ලෝකෙටම පාපැදි බෙදන තායිවානයේ ජයන්ට්

1972 දී තායිවානයේ, දජියා තායිචන් නගරයේදී තායිවානයේ මේ යෝධයා හෙවත් ජයන්ට් බයිසිකල් සමාගම ස්ථාපිත වූයේ මහා චීනයේ පාපැදි නිෂ්පාදන කර්මාන්තය මෙන්ම යාන්ත්රික නිෂ්පාදනයට ශූරයන් වන ජපානයේ බයිසිකල් සමාගම්ද අභිබවා යමිනි.
පාපැදි නිෂ්පාදන ක්ෂේත්රයේ ආසියානු කලාපයේ රජු ලෙස හැඳින්වෙන්නේ 'කිංග් ලියූ' නම් ජයන්ට් නාමයේ පාපැදි ලොවට හඳුන්වාදුන් පුද්ගලයයි. කිංග් ලියු බයිසිකල් නිෂ්පාදන අංශයේ ව්යවසායකයකු වීමට පෙර ගොවියකු ලෙස කටයුතු කර ඇති අතර ඔවුනගේ ගොවිතැන මහා සුළි කුණාටුවකට අසුවී සම්පූර්ණයෙන්ම විනාශයට පත්විය. නමුත් 1972 දී ජයන්ට් බයිසිකල් නිෂ්පාදන සමාගම ස්ථාපිත කරමින් කිංග් තමාගේ නාමය සැබෑ ලෙස අරුත්බර කරවමින් රජකු ලෙසම නැගීසිටීම ඇරඹීය. ඔවුන්ගේ නිෂ්පාදන වල නිමාව සුමට නොවී රළු බවක් ගත් නිසා 1972 දී බයිසිකල් නිෂ්පාදනයට පිවිසී සිටියද ඔවුනගේ නිෂ්පාදන එතරම් අනගි නිමාවකින් කරළියට ගෙනඒමට නොහැකි විණි. නමුත් ලියු ඊට සාර්ථක පිළියම් සෙවූ නිසා අවසනයේ ජයගත්තේ ජාත්යන්තරව පිළිගත් තත්ත්ව ප්රමිතීන්ට අදාළව නිෂ්පාදන කිරීමට තම සමාගමට පෙළඹවීම් කරමින් තායිවානයේ පාපැදි නිෂ්පාදන කර්මාන්තය නැවත පිළිවෙළකට ව්යුහගත කිරීමට ඔහුට හැකිවිය. අනතුරුව ජයන්ට් නාමය දිනෙන් දින ලෝකය ආක්රමණය කිරීමට පටන් ගත් අතර තම සමාගම බිහිකළ මුල් වසර කීපයේදීම ඔහුට ඔහුගේ ව්යාපාරික සහකරුවා සොයා ගත හැකිවීම ලියූ හට ගෙන දුන්නේ මහත් ශක්තියකි.
ඉංග්රීසි බස හැසිරවීමට ඔහු අදක්ෂයකු වූ නමුත් ඔහුගේ ව්යාපාරික සහකරුවා වූ ‘ලෝ’ සරසවි අධ්යාපනය ලබා සිටි අයෙකු වූ අතර ජයන්ට් නිෂ්පාදන ලෝකය හමුවේ ගෙන යාමට ‘‘ලෝ’’ ගෙනි. සාම්ප්රදායික වානේවලට වඩා බයිසිකල් නිපදවීමේදී සැහැල්ලු කාබන් ෆයිබර් රාමු හඳුන්වාදීම දෙමින්1980 දශකය වන විට තමුන්ගේම ගමනක් ඇරඹීමට ජයන්ට් සමාගමට හැකිවිය. අනතුරුව ඇමරිකාව, ජර්මනිය, බ්රිතාන්ය පමණක් නොව චීනයේද ඔවුනගේ කර්මාන්තශාලා පිහිටුවීම මගින් ඔවුන් පෙන්නුම් කළේ පාපැදි නිෂ්පාදන නාමයේ ඔවුනගේ විශිෂ්ටත්වයයි. තායිවානයට උසස් තත්ත්වයේ පාපැදි නිෂ්පාදන ගොන්නක් ලෝකයට දායාද කරවූ ලියු යනු සෑම විටම කාලයට පෙර සිතන අයෙකි. ලොව පාපැදි නිෂ්පාදන ක්ෂේත්රයේ කිරුළු පළන් අග රජු වන ලියු වරෙක විශ්මිත පුද්ගලයෙකි. ඔහුට වයස අවුරුදු 73 දී ඔහුගේ ජීවිතයේ පළමු වතාවට තායිවානය වටා කිලෝ මීටර් 966 ක් පාපැදියෙන් ගිය ඔහු වයස 75 දී කිලෝමීටර් 1668 ක් බීජං සිට ෂැංහායි දක්වා පාපැදියෙන් ගමන් කර තිබේ. නමුත් ඒ තනිවම නොව සිය කණ්ඩායමක් සමගයි. පාපැදි ලොව රජුගේ මේ පුරෝගාමී උත්සාහය අපි සැවොම අගය කළ යුතුය.
by Dilki Shamani
Photo source : Interent
635 Views
Comments