට අතර ආයෝජන වල යම් වෙනසක් ඇති කිරීමට හේතු විය හැක.

 

 

 

 

 

 

 

 

 

by Dilki Shamani

source : edition.cnn.com

views

569 Views

Comments

arrow-up