High waist Ruffle trouser එකක් ගෙදරදීම මසමු

හැඩැති සිරුරක් සහිත යුවතියන්ට ගැලපෙන අලංකාර high waist Ruffle trouser එකක් ගෙදරදීම මසාගන්නා ආකාරය පිළිබඳව පහතින් දැනුවත් වෙමු. බලන්න එය කෙතරම් හැඩකාර නිර්මාණයක් ද කියලා.
කලිසම සඳහා තරමක් ඝනකම තනි පාට රෙද්දක් තෝරා ගැනීම වඩාත් යෝග්‍යයි. 60 පළල රෙදි යාර එකක් ගන්න. ඉන්පසු කලිසම සඳහා අවශ්‍ය මිමි ලබාගන්න.
මිමි -
ඉණ අඟල් විසි අටයි
උකුල අඟල් තිස් අටයි
ගෝල්පිය අඟල් දහඅටයි
(මෙහිදී සාමාන්‍ය ශරීර ප්‍රමාණයේ යුවතියක් සඳහා අඟල් දහයක් ප්‍රමාණවත්)
රෙද්ද ගෙන ඉරට වාටි දෙක එකට සිටින ලෙස නවාගන්න. ඉරට වාටියෙ ඉහළ සිට පහළට ගෝල්පිය +1=10+1+11 ලකුණු කර ඉහල සිට පහලට උස +1=20+1+21 ලකුණු කරගන්න. එම ලක්ෂය හරහා රේඛාවක් ඇඳ ඉරට වාටියෙ සිට අඟලක් ගෙන ගෝල්පියෙ උස සමඟ යා කර ගන්න. අගල ලකුණු කළ තැන සිට හරහාට ඉන +4+2=28+4+2 මිම්ම ලකුණු කරගන්න. එතැන් සිට පිටපැත්ත හැඩවෙන ලෙස ගෝල්පිය රේඛාව හමුවන තෙක් රේඛාවක් ඇඳගන්න. එතැන් සිට එළියට අඟල් දෙකක් දෙන ගෝල්පිය හැඩ කරන්න. ගෝල්පිය හැඩ කළ තැන සිට කෙලින් පහළට තිතක් තබා එතැන් සිට ඇතුලට අඟලක් ගෙන හැඩ කරගන්න. පහල ඉරට වාටියේ සිට ඇතුලට අඟලක් ගෙන ගෝල්පියෙ උස සමඟ යා කරගන්න. වාටියද අඟල් දෙකක් තබා ගන්න.
පොකට් එක සඳහා හරහාට අඟල් එකහමාරක් ද පහළට අඟල් හතක් ද ගෙන පොකට් එක හැඩ කරගන්න. වටේ කපා ගන්න. කැපූ පෙර පලුව තබා පසු පලුවද කපා ගන්න. පොකට් එක සඳහා අඟල් 12ක් පමණ උස අඟල් 12 ක් පළල රෙදි කැබැල්ලක් කපාගන්න. කලිසමේ හොඳ පිටට රෙදි කැබැල්ලේ හොඳපිට ගෑවෙන ලෙස තබන්න. කණපිට පොකට් එකේ හැඩය දිගේ මසන්න. මැසූ පසු මැසූ තැනට මැහුම් වාසි තබා කපන්න. කැපුම් දමා කනපිට පැත්තට හරවා එම රෙදි කොටස දෙකට නවන්න.
පෙර පලු දෙක එකට තබා මසාගන්න. පසු පලු දෙක එකට තබා පසු මැදින් එම හැඩයට මසන්න. අංශ දෙක මූට්ටු කරගන්න. පලු දෙක එකට ගෙන මැද මූට්ටු කරගන්න. මංගල අටක් පමණ පළල කලිසමේ ඉණ වටා ප්‍රමාණයට දිග රෙදි පටියක් ගෙන දෙකට නවා ඉනට අල්ලාගන්න. පටිය ඉහළ සිට අඟල් එකහමාරක් පහලින් මැහුමක් ගසාගන්න. එතැන් සිට පහලින් සිදුරක් තබා ඉලාස්ටික් කැබැල්ලක් ඇතුල් කරගන්න.
අඟල් එකයි කාලක් පළල ඉනට වඩා අඟල් දෙකක් අඩු ඉලාස්ටික් කැබැල්ලක් 28-2=26
අඟල් 4 ක් පමණ ඉන මෙන් දෙගුණයක් දිග රෙදි පටියක් මසා ඉනේ පටිය විවරකර රෙදි පටිය රිංගවා බෝ එකක් ගැට ගසා ගන්න.
by Sachini Sooriyaarachchi
Photo Source: Internet
785 Views
Comments