කොරෝනා නිසා නොසෙලුනු තාක්ෂණික දැවැන්තයන්
For Sri Lankan's Overseas
Latest_News
calendar
OCT
19

කොරෝනා නිසා නොසෙලුනු තාක්ෂණික දැවැන්තයන්

කොරෝනා නිසා නොසෙලුනු තාක්ෂණික දැවැන්තයන්

කොරෝනා වෛරස් අර්බුදය ලොව පුරා පුළුල් ආර්ථික පසුබෑමක් ඇති කළ හැකි නමුත් ලෝකයේ විශාලතම තාක්ෂණික සමාගම් දියුණු වෙමින් පවතින බව වාර්තා වෙනවා. ජුනි මාසයෙන් අවසන් වූ මාස තුන තුළදී ඇමේසන් අලෙවිය 40% කින් ඉහළ ගිය අතර ඇපල් සිය අයිෆෝන් සහ අනෙකුත් දෘඩාංග මිලදී ගැනීම් ඉහළ ගොස් තිබේ. ෆේස්බුක් හි, වට්ස්ඇප් සහ ඉන්ස්ටග්‍රෑම් ඇතුළු එහි platform වල සිටින පුද්ගලයින්ගේ සංඛ්‍යාව 15% කින් ඉහළ ගොස් තිබේ.

පසුගිය බදාදා වොෂිංටන්හි පැවති නඩු විභාගයකදී නීති සම්පාදකයින් සමාගම්වල ප්‍රතිවාදීන් මැඩපැවැත්වීම සඳහා ඔවුන්ගේ ආධිපත්‍යය අනිසි ලෙස භාවිතා කරන්නේද යන්න පිළිබඳව දැඩි අවධානයට ලක්වූ අතර, ඔවුන්ගේ ධනය සහ තවත් බොහෝ සමාගම් අතර ඇති තියුණු වෙනස මෙහිදී සැලකිල්ලට ගත්හ. වසංගතය අන්තර්ජාල ක්‍රියාකාරකම් හරහා පෙරටත් වඩා ඉහළ ගොස් ඇති බැවින් ඔවුන්ගේ ස්ථාවරය වඩාත් ශක්තිමත් වනු ඇතැයි මෙම කමිටුවට නායකත්වය දෙන ඩිමොක්‍රටික් මන්ත්‍රී කොන්ග්‍රස් සභික ඩේවිඩ් සිසිලින් පැවසීය.

ඇමේසන් හි 1994 දී සමාගම ආරම්භ කළ දින සිට වෛරස ව්‍යාපෘතිය සිදුවූ කාර්තුවේ ඩොලර් බිලියන 5.2 ක කාර්තුමය ලාභයක් වාර්තා වූ අතර වෛරසය හේතුවෙන් ආරක්ෂක ආම්පන්න සහ වෙනත් ක්‍රියාමාර්ග සඳහා විශාල මුදලක් වැය කර තිබියදීත් මෙය වාර්තා වී තිබේ. එසේම ජුනි 30 වනදායින් අවසන් වූ මාස තුන තුළදී ඊ-වාණිජ්‍යය සමාගමේ විකුණුම් 40% කින් ඉහළ ගොස් ඩොලර් බිලියන 88.9 ක් දක්වා වර්ධනය වී තිබේ. 2019 වසරේ එම කාලය සඳහා ලාභය බිලියන 2.6 සිට ඩොලර් බිලියන 5.2 දක්වා ඉහළ ගියේය.

 


ඇමසන් විසින් මෙම කාර්තුවේදී පුද්ගලයින් 175,000 ක් පමණ බඳවා ගෙන ඇති අතර අඛණ්ඩ වර්ධනයක් අපේක්ෂා කරමින් එහි ගබඩා අවකාශය පුළුල් කිරීමට කටයුතු කරමින් සිටී. මේ අතර ඇපල් සමාගම පැවසුවේ කාර්තුමය ආදායම වසරින් වසර 11% කින් ඩොලර් බිලියන 59.7 ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි. දුරස්ථ වැඩ සහ පාසල් කටයුතු ඔන්ලයින් ක්‍රමය වෙත මාරුවීම නිසා මැක්ස් සහ අයිපෑඩ් වැනි නව උපාංග සඳහා ඉල්ලුම වැඩි කිරීමට උපකාරී වූ අතර ඉන් ඉහළ ලාභ ලබාතිබේ. එම ලාභය ඩොලර් බිලියන 11.25 ක් වූ අතර එය වසරකට පෙර එම කාලය තුළ ඩොලර් බිලියන 10 ක් විය.

ෆේස්බුක් හි ආදායමද 11% කින් ඉහළ ගොස් ඇත. එය අනෙක් කාර්තු වලට වඩා මන්දගාමී නමුත් කුඩා ව්‍යාපාර දිගටම වෙළඳ දැන්වීම් සඳහා සමාගම වෙත යොමුවීම නිසා විශ්ලේෂකයින්ගේ අපේක්ෂාවන්ට වඩා එය ඉදිරියෙන් සිටියි. සමාගමේ ලාභය කාර්තුව සඳහා ඩොලර් බිලියන 5.2 කට ආසන්න විය.


ඒ අනුව ලොව තාක්ෂණික දැවැන්තයන් වෛරසය හමුවේද නොසැලී සිටින බව පැහැදිලි වේ.

 

 

 

 

 

 

by Dilki Shamani

source: bbc.com

views

648 Views

Comments

arrow-up