Apple කොපි කරන Samsung - charger එකත් නැතිවෙයි

නවතම Apple iphone 12 ස්මාට් ෆෝන් බොක්ස් එකේ ඊට අදාල චාජර් එකක් ඇතුලත්කර නොමැති බව මෑතකදී වාර්තා වුණා. ඒ අනුව ඇපල් නිෂ්පාදන ආයතන විසින් සිය ස්මාට් ෆෝන් නිෂ්පාදන සමඟ ඇතුලත් කර තිබූ චාජර් ඇතුළත් නොකිරීමට ගත් පියවර Samsung ආයතනයද අනුගමනය කිරීමට ගන්නා උත්සාහයක් පිළිබඳ වාර්තා වෙනවා. අනාවරණය වන තොරතුරුවලට අනුව පැවසෙන්නේ Samsung ආයතනය විසින් ලබන වසරේ සිට මෙම කාර්යය ඉටු කිරීමට අපේක්ෂා කරන බවයි. ඉතින් මේ ආකාරයෙන් පෙනී යන්නේ ඊළඟ galaxy flash ස්මාට් දුරකථනයේ බොක්ස් එකත් සමහරවිට ඊටම වෙන්වූ චාජර් එකක් නොමැතිව නිකුත් විය හැකි බවයි. කෙසේ වෙතත් මේ වාර්තාවල පළවන ආකාරයට මේ වෙනස සිදුවන්නේ ලබන වසරේ සිටයි. ඒ නිසා දැන් පවති දුරකථනය මාදිලි වලට මින් බලපෑමක් ඇති නොවේ.
මෙලෙස චාජර් එක device box එකෙන් ඉවත් කිරීමට ගනු ලබන පියවර ගැන හේතු දක්වමින් Samsung ආයතනය ප්‍රකාශ කර ඇත්තේ ද Apple ආයතනයට සමාන පිළිතුරක්. ඔවුන් ප්‍රකාශ කරන්නේ වාර්ෂිකව විශාල උපාංග ප්‍රමාණයක් නිෂ්පාදනය කිරීම හේතුවෙන් මේ විදියට චාජර් එක device box එකෙන් ඉවත් කිරීමෙන් විශාල මුදලක් ඉතිරි කර ගැනීමට හැකි වන බවයි. ඒ වගේම මේ නිසා ආයතනයට හැකියාව ලැබෙනවා ඔවුන්ට අවශ්‍ය තරඟකාරී මිලගනන් අදාල උපාංගය වෙත නියම කරන්න. ආයතනය electronic waste ගැන උනන්දු වීම නිසාත් මේ තුළින් ඔවුන්ට එය අවම කරගැනීමට හැකියාව ලැබෙනවා. මේ ආකාරයට වාසි රැසක් මෙම සමාගම වෙත චාජර් device box සමඟ නිකුත් නොකිරීම නිසා ලබා ගත හැකි වෙනවා.
නමුත් පැහැදිලිවම Samsung ආයතනය විසින් නිෂ්පාදනය කරන fast charger, wireless charger නිෂ්පාදනය හා අලෙවිය දිගටම සිදු වන අතර එය මේ හා සම්බන්ධතාවයක් සිදුවන්නේ නෑ. වෙනස වන්නේ දුරකථනය සමග ලැබෙන චාජරය ඔබට අහිමි වීම පමණයි. නමුත් ඉතින් අද වන විට හැම device එකේ USB connectors තිබෙන නිසා බොහෝ පාරිභෝගිකයන් charges පාවිච්චි කරනවා. මේ නිසා චාජර් එකක් ෆෝන් එකේ box එක්ක ආවෙ නෑ කියන එක සම්බන්ධයෙන් ඒවා චාජ් කිරිමට ගැටලුවක් ඇතිවන්නේ නැහැ. ඒ නිසා මෙම තීරණය සමඟ සැසඳීමේදී ඔබට අදාල උපාංගයේ මිල යම් අඩුවීමට ලක්වීම ඊට වඩා වාසි සහගත විය හැකී. අනෙක් පැත්තෙන් බැලූ විට මෙමගින් පරිසරයට සිදුවන හානිය අවම යැයි සැලකිය හැකි වෙනවා.
source : sammobile.com
644 Views
Comments