ජම්බෝ ජෙට් වෙනුවට එන ෆ්ලයිං-V

ගුවන්යානා තාක්ෂණය දිනෙන් දින දියුණු වෙමින් පවතිනවා. මෙතෙක් කලක් අහස ජයගත් ජම්බෝ-ජෙට් යානා වෙනුවට අනාගත දුර ගමන් සඳහා ගුවන් සේවා ප්‍රමුඛයා බවට පත්වන්නට යන්නේ අමුතු හැඩැති යානයක් බවයි වාර්තා වන්නේ. එය විශාල ඉංග්‍රීසි V අකුරක හැඩය දරන නිසාම ෆ්ලයිං V ලෙස නම් ලබා ඇති මේ ගුවන් යෝධයාගේ මුල්ම පර්යේෂණ ගමන ඉකුත්දා ජර්මනියේ ආරක්ෂිත ගුවන් කඳවුරකදී සිදුවිය.
නෙදර්ලන්තයේ ඩෙල්ෆ්ට් තාක්ෂණික සරසවියේ නිර්මාණ සංකල්පයකට අනුව ලෝ ප්‍රකට KLM ආයතනයේ මූල්‍ය දායකත්වයෙන් බිහිවූ මේ යානයේ මංගල පර් යේෂණ ගමන යම්තාක් දුරකට සාර්ථක වූ බව නිෂ්පාදකයන් කියා තිබේ. යානයේ සුවිශේෂත්වය වන්නේ විශාල තටු යුවලයි. විශාල තටු යුවල වෙනත් යානාවල බඳෙන් සිදු කරන සියලුම රාජකාරි සිදු කරයි. මගී ආසන මැදිරි, භාණ්ඩ ගබඩා මෙන්ම ඉන්ධන ටැංකිද ඇත්තේ මේ විශාල තටු තුළයි. මෙහි පියසර හැකියාව ගුවන් පියසර තාක්ෂණය අතින් ඉතා ඉහළය. වඩාත්ම වැදගත් කාරණය මෙහි ඇති ඉන්ධන අරපිරිමැස්මේ හැකියාවයි. විශේෂඥයන් පෙන්වා දෙන්නේ මෙම නව සැකැස්ම නිසා සාමාන්‍යයෙන් දැනට භාවිත A350 ජෙට්ලයිනර් යානයකට වඩා ගුවන් යානයේ ඉන්ධන කාර්යක්ෂමතාවය 20% කින් පමණ ඉහළ යන බවයි.
සාමාන්‍ය ජෙට් යානයකට වඩා සියයට 15ක් ගුවනේ පියාසරණයට අවශ්‍ය භෞතික ගුණාංග සපුරා ඇත. මගී පන්ති දෙකකට අයත් ආසන වෙන්කර ඇත. සාමාන්‍යයෙන් මේ විශාල තටු තුළ එකවර මගීන් 314ක් ගෙන යන්නට මේ අලුත් යානය සමත්ය. විශාල තටු නිසා යානය ගුවන්ගත කිරීමේදී සහ ගොඩබෑමේදී අපහසුතාවන්ට මුහුණ දීමට සිදුවිය හැකි බවට මෙම වැඩසටහනට නායකත්වය දුන් ඩෙල්ෆ්ට් තාක්‍ෂණ විශ්ව විද්‍යාලයේ අභ්‍යවකාශ ඉංජිනේරු පීඨයේ සහකාර මහාචාර්ය රෝලොෆ් වොස් පැවසීය. නමුත් සිය ප්‍රථම මගීන් සහ නියමුවන් රහිත ගුවන් පර්යේෂණ සැරිය සාර්ථකව නිම කරන්නට මේ අනාගත යෝධ කුරුල්ලා සමත්ව තිබේ.
පරීක්ෂණ ගුවන් යානයෙන් ලබාගත් දත්ත ගුවන් යානයේ වායුගතික ආකෘතියක් සඳහා භාවිතා කිරීමට විශේෂඥයන් සැලසුම් කර ඇති අතර, අනාගත පරීක්ෂණ සඳහා එය පියාසර සිමියුලේටරයක වැඩසටහන්ගත කිරීමට සහ ගුවන් ගමන් වැඩි දියුණු කිරීමට ඉඩ සලසයි. කණ්ඩායම විසින් ආකෘතිය පිළිබඳව වැඩි පරීක්ෂණ පවත්වනු ඇති අතර, භූමිතෙල් වෙනුවට දියර හයිඩ්‍රජන් රැගෙන යාම සඳහා සැලසුම මඟින් ඉඩ ලබා දී ඇති හෙයින්, ෆ්ලයිං-V හි තිරසාර ප්‍රචාලනයක් ලබා දීමට බලාපොරොත්තු වේ.
by Dilki Shamani
Photo source : Internet
732 Views
Comments