මාර්කට් යන්න කදිම බෑග් එකක්
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUN
02

මාර්කට් යන්න කදිම බෑග් එකක්

මාර්කට් යන්න කදිම බෑග් එකක්

වර්තමානයේ බොහෝමයක් කාන්තාවන් සති මැදදී හෝ සති අන්තයේ දී වෙළඳ පොලට යාමට අමතක කරන්නේ නැහැ. වෙළෙඳ පොළට යන විට බෑගයක් රැගෙන යාම අනිවාර්ය කටයුත්තකි. ඔබට අවශ්‍ය බෑගයක් වෙළඳපොළෙන් මිලදී ගන්නවාට වඩා ඔබටම ඔබ ගෙනෙන බඩු වල ප්‍රමාණයට සරිලන බෑගයක් නිවසේදීම මසා ගැනීමට හැකියාවක් පවතිනවා නම් එය කෙතරම් වටිනවාද. එවැනි අලංකාර බෑගයක් මසා ගන්නා ආකාරය පිළිබඳව පහතින් දැනුවත් වෙමු.

බෑගය මසා ගැනීම සඳහා අවශ්‍ය ද්‍රව්‍ය-

කැම්බ්‍රෙල්ලා හෝ වෙනත් රෙදි වර්ගයක්
ගැළපෙන වර්ණයෙන් නූල්

පතරම සකස් කරගන්නා ආකාරය-


සියලුම කොටස්වල මිමි අඟල් වලින් ලබාගත යුතුයි. උස අඟල් තිස් දෙකක් සහ පළල අඟල් විස්සක් වන ලෙස රෙදි කොටසක් කපා ගන්න. ඝනකමින් අඩු රෙදි වර්ගයක් නම් lining කොටසක් එම ප්‍රමාණයටම කපාගන්න. lining කොටස රෙද්දේ කණපිටට තබා ඇල්පෙනිති කීපයක් ගසා ගන්න. වෙනත් පැහැයකින් රෙදි කොටස් දෙකක් අඟල් 8*20 ප්‍රමාණයෙන් කපාගන්න. පටි දෙකක් අඟල් 4*24 ප්‍රමාණයට කපා ගන්න.

 

 



මසාගන්නා ආකාරය-


පළමුව රෙදි කොටස ගෙන ලයිනින් තබා ගන්නවා නම් එය කණපිට පැත්තට තබා අඟල් භාගයක් ප්‍රමාණයට වටේටම මසාගන්න. පසුව එහි පළල පැත්ත වන අඟල් 20 පළල පැත්තේ හරි මැද ලකුණු කරගන්න. මැද සිට දෙපසට අඟල් 4 බැගින් ලකුණු කරන්න. මේ ආකාරයටම යට පැත්තත් ලකුණු කර ගත යුතුයි. අගල් 4*24 කොටස handel පටියට ගන්න. මෙම පටිය අඟල් එකට නමා මසා ගත යුතුයි. දෙපසේ ලකුණු කර ඇති අඟල් හතර මැදට කර පටිය තබා මසාගන්න. පසුව 8*20 රෙදි කොටසක් ගෙන එය අඟල් 8 පැත්ත උස දෙකට නමා ගන්න. මෙම රෙදි කොටස අඟල් භාගයට මසාගන්න. හොඳ පිට පැත්තෙන් මැහුම් දමාගන්න. එම ආකාරයටම යට පැත්ත ද මසා ගත යුතුයි. handel පටියටත් කොටු ආකාරයට මැහුමක් දමාගන්න. එවිට තවත් එම පටිය ශක්තිමත් වේ. පසුව බෑගයේ උඩ නමා දෙපස අඟල් භාගයට මසාගන්න. අඩිය මසා ගැනීමේදී අඩියේ නැම්ම රේඛාව ලකුණු කරගන්න. එම නැම්මත් අංශයත් එකට සිටින සේ තබා ගන්න. මුල්ලේ සිට අඟල් තුනක් පමණ ඉහලට ලකුණුකර හරස් අතට මසා ගත යුතුයි. එම ආකාරයටම අනිත් මුල්ලත් වසාගන්න. අඩියෙ ත්‍රිකෝණාකාර කොටස අංශයට තබා කුඩා මැහුමක් දමාගන්න. දැන් බෑගය හොඳ පිට හරවා ගන්න.

වෙළඳ පොලෙන් මිලදී ගන්නා සිලි කවර වලින් ඔබගේ නිවස පුරවා ගන්නවාට වඩා, දිගු කාලයක් භාවිතා කළ හැකි මෙවැනි රෙදි බෑගයක් මසා ගැනීමට ඔබත් අදම උත්සාහ ගන්න. එය ඔබ ඔබට මෙන්ම ඔබ අවට පරිසරයටද ඉටු කරනු ලබන මහඟු සේවාවකි.

 

 

by Sachini Sooriyaarachchi 

Photo Source: Internet

views

690 Views

Comments

arrow-up