මාරාන්තික පිළිකාවට හතු වලින් විසඳුමක්

පිළිකා රෝගය කියන විට බොහෝ දෙනෙක්ගේ සිතට ඇතිවන්නේ ඉමහත් බියක්. මක්නිසාද වෛද්‍ය විද්‍යාව කෙතරම් දියුණු වුවත් පිළිකාව නිට්ටාවටම සුව කිරීමට තවමත් කිසිදු බෙහෙතක් සොයා ගැනීමට නොහැකි වී ඇති බැවිනි. නමුත් පිළිකා රෝගීන්ගේ සිතට සහනයක් ගෙන දෙමින් ආචාර්ය දිලූෂා ප්‍රනාන්දු මහත්මිය විසින් පිළිකා නාශකයක් සොයාගන්නා ලදී. කවුද මේ දිලූෂා ප්‍රනාන්දු. අපි අද ඒ ගැන කතා කරමු.
මහරගම පිලිකා රෝහල අපේක්ශා රෝහල බවට පත්වන්නේ පිළිකා රෝගයෙන් පීඩා විඳින සහ ජීවිතයෙන් සමුගන්නට සිදුවන ආදරණීයයන් උදෙසා ජීවත් වීමට අපේක්ෂාවක් එක් කරමින්ය. ඇත්තෙන්ම අද වන විට පිළිකා රෝගය පිළිලයක් වෙමින් පවතී. එම පිලිලයෙන් දුක්විඳින්නේ රෝගියා පමණක් නොව ඔහුගේ හෝ ඇයගේ සියලුම ආදරණීයයන්ය. ප්‍රති පිළිකා සංයෝගයක් සොයා ගනිමින් එයට පිළිතුරක් සපයන්නට ආචාර්ය දිලූෂා ප්‍රනාන්දු සමත් වී ඇති බව සතුටුදායක කරුණකි. ඇය විශ්වවිද්‍යාල කථිකාචාර්යවරියක් වශයෙන් සේවය කරන අතර මේ වන විට ආචාර්ය උපාධි පර්යේෂණ කටයුතු වල නියැලෙමින් සිටින්නීය. ඇත්තෙන්ම මෙම ප්‍රති පිළිකා සංයෝගය ඇය විසින් වසර ගණනාවක් මුළුල්ලේ සිදුකළ පර්යේෂණ ගණනාවක ප්‍රතිඵලයකි. ඇය පදිංචි වී සිටින්නේ පානදුර ප්‍රදේශයේ මහ බෙල්ලන නම් ගමේය. උසස් පෙළ දක්වාම ශ්‍රී සුමංගල බාලිකා විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබූ ඇය ඉගෙනීමට බෙහෙවින් දක්ෂ සිසුවියක් වූවාය. ඇගේ මව අනුලා ප්රනාන්දු වන අතර ඇයද ශ්‍රී සුමංගල බාලිකා විද්‍යාලයේ ගණිත ගුරුවරයෙක් වශයෙන් සේවය කළා ය. පියා මොරිස් ප්‍රනාන්දු වන අතර හු කාර්මික සංවර්ධන මණ්ඩලයේ විධායක ශ්‍රේණියේ ඉහළ නිලයක් දැරූ පුද්ගලයෙකි. මෙම පවුලේ පවතින සුවිශේෂීත්වය නම් පවුලේ දරුවන් තිදෙනාම කොළඹ විශ්ව විද්‍යාලයෙන් ආචාර්ය උපාධි, පශ්චාත් උපාධි සහ වෛද්‍ය උපාධි ලබාගෙන තිබීමයි. ඇගේ ආදරණීය සැමියා කණිෂ්ක සේනාතිලක නම් ආචාර්ය උපාධිධාරියෙකි. ඔහුද කොළඹ විශ්වවිද්‍යාලයේ කථිකාචාර්යවරයෙකි. මෙම ප්‍රති පිළිකා සංයෝගය පිළිබඳ ව්‍යාපෘතිය ඇයට ලැබෙන්නේ ඇයගේ ආචාර්ය උපාධිය පර්යේෂණ ව්‍යාපෘතිය වශයෙනි. මහාචාර්ය රවීන් විජේසුන්දර මහතා විසින් මෙම