ලංකාවෙන් අඟහරුට යානයක්
For Sri Lankan's Overseas
Latest_News
calendar
OCT
25

ලංකාවෙන් අඟහරුට යානයක්

ලංකාවෙන් අඟහරුට යානයක්

මෑත කාලීනව ශ්‍රී ලංකාව තාක්ෂණික ක්ෂේත්‍රයේ විශිෂ්ට නිර්මාණ බිහිකිරීමට සමත් විය. ඒ අනුව වේගා මොටර් රථය, රාවණා 1 කියුබ් සැට් සැටලයිටය කක්ෂ ගත කිරීම වැනි ව්‍යාපෘති තුළින් අපේ රට ලෝකය හමුවේ ගෞරවයට පත‍්‍ර වී ඇත. මේ එවැනි තවත් උත්සාහයක් පිළිබඳ සටහනක්.

ශ‍්‍රී ලංකා ඉතිහාසයේ මුල්වරට අඟහරු වෙත යැවීම සඳහා ”තැප්‍රොබේන්” රෝවර් යානය පෙරටු කරගත් SEDS Sri Lanka නම් ලංකීය විශ්වවිද්‍යාල සිසුන්ගෙන් සැදුම්ලත් අභ්‍යාවකාශ ගවේෂණ හා පර්යේෂණ ආයතනය සූදානම් වේ. මෙම සුවිශේෂී රෝවර් යානා ව්‍යාපෘතිය අදියර කිහිපයකින් ඉටු කිරීමට SEDS Sri Lanka සංවිධානය සැළසුම සකසා ඇති අතර එහි එක් එක් කොටස් නිර්මාණය කිරීම සඳහා රජයේ මෙන්ම පුද්ගලික විශ්වවිද්‍යාලවල සිසුන්ගේ දායකත්වය ලබාගෙන තිබේ. රෝවර් යානයක් යනු වෙනත් ග‍්‍රහලොවක හෝ ආකාශ වස්තූන්ගේ මතුපිට පෘෂ්ඨය හරහා යමින් එම ග‍්‍රහලොව ගවේෂණය කරන උපකරණයකි.

 


සන්නිවේදනය හා රෝවර් යානයේ බඳ කොටස නිර්මාණය කිරීමේ වගකීම පේරාදෙණිය විශ්ව විද්‍යාලයෙන් ද, අඟහරු ග‍්‍රහයාගේ මතුපිට පෘෂ්ඨය විදීමෙන් එහි පස් සාම්පල් එකතු කොට පර්යේෂණය කිරීමේ යාන්ත‍්‍රණය (Drilling Mechanism) ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලය හා රුහුණු විශ්වවිද්‍යාලයන් ගෙන් ද, රෝවර් යානයේ රෝබෝ අත නිර්මාණය කිරීම, මෘදුකාංග නිර්මාණය සහ ඉලෙක්ට්‍රොනික උපාංග නිර්මාණය මොරටුව විශ්වවිද්‍යාලය මගින් ද නිර්මාණ කටයුතු සිදු කරන ලදී. නාසා ආයතනය මගින් අඟහරු වෙත දියත් කෙරූ රෝවර් යානා මෙන්ම සියලූම තාක්ෂණික උපාංගවලින් මෙම රෝවර් යානය බලගැන්වේ. ඔවුන් මෙම යානය දකුණු ආසියානු අඟහරු ගවේශණ රෝවර් යානා තරගයට ද (South Asia Mars Society Rover Challenge) ඉදිරිපත් කළ අතර ඉදිරියේ දී ඇමරිකාවේ පැවැත්වීමට නියමිත ලොව විශාලම රෝවර් යානා නිෂ්පාදන තරගාවලිය වන විශ්වවිද්‍යාල රෝවර් තරගාවලියටද (University Rover Challenge) ”තැප්‍රොබෙන්” රෝවර් යානය ඉදිරිපත් කිරීමට එහි නිෂ්පාදන කණ්ඩායම බලාපොරොත්තුවෙන් සිටී.

 


නිෂ්පාදක කණ්ඩායම පවසන්නේ මෙම රෝවර් යානයේ අඩුපාඩු සහිත කොටස් සෑදූ පසු විශාල වියදමක් ඉදිරියේදී වැය නොවන බවත් මේ සඳහා අනුග‍්‍රහයක් ලැබුණහොත් ඉදිරියේ දී විශිෂ්ට නිර්මාණයක් ලෙස ”තැප්‍රොබේන්” රෝවර් යානාය සම්පූර්ණයෙන්ම නිම කිරීමට හැකියාවක් පවතින බවත්ය. එමෙන්ම SEDS Sri Lanka සංවිධානය මගින් ඉදිරියේදී ශ‍්‍රී ලංකාවේ පළමු වතාවට පෘථිවියේ ඉහළ වායුගෝලයට බැලූනයක් දියත් කිරීම මගින් ලොව ඉහළම රටවල් චන්ද්‍රිකා තාක්ෂණය ඔස්සේ ලබා ගන්නා පෘථිවි ඡායාරූපවලට සමාන ඡායාරූප හා අභ්‍යාවකාශ ක්ෂේත‍්‍රයට සම්බන්ධ බොහෝ ප‍්‍රයෝජන ඉතාමත් අඩු වියදමකින් ලබාගැනීමට සූදානමින් සිටී. ඒ අනුව නුදුරේදීම ලංකාවෙන් අඟහරු වෙත යවන යානාවන් පිළිබඳ බලාපොරොත්තු තබාගත හැකිවනු ඇත.

 

 

 

 

 

 

 

by Dilki Shamani

Photo source : Internet

views

841 Views

Comments

arrow-up