අලුත් බිස්නස් එකට ණයක් ගන්න හොඳම වෙලාව

තමන්ටම කියලා ව්‍යාපාරයක් ආරම්භ කිරීම බොහෝදෙනෙකුගේ සිතේ පවතින සුන්දර සිහිනයක්. නමුත් වර්තමානය වන විට එවැනි තමාගේම ව්‍යාපාරයක් අඛණ්ඩව පවත්වාගෙන යන පිරිස කෙතරම් සුළු ප්‍රමාණයක්ද. මුලින් ව්‍යාපාරය හොඳින් ආරම්භ කළ ද කල්යත්ම විවිධ වූ හේතුන් මුල්කරගෙන ව්‍යාපාරය නවතා දැමීමට බොහෝ දෙනකුට සිදුවී තිබේ.
අද වන විට බොහෝ දෙනෙක් ජීවත් වන්නේ ආර්ථික අතින් ඉතාමත් පහළ මට්ටමකයි. නිවසේ සැමියා උපයන මුදලින් පමණක් මුළු පවුලකම අවශ්‍යතා වුවමනා සපුරා ගැනීමට අද වන විට නොහැකියාවක් පවතී. එමි නිසා පවුලේ ආර්ථිකය ශක්තිමත් කර ගැනීම සඳහා බිරිඳ විසින්ද යම් යම් දේ කළ යුතුව තිබේ. බිරිඳක් පවුල වෙනුවෙන් කැප කිරීම් බොහොමයක් කරන බව නොරහසකි. බිරිඳක් සතු ශක්තිය සහ දරාගැනීම තුළ හොඳ ව්‍යාපාරයක් ගොඩ නැගීමට හැකියාවක් ඇත. ඇතැම්විට බොහෝ පුද්ගලයන් තමාගේ ස්වයං රැකියාව ආරම්භ කරන අවස්ථාවේදීම ණය මුදල් ලබා ගන්නා අතර වයාපාරයට අවශ්‍ය ගොඩනැගිලි ආදිය පමණක් ගොඩ නංවා ගනිමින් ව්‍යාපාරය පවත්වාගෙන යාමට අර මුදල් නොමැතිව බලා සිටීමක් දැකගත හැකිවේ. එසේම ඇතැම් අයට තමා ලබාගත් ණය මුදල් සඳහා වාරිකය පවා ගෙවා ගැනීමට නොහැකි වී තිබේ. මෙහිදී විශේෂයෙන්ම අවධාරණය කළ යුත්තේ ඕනෑම අයෙකු තමන්ගේ ආර්ථික හැකියාවෙ මට්ටමට අනුව පමණක් ව්‍යාපාරික සිහිනයක් දැකිය යුතුයි යන්නයි. අපට ඇති හැකි පමණින් අප විසින් ව්‍යාපාරයට අත ගැසිය යුතුයි. ඔබ ඇඳුම් මසන කාන්තාවක් නම් ඒ සඳහා මුලින්ම වෙනම ස්ථානයක් සපයා ගැනීම අවශ්‍යයි. ව්‍යාපාරය ටිකෙන් ටික දියුණු වෙද්දී ණයක් අරන් එය ස්ථාවර ගොඩනැගිල්ලකට රැගෙන යන්න පුළුවන්. එමනිසාවෙන් ව්‍යාපාරයක් ආරම්භ කිරීමේදී දහසක් දේ ඔබේ සිතට පැමිණියද අවශ්‍යම දේ වෙනුවෙන් පමණක් මුදල් ආයෝජනය කළ හැකි සැලැස්මක් ඔබ විසින්ම සකස් කර ගතයුතු වේ. ණය මුදලක් ලබාගැනීමට ප්‍රථමයෙන් මේ දේවල් ගැන අවධානය දීම අවශ්‍ය වේ. ඔබ විසින් ණය මුදලක් ලබාගත යුත්තේ ව්‍යාපාරය ආරම්භයේදී නොව එය ස්ථාවර වී දියුණුවෙමින් යන අතරවාරයේදී ය. තවද ඔබ ණය මුදලක් ලබා ගන්නා ආකාරය සහ නැවත එය ගෙවන ආකාරය පිළිබඳව ද තීරණයකට එළඹීම ඉතාමත් වැදගත්. තමාගේ හිතවතෙකුගේ ණයක් ලබා ගන්නවාද, බැංකු ණයක් ලබා ගන්නවාද, පොලියට ගන්නවාද යන්න ඔබ විසින්ම තීරණය කළ යුතුයි. ණය මුදල බැංකුවකින් ලබා ගන්නේ නම් ඊට අදාළ වාරිකය ගෙවීමට ඔබගේ ව්‍යාපාරයේ ලාභය ප්‍රමාණවත් ද නැද්ද යන්නත් තීරණය කළ යුතුයි.
එවැනි කරුණු පිළිබඳව සැලකිල්ලක් නොදක්වමින් එම මොහොතේ අවශ්‍යතාවය වෙනුවෙන් මුදල් ණයට ලබා ගැනීමෙන් ඔබ ණය ගොඩක සිරවිය හැකියි. ඔබ විසින් ඔබගේ ව්‍යාපාරය වෙනුවෙන් ණය මුදලක් ලබාගත යුත්තේ හදවතින් සිතා නොව බුද්ධියෙන් සිතා බව මතක තබාගන්න. එමෙන්ම ඔබ ලබාගත් ණය මුදල වියදම් කරන ආකාරය ද ඉතාමත් වැදගත්. අවශ්‍යම දේ සඳහා පමණක් වියදම් කිරීම ඔබගේ ව්‍යාපාරයේ අඛණ්ඩ පැවැත්මට හේතුවනු ඇත. තවද ඔබ විසින් අවබෝධ කර ගත යුතු වැදගත්ම කාරණාවකි ඔබ සහ ව්‍යාපාරය යනු දෙකක් බව. ඔබ විසින් ව්‍යාපාරයෙන් ලබන ලාභය ඔබගේ පෞද්ගලික වැඩ කටයුතු උදෙසා යෙදෙව්වොත් එය ඔබට ව්‍යාපාරය පැත්තෙන් බලන විට ව්‍යාපාරික අලාභයක් වන්නට පුළුවනි. ව්‍යාපාරය ඔබගේ වන නමුත් ඔබට අවශ්‍ය අවශ්‍ය වේලාවට මුදල් ලබාගැනීම නොකළ යුතුයි. මෙහිදී ඔබට මසකට ස්ථාවර මුදල් ප්‍රමාණයක් ඒ වෙනුවෙන් වෙන්කර ගැනීමට හැකියාවක් පවතී. එවිට ඔබේ ව්‍යාපාරයේ ආයුෂ වර්ධනය වනු ඇත.
ව්‍යාපාරික ණයක් ලබා ගැනීමේදී ඉතාමත් බුද්ධිමත් විය යුතු බව දැන් ඔබට වැටහෙනවා ඇති. කිසිදු සැලැස්මක් නොමැතිව ලබාගන්නා ණය ගඟට කැපූ ඉනි මෙනි. එවිට ඔබට සිදුවන්නේ ලෝකයටම ණයකාරයෙක් වීමට මිසක ව්‍යාපාරිකයෙක් වීමට නම් නොවෙයි.
by Sachini Sooriyaarachchi
Photo Source: Internet
690 Views
Comments