ඔබේ සුරතලාටත් ඇතැම් ආහාර ඇලජිද?

යම් යම් ආසාත්මිකතා ආසාත්මිකතා ඇති වන්නේ මිනිසුන්ට පමණක් නොවෙයි.ඇතැම් අවස්ථාවන් වලදී සුරතල් සතුන්ට ලබා දෙන ආහාර ඔවුන්ට ආසාත්මිකතා ඇති කරන්න පුළුවන්. බොහෝ වෙලාවට මෙම ආසාත්මිකතා ඇතිවූ සුරතල් සතුන් නිතර අසාමාන්‍ය ලෙස සම කැසීම ඔවුන්ගේ සම රතු පැහැ වීම ඒ වගේම පාචනය වැනි රෝගී තත්ත්වයන් ඇති කරන්න පුළුවන්. සතුන් වෙත ලබා දෙන ආහාර තුළ අඩංගු ප්‍රෝටීන් හෝ මස් ප්‍රභවයන් බොහෝ විට ඔවුන්ට ආසාත්මිකතා ඇති කරනවා. රසායනික ද්‍රව්‍ය කල් තබා ගන්නා ද්‍රව්‍ය වර්ණක හා රසකාරක සාමාන්‍යයෙන් සතුන්ට අසාත්මිකතා ඇති කරන්නේ නැහැ. මෑතකදී සිදුකරන ලද පරීක්ෂණයන්ගෙන් අනාවරණය කර ගත් පරිදි සුනඛයන් සහ බළලුන් වෙත ආසාත්මිකතා ඇති කරන ප්‍රධාන ආහාර වර්ග කිහිපයක් තිබෙනවා.
හරක් මස් ඉන් එක් ප්‍රධාන ආහාරයක්. බළලුන් 18% ක් සහ බල්ලන් 34% දෙනෙකුටම අහිතකර ආහාර ප්‍රතික්‍රියා වලට හේතුව වී ඇත්තේ හරක් මස් බව සොයා ගෙන තියෙනවා.
ලැක්ටෝස් ජීරණය කිරීමේ ගැටලුව බොහෝ සුනඛයන්ට හා බළලුන්ට තිබෙන නිසා කිරි නිෂ්පාදන ඇතැම්විට එම සතුන්ට ආසාත්මිකතා ඇති කරනවා.
සතුන් නිතරම ආහාරයට ගන්න පොදු ප්‍රෝටීන් ප්‍රභවයක් වන්නේ කුකුළු මස්. නමුත් සුනඛයන්ගෙන් 15% සහ බළලුන්ගෙන් සිට 5% තුළ මේ ආහාරයට ගන්නා කුකුලු මස් ආසාත්මිකතා ඇති කරන බව ඔබ දන්නවාද?
නමුත් මේ ආහාර සෑම සුරතල් සතෙකුටම එකසේ ආසාත්මික වනවා යැයි කිව නොහැකියි. මෙලෙස යම් ආසාදනයක් ඇති වූ විට ආසාදනයට හේතු ආහාරය සොයා ගැනීමට සාමාන්‍යයෙන් ක්‍රම දෙකක් භාවිතා කරනවා. ඉන් පළමුවැන්න වන්නේ සම සහ රුධිර ආසාත්මිකතා පරීක්ෂණයකින් පසුව වෛද්‍යවරයාගේ මතය විමසා සිටීම. දෙවැනි ක්‍රමය වන්නේ සුරතලාට ලබා දෙන ආහාර වර්ග වෙනස් කරමින් ආසාත්මිකතාවේ ගුණ අගුණ බව නිර්ණය කරමින් ආසාදනයට හේතු ආහාර වර්ගය සොයා ගැනීම. මින් දෙවැනි ක්‍රමය වඩාත් සාර්ථක උපක්‍රමයක් ලෙස දැක්විය හැකියි.
මෙලෙස සුරතලාට ආසාත්මිකතාවය වීමට බලපෑ ප්‍රෝටීන් වර්ගය හඳුනා ගැනීමෙන් පසුව ඒවා අඩංගු කෘතිම හුරතල් ආහාර එම සතාට ලබාදීමෙන් වැළකිය යුතු වෙනවා. ඔබේ සුරතලාත් ආහාර ගැනීමෙන් පසු නිතර සම කැසීම සමේ පැල්ලම් ඇති වීම හෝ පාචනය වැනි රෝග ලක්ෂණ තිබේ නම් එය ඔහුට ලබා දෙන ආහාර වල ආසාත්මිකතාවක් විය හැකි. මේ අවස්ථාවකදී කලබලයට පත් නොවී සතාට ලබාදුන් ආහාරය පිළිබඳ දැනුවත් භාවයකින් වහාම පශු වෛද්‍ය වරයෙකු හමුවන්න
by Dilki Shamani
Photo Source: Internet
671 Views
Comments