ඔබටත් වකුගඩු රෝගයක් වැළඳී ඇත්ද හරියටම දැන ගන්න
For Sri Lankan's Overseas
Latest_News
calendar
AUG
02

ඔබටත් වකුගඩු රෝගයක් වැළඳී ඇත්ද හරියටම දැන ගන්න

ඔබටත් වකුගඩු රෝගයක් වැළඳී ඇත්ද හරියටම දැන ගන්න

වර්තමානයේ උතුරු මැද පළාත් ආශ්රිතව බහුලව ව්යාප්ත වී පවතින වකුගඩු රෝගය මිනිස් ජන ජීවිතයට තර්ජනයක් වී පවතිනවා.දැනට එම ප්රදේශ ආශ්රිතව හේතුව හඳුනා නොගත් වකුගඩු රෝගීන් ගණන 20,000 පමණ ප්රමාණයක් සිටින බව වාර්තාවල සඳහන් අතර ඔවුන් ඖෂධ ප්රතිකාර වලට යොමු වී තිබීම නිසාත් නිරන්තර පරීක්ෂණ වලට ලක්කරන බැවිනුත් මෙම රෝගී තත්ත්වය යම් අතකට පාලනය වී ඇති බව සඳහන් වෙනවා. ප්රධාන වශයෙන් ඕනෑම පුද්ගලයකුගේ වකුගඩු වල තත්ත්වය තීරණය කිරීමට මූලික පරීක්ෂණ තුනක් සිදු කිරීමට තිබෙනවා .එ නම් ,

 

1)රුධිර පීඩනය (Blood Pressure ) ලෙස මැනීමේපරීක්ෂණය

 

2)සීරම් ක්රියෙටිනයින් (serum creatinine )පරීක්ෂාව

 

3)ලස්සන පිටවන මුත්රා සාම්පලයක ඒ.සී.ර් (Urine albumin Creatinine Ratio -UACR) පරීක්ෂාව යන පරීක්ෂණ සිදු කරනවා.මෙම පරීක්ෂණ වාර්තා අනුව කරනු ප්රතිකාර කිරීමට පෙර දියවැඩියාව ,අධික රුධිර පීඩනය (Blood Pressure ), කොලෙස්ටරෝල්, මානසික ආතතිය, අධික තරබාරුව ආදී අවදානම් සාධක ඇත්නම් එම සාධක යම් පාලනයකට ගෙන ඒම වැදගත් වෙනවා. සාමාන්යයෙන් වකුගඩු රෝගී තත්ත්වය මට්ටම් පහකින් සමන්විතයි.සාමාන්යයෙන් වකුගඩුවෙ තත්වය මනින GFR ( Glomerular Filltration Rate)මට්ටම අනුව මේ මට්ටම් පහ හදුනා ගන්නට පුළුවන් . පළමුවැනි කණ්ඩායමේ අයවලුන්ගේ වකුගඩුවල ක්රියාකාරීත්වය සාමාන්ය ලෙස ක්රියා කරනවා. නමුත් වෙනත් රෝගයන් (පෙර සදහන් කළ දියවැඩියාව ඇතුළු ) ඇත්දැයි හඳුනා ගැනීම ගැනීම මට්ටමේදී වැදගත් වෙනවා . වකුගඩුවල ක්රියාකාරිත්වය අඩු වෙමින් යන්නේ දෙවැනි මට්ටමේදීයි . තුන්වැනි අදියරේ අයවලුන්ගේ වකුගඩුවල ක්රියාකාරීත්වයට බාධා ඇති වීම හඳුනාගන්න පුළුවන්. මෙහිදී වෙනත් රෝග(පෙර සඳහන් කර දියවැඩියාව ඇතුළු ) වලට ප්රතිකාර කිරීම ආරම්භ කරනු ලබනවා . වකුගඩුවෙ ක්රියාකාරිත්වය මනිනු ලබන GFR (Glomerular Filltration Rate )අගය සිව්වන මට්ටමේදී පහළ බැසීමට ලක් වෙනවා . මෙම අදියරේ සිටින රෝගියකු නම් පස්වෙනි හෙවත් අවසානයේදී සිදු කරන ප්රතිකාර සඳහා සූදානම් කිරීම සිදු කරනවා. පස්වැනි අදියරේදි තමයි වකුගඩුවේ ක්රියාකාරිත්වය අඩාල වන්නේ.මේ අවස්ථාවේ සිටින රෝගියකුට වකුගඩු බද්ධ කිරීමක් හෝ රුධිර කාන්දු පෙරණයකට ලක් කිරීමකට බඳුන් කරනවා .කාන්දුපෙරණ සිදුකරගැනීම යන්ත්රානුසාරයෙන් සිද්ධ කරගැනීමට සිදු වුවත් මේ රෝගියාට පුරුදු පුහුණු කර වූ පසු නිවසේදීම සිදුකර ගැනීමට හැකි . මේ නිසා වකුගඩු අකර්මණ්ය වීමට පත්ව ඇති බව දැනගත් පසු වකුගඩුවලට වන හානිය අවම කර ගැනීම සඳහා ඖෂධ ප්රතිකාර ලබා ගැනීම අනිවාර්යයෙන් සිදුකල යුතු වෙනවා.

 

 

by Dilki Shamani

Photo Source: Internet

views

1207 Views

Comments

arrow-up