අක්ෂි බැංකුවෙන් ඇස් ලබා ගන්නේ කොහොමද

කොළඹ ජාතික රෝහලේ සහ කළුබෝවිල ශික්ෂණ රෝහල මියගිය පුද්ගලයන්ගේ අක්ෂි ලබාගෙන බද්ධ කරන වැඩ කටයුතු ආරම්භ කර තිබෙනවා. මෙම රෝහලේදී මියගිය රෝගීන්ගේ ළඟම ඥාතීන්ගේ කැමැත්ත මත හෝ මියයාමට පෙර ඇස් දන්දීමට කැමැත්ත සදහන් කර ඇත්නම් එම අක්ෂි රෝහලට ඇස් පරිත්‍යාග කළ හැකියි. ලංකාවේ ඇති ඇස් බැංකුව ලෝකයේ ඇති නවීනතම ඇස් බැංකුවක්. මෙහිදී කරන්නේ ඇස් අන්ධ භාවයට පත් වූවන්ට අක්ෂි බද්ධ කිරීමයි.
එය සුද ඉවත් කිරීම වැනි පුංචි සැත්කමක් නොවෙයි. ඇසේ සුද තිබෙන විට කරන්නේ කාචයක් බද්ධ කිරීමයි. එය කුඩා සැත්කමක්. එහෙත් කුණිත බද්ධ කිරීම කියන්නේ විශාල සැත්කමක්. හදිසි අනතුරකින් ඇස් දෙකට සිදුවන ආපදා මගින් කුණිත විනාශවී අන්ධ වෙන්න පුළුවන්. ඊට අමතරව විෂබීජ යාමෙන් යම් රසායනයක් ඇසට ගිය පසු හෝ උපතින්ම ඇස් වල කුනීතයේ විනාශවී යනවා.
මේ සැත්කම කිරීමට ලොකු කුඩා භේදයක් නැහැ. ඕනෑම වයසක කෙනෙකුට සිදු කළ හැකියි. අපේ රටේ ඕනෑම රජයේ රෝහලක සායනයකින් අක්ෂි කුනීතයේ ලබා දිය යුතු යැයි තීරණය කළ රෝගියෙකුට බද්ධ කිරීමට අවශ්‍ය අක්ෂි කුණිත මෙම බැංකුව ලබා දෙනවා. මේ සඳහා බද්ධ කිරීම ඉල්ලුම් කරන රෝහලේ අක්ෂි වෛද්‍යවරයා විසින් රෝගියාගේ අවශ්‍යතාවය සඳහන් ලිපියක් ලියමු කළ යුතු වෙනවා.
ඇස් පෙනීම දුර්වල පුද්ගලයන්ට ඇස් බද්ධ කිරීමක් කළ නොහැකි බව වෛද්‍යවරුන් පවසනවා. ඇසේ වපර ඇති අයටත් මෙම රෝහලේ වෙනමම ඒකකයක් පිහිටා තියෙනවා. එවැනි අයගේ පෙනුම කෙසේද යම් රෝගී තත්ත්වයක් තිබේද යන්න මෙම ඒකකයකට පැමිණීමෙන් පරික්ෂා කර ගැනීමට හැකියාව තියෙනවා. අක්ෂි රෝහලේ දිනපතා අවශ්‍ය රෝගීන්ට ලේසර් ප්‍රතිකාර කරන වෙනම ඒකකයක් පිහිටා තිබෙනවා. එහිදී දිනකට රෝගීන් තිහකට පමණ ලේසර ප්‍රතිකාර සිදු කරනු ලබනවා. මෙම රෝහලේ කුඩා දරුවන්ගේ දුර පෙනීම පරීක්ෂා කරන වෙනම ඒකකයක් පිහිටුවා තියෙනවා.
මියගිය රෝගීන්ගේ අක්ෂි ලබා ගැනීමට පෙර රුධිර පරීක්ෂාවක් කර සියලු රෝග තත්වයන් ගැන සලකා බලනවා. එසේම ඇසේ සුද සදහා සැත්කම් කර මිය ගිය අයෙකුගෙන් වුණත් අවශ්‍ය නම් කුනීතයක් ලබා ගන්න පුළුවන්. බෝවන රෝගයකින් මියගිය අයෙකුගේ ඇස් ලබා ගන්නේ නැහැ. ඒ වගේම විශේෂ අවදානම් රෝගයකින් පෙලී මිය ගිය අයගෙන් අක්ෂි ලබා ගන්නෙත් නැහැ. අපේ රටේ වයස අවුරුදු දෙකේ තුනේ සිට වැඩිහිටි විය දක්වා කුණිත අන්ධභාවයෙන් පෙළෙන අයට එක ඇසකින් හෝ පෙනුම ලබාදීමට හැකි නම් එය මහඟු පුණ්‍යකර්මයක්. එහෙත් රෝගීන්ගේ ඉල්ලීම මත ඇස් දෙකේම පෙනීම ලබාගත හැකියි. මෙම පුණ්‍යකර්මය මියගිය ඥාතියෙකු වෙනුවෙන් කළ හැකි උතුම් පින්කමක් වෙනවා.
by Dilki Shamani
Photo Source: Internet
1896 Views
Comments