ව්‍යාපෘතිය ඇයට බාර දෙන ලද අතර හතු උපයෝගී කරගෙන පිළිකා සඳහා එහි පවතින ඖෂධීය ගුණ පිළිබඳව ඇය විසින් හඳුනා ගන්නා ලදී. ඇය විසින් වියළි කලාපයේ හටගන්නා හතු විශේෂයක් මෙම පර්යේෂණය සඳහා යොදා ගන්නා ලද අතර ඇයට ඇතිවූ අභියෝගයක් වන්නේ එම හතු විශේෂය සොයා ගැනීමයි. හතු කිලෝග්‍රෑම් එකකින් ප්‍රති පිළිකා කාරක සංයෝග මිලි ග්‍රෑම් 5ක් ලබා ගත හැකි බවට ඇය විසින් සොයා ගන්නා ලදී. මෙම පර්යේෂණය ඇය විසින් තනිවම කරන ලද්දක් නොවන අතර ඒ සඳහා කිහිප දෙනෙකුගේම දායකත්වය ඇයට ලැබුණි. මහාචාර්ය රවී විජේසුන්දර, මහාචාර්ය ප්‍රීති සොයිසා, මහාචාර්ය dilip de silva, ආචාර්ය chandrika nanayakkara සහ පාකිස්තාන කරච්චි හි HEJ research institute හි ආචාර්ය අධිකාරි යන ආචාර්ය වරුන්ගේ සහය ලබාගන්නා ලදී. පර්යේෂණ කටයුතු සිදුකරන ලද්දේ කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ සහ විද්‍යාපීඨය තුළයි. තවද ප්‍රති පිළිකා ගුණය සඳහා පේටන්ට් බලපත්‍රයක්ද ලබාගෙන ඇත. ඇයගේ මෙම පර්යේෂණය නිසාවෙන් කොළඹ විශ්වවිද්‍යාලයට ප්‍රථම වරට US පේටන්ට් බලපත්‍රයක් හිමිකර දෙන්නට ද සමත් විය.
මෙම සංයෝගයෙන් ng මට්ටමින් තමයි පිළිකා සෛල වලට ක්‍රියාකාරී වන්නේ. සාකෝමා සහ අක්මා පිළිකාවලට මෙම සංයෝගයෙන් ක්‍රියාකාරීත්වය වැඩිය. පිළිකා කාරක විනාශ කිරීමට සහ මැරීමට මෙම ප්‍රති පිළිකා සංයෝගයට හැකියාවක් තිබෙන අතර මෙම සංයෝගයෙන් සාමාන්‍ය සෛල වලට විෂ බව අඩුයි. එය පර්යේෂණ වලින්ම සනාථ කොට තිබේ. මෙම සංයෝගය පිළිකා රෝගය සඳහා ඖෂධයක් ලෙසට වර්ධනය කරගැනීමට තවත් කාලයක් ගතවනු ඇතැයි ඇය විසින් විශ්වාස කරයි. මක්නිසාද ශ්‍රී ලංකාව වැනි රටක එම පර්යේෂණ සඳහා ලබාදෙන ප්‍රතිපාදන ප්‍රමාණය අඩු බැවිනි. තවද inovative researcher of the year in biotechnology 2019 වර්ෂය සඳහා ජාත්‍යන්තර සම්මානය ද ඇය විසින් දිනාගන්නා ලදී. ඇත්තෙන්ම මෙවැනි දිරිය දියණියන් රටට ආඩම්බරයකි. අවශ්‍ය වන්නේ හැකි පමණ එවැනි දිරිය දියණියන්ට අවශ්‍ය සහයෝගය ලබාදීමයි. එවිට නුදුරු අනාගතයේදී දහස් ගණනක් පිළිකා රෝගීන් සුවකර ගැනීමට ශ්‍රී ලංකාවට හැකිවනු ඇත.
by Sachini Sooriyaarachchi
Photo Source: Internet
649 Views
Comments