හරියට එළවළු තෝරන්න ඔබ දන්නවාද

නැවුම් එළවළු පලතුරු මිලදී ගන්න මේ දවස් වල කවුරුත් උත්සාහ කරනවා. එළවළු පලතුරු තෝරා ගත්තාම වැඩි කාලයක් නැවුම්ව පවත්වාගෙන යන්න හොඳම තත්වයේ එළවළු මිලදී ගන්නා අවශ්‍ය වෙනවා. ඒනිසා වෙළෙඳපොළට යන්න කලින් මේ ගැන දැනුවත් වෙලා එළවළු තෝරන්න යන්න.
දුටු පමණින් නැවුම්ව පේන එළවළු හැම එකක්ම හොඳ තත්වයේ නැහැ. මොකද පලුදු උණු පාරවල් සහිත කැපුම් සහිත එළවළු වර්ග ඒ අතර තියෙන්න පුළුවන්. ඒවා ඉක්මනින් නරක් වෙන්න බලනවා. මේ නිසා ඒවා මිලදී ගැනීමෙන් වැළකිය යුතුයි.
මතක තබා ගත යුතු වැදගත්ම කාරණය නම් සාමාන්‍යයෙන් එළවළු සතියකට වඩා වැඩි කාලයක් පාවිච්චි කරන හොඳ නෑ. අනවශ්‍ය ලෙස මාස ගණන් අවශ්‍ය වෙන එළවළු එකවර මිලදී ගන්න එපා. එතකොට එහි තියෙන නැවුම් බව වගේම පෝෂණ ගුණයත් හානි වෙනවා.
ගොඩක් දෙනෙක් මේ දවස් වල දේශීය ආහාර වර්ග වලට හුරුවෙලා තියෙන නිසා වට්ටක්කා වලට වැඩි ඉල්ලුමක් තියෙනවා. වට්ටක්කා මිලදී ගන්න යනවනම් වට්ටක්කා පොඩි ගෙඩියක් පිටින්ම ගන්නවා නම් වට්ටක්කා ගෙඩියේ නැට්ටෙන් එහි නැවුම් බව බලාගන්න පුළුවන්. එහි නැට්ට ගැලවිලා තියෙනවා නම් ගොඩක් වෙලාවට ඒ ගෙඩිය ඇතුලෙ නරක් වෙලා තියෙනවා. කෑලි වශයෙන් මිලදී ගන්න වට්ටක්කා නම් බැලූ බැල්මට බැල්මටම කියන්න පුලුවන් ඒවා නරක් වෙලාද නැද්ද කියලා. හොඳ රස වට්ටක්කා තද තැඹිලි පැහැයෙන් යුක්ත පිටි ගතිය වැඩියි පෙනුමක් ගෙන දෙනවා.
ඒ වගේම කාලෙකට විතරක් තියෙන රසවත් එළවළුවක් තමයි මල්ගෝවා කියන්නේ. ආසාවෙන් මිලදී ගත්තත් සමහර වෙලාවල් වලට එහි මැද නරක් වෙලා තියෙන්න පුළුවන්. මල් ගෝවා මිලදී ගන්න විට සැලකිලිමත් වෙන්න. එහි මල විසිරිලා නම් ඒක පරණ ගෝවා මලක්. ගෝවා මල් ඇකිලුනු ස්වභාවයෙන් තියෙන්නේ නැවුම් ගෝවා මල් වල. එහි යට පැත්තේ නටුව කලු වෙලානම් නැත්නම් එබෙන ගතියෙන් යුක්ත නම් ගෝවා මල මැද නරක් වෙලා. ඒ වගේ ගෝවා මල් මිලදී ගන්න යන්න එපා.
කරවිල කියන්නේ බොහොම හොඳ ගුණ කෑමක්.හොඳ තත්වයේ කරවිල ගෙඩියක් හොයා ගන්න හැම වෙලාවෙම ලපටි කරවිල තෝරා ගන්න බලන්න. ඒවා තිත්ත ගතියෙන් අඩුයි. ඒ වගේම කරවිල ගිඩියේ නැට්ට පැත්තේ ඉදන් කහ පැහැයට එනවනම් ඒ ගෙඩිය ඉදීගෙන එනවා. තැනින් තැන කළු පොඩි පැල්ලම් තියෙනවා නම් ඒවා ගොඩක් පරණ කරවිල. හොඳ කරවිල වල රැලි ගතිය අඩුයි.
එළවළු මිලදී ගනිද්දී මේ වගේ දේවල් ගැන දැනුවත් වෙලා මිලදී ගන්න ගියොත් ඔබේ අතේ ඇති මුදලට හොඳ තත්වයේ එළවළු ගොඩක් මිලදී ගන්න හැකියාව ලැබේවි.
by Dilki Shamani
Photo Source: Internet
738 Views
Comments