සාමුද්‍රික රක්ෂණය පිළිබඳව ඔබ දැනුවත්ද
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUN
23

සාමුද්‍රික රක්ෂණය පිළිබඳව ඔබ දැනුවත්ද

සාමුද්‍රික රක්ෂණය පිළිබඳව ඔබ දැනුවත්ද

සාමුද්‍රික රක්ෂණය යන්නෙන් අදහස් කරන්නේ මුහුදේ දී යම් අනතුරක් සිදු වුවහොත් එම අනතුරේදී රක්ෂිතට සිදුවූ අලාභය ප්‍රතිපූර්ණය කිරීමට රක්ෂක බාර ගැනීමයි. එමනිසා සාමුද්‍රික රක්ෂණය ප්‍රතිපූර්ණ ගිවිසුමක් යැයි කිව හැකිය. විවිධ වර්ගයේ සාමුද්‍රික රක්ෂණ වර්ග කිහිපයක්ම හඳුන්වා දී ඇත.

 

මුහුදු ගමන් සහතික යනුවෙන් සාමුද්‍රික රක්ෂණ වර්ගයක් ඇති අතර එයින් අදහස් වන්නේ රක්ෂණයට භාජනය වන විෂය වස්තුව රක්ෂණ කරන්නේ නිශ්චිත මුහුදු ගමනක් සඳහා බවයි. වාර රක්ෂණය යනුවෙන් අදහස් කරන්නේ නිශ්චිත කාලයකට රක්ෂණය කිරීමේ ගිවිසුමක් හෝ වන අතර මෙහිදී රක්ෂණයේ කාල සීමාව යම් නිශ්චිත කාලයක් වෙනුවෙනි. වටිනාකම් නිශ්චිත සහතික යනු රක්ෂණයට පාත්‍ර වන දෙය සඳහා රක්ෂණයෙන් එකඟ වූ අගය දැක්වීමයි. වටිනාකම නිශ්චය නොකළ සහතික වශයෙන් ද සාමුද්‍රික රක්ෂණයක් පවතී. මෙහිදී විශය වස්තුවේ නිශ්චිත වටිනාකම රක්ෂණය කරනු ලබන අවස්ථාවේදී විනිශ්චය නොකරන අතර රක්ෂණය කළ වටිනාකම සීමාවට යටත්ව විශය වස්තුවේ නිශ්චිත වටිනාකම පසුව තීරණය කිරීමට ඉඩ හැරෙයි. පාවෙන සහතික යනුවෙන් ද සාමූහික රක්ෂණ වර්ගයක් පවතින අතර එමගින් අදහස් වන්නේ නැවේ නම හෝ අනෙකුත් විස්තර සඳහන් නොකර රක්ෂණය සාමාන්‍ය ලෙස විස්තර කිරීමයි. නෙවේ නම හා අනිකුත් ප්‍රකාශනයක් මගින් පසුව නිශ්චය කෙරේ. සාමුද්‍රික රක්ෂණයේදී ප්‍රතිඥාභාර වශයෙන්ද තවත් රක්ෂණ විශේෂයක් පවතී. සමුද්‍රික රක්ෂණ ගිවිසුමක ඇති ප්‍රතිඥාභාර බඩු විකුණන ගිවිසුමක ප්‍රතිඥාභාර වලට වඩා වෙනස් නෛතික බලපෑමක් ඇති කරනු ලබන බව මින් කියැවේ. සමුද්‍රික රක්ෂණයේදී ප්‍රතිඥාභාර වැදගත් වුවත් නොවුවත් එය ඒ ආකාරයෙන් පිළිපැදිය යුතුයි. ප්‍රතිඥාභාරය නොපිළිපැදීමෙ ප්‍රතිඵලය වන්නේ එම ප්‍රතිඥාභාරය කඩ කළ දිනයේ දී රක්ෂක වගකීමෙන් මුදාහැරීමයි. සාමුද්‍රික රක්ෂණයේදී බලපවත්වන ව්‍යංග ප්‍රතිඥාභාර

 


කිහිපයක් පවතී. මුහුදු ගමන ආරම්භයේ දී නෞකාව ප්‍රස්තුත මුහුදු ගමන සඳහා යෝග්‍ය තත්ත්වයේ තිබිය යුතුය. මුහුදු ගමන් රක්ෂණයක දී නම් මුහුදු ගමන අදියරෙන් අදියරට ක්‍රියාත්මක වන අවස්ථාවක නෞකාව ඒ එක් එක් අදියරේ දී මුහුදු ගමන් සඳහා යෝග්‍ය තත්වයේ තිබිය යුතුය. භාණ්ඩ හෝ වෙනත් චංචල දේපළ සඳහා වන මුහුදු ගමන් රක්ෂණයක දී මුහුදු ගමන ආරම්භයේ දී නෞකාව මුහුදු ගමන සඳහා යෝග්‍ය තත්ත්වයේ මෙන්ම රක්ෂණ සහතිකය අදහස් කළ ගමනාන්තය දක්වා භාණ්ඩ ගෙන යාමට යෝග්‍ය තත්වයේ තිබිය යුතුය. නෞකාව වරායේ නවතා තිබෙන විට රක්ෂණයක් ලබා ගත් විට සිදුවිය හැකි හානි වලට මුහුණ දීමට තරම් යෝග්‍ය තත්ත්වයක තිබිය යුතුයි. මුහුදු ගමන නීත්‍යානුකූල වන අතර නීතියට අනුව සිදු කරයි. නෞකාවක් අතුරුදහන්වී සාධාරණ කාලයක් තුළ එම නැව පිළිබඳ කිසිදු තොරතුරක් දැනගන්නට නැත්නම් එය මුළුමනින්ම නැතිවීමක් හැටියට උපකල්පනය කෙරේ.

 

 

by Sachini Sooriyaarachchi

Photo Source: Internet

views

527 Views

Comments

arrow-up