හැමදාම කෑවත් ඔබ නොදන්නා පරිප්පු වල ගුණ
For Sri Lankan's Overseas
Latest_News
calendar
AUG
02

හැමදාම කෑවත් ඔබ නොදන්නා පරිප්පු වල ගුණ

හැමදාම කෑවත් ඔබ නොදන්නා පරිප්පු වල ගුණ

අද සමාජයේ බහුලවම භාවිතා ධාන්යමය ආහාර වර්ගයක් වශයෙන් පරිප්පු හැඳින්විය හැක.ඕනෑම නිවසක පාහේ තමන්ගේ ආහාර වේලට එක් කර ගන්නා පරිප්පු ප්රෝටීන් අධික ආහාරයකි . පරිප්පු ප්රධාන වශයෙන් ප්රභේද දෙකකි.රතු පරිප්පු (මසුර ) සහ කහ පරිප්පු (මාංගල්) යනුවෙනි.මේ අතරින් රතු පරිප්පු බහුලව ආහාරයට ගන්නා අතර පරිප්පු ඉතා පැරණි යුගයේ සිට භාවිතා වූ බවට සාක්ෂි පවතී. පරිප්පුවල සත්ය නමය නම් මසුරය.ඉන්දියාවේ මයිසූර් වල සිට එවන ලද බැවින් මයිසූර් විය. ඉන්දියාවේ සියලුම ප්රදේශ වල පාහේ පරිප්පු වගා කෙරෙයි. පරිප්පු වල පෝෂණ සංඝටක බොහොමයක් තියෙනවා .

 

පරිප්පු වල පෝෂණ අගය ශක්තිය කැලරි 343 කාබෝහයිඩ්රේට් ග්රෑම් 59 කැල්සියම් මිලිග්රෑම් 69 සින්ක් මිලිග්රෑම් 4.78 පොටෑසියම් මිලිග්රෑම් 955 යකඩ ග්රෑම් 7.5 තයමීන් මයික්රො ග්රෑම් 870 නියසින් මයික්රොග්රෑම් 2605 ප්රෝටීන් මයික්රොග්රෑම් 25.1 මේදය ග්රෑම් 0.7 මැග්නීසියම් මිලිග්රෑම් 122 මැංගනිස් මිලි ග්රෑම් 1.3 පොස්පරස් මිලි ග්රෑම් 451 කැරොටීන් මයික්රො ග්රෑම් 200 රයිබොෆලේවින් මයික්රො ග්රෑම් 200 විටමින් B5 සහ B6 අධිකව අඩංගුය. පරිප්පු වල තන්තු සහ සෙමින් අවශෝෂණය වෙන පිෂ්ටය අතර ඇමයිලෝස් ප්රමාණයද වැඩියි .Lectins සහ saponin යනු පරිප්පු වල අඩංගු සංකීර්ණ කාබෝහයිඩ්රේට් වර්ග දෙකකි. මේවායේ පිළිකා මර්දන හැකියාව බහුලව පවතී .එසේම පරිප්පු වල ප්රතිඔක්සිකාරක ගුණය ඉතා වැඩියි . පරිප්පු වල පවතින ඖෂධීය ගුණ ගැන කතා කලොත්,

 

1)Antioxidant activity :පරිප්පු වල ප්රතිඔක්සිකාරක ගුණය ඉතා වැඩි .මෙයට හේතුව වනුයේ මේවායේ අඩංගු ෆීනෝල්, විටමින් E සහ ෆ්ලෙවනොයිඩ්ය.දොඩම් චෙරි වලට සාපේක්ෂව වැඩි ප්රතිඔක්සිකාරක ගුණය ඇති බව ඇතැම් පරීක්ෂණ පත්රිකා පෙන්වා දෙයි.

 

2)Anticancer activity : මෙයින් පිළිකා වැළැක්වීමේ ගුණය ඇත .පරිප්පු වල අඩංගු Flavonoids,Phenol,Saponin මගින් විශේෂයෙන් ආහාර මාර්ගයේ පිළිකා, පියයුරු පිළිකා ප්රොස්ටේට් ග්රන්තයේ පිළිකා වළක්වයි .

 

3)Antidiabitic activity :පරිප්පු වල දියවැඩියා වැළැක්වීමේ හැකියාව ඇත. මෙයට හේතු වනුයේ පරිප්පු වල ඇති තන්තුය.

 

4)Anticholestarol activity :පරිප්පු රුධිරයේ ඇති LDL කොලෙස්ටරෝල් අඩු කරයි .මෙයට හේතුව වනුයේ Phytosterol ය.

 

 

5)Anaelgesia,Antipyratics activity : පරිප්පු වල වේදනා නාශක ගුණ සහ උණ අඩු කිරීමේ ගුණය ඇත. 6)Cardioprotective activity : මෙමගින් හෘදය වස්තුව ආරක්ෂා කිරීමේ හැකියාව ඇත.

 

7)Hepatoprotective activity :මෙයින් අක්මාව ආරක්ෂා කිරීමේ හැකියාව ඇත. පරිප්පු වල මස් මාළු වලට වඩා වැඩි ප්රෝටීන් ප්රමාණයක් අඩංගුය මේ නිසා අධික ප්රෝටීනය ගුණයක් ඇත. ඇතැම්විට පරිප්පු මලබද්ධය ඇති කරයි .එසේම පරිප්පු ආහාරයට ගැනීමෙන් මුත්රා මුත්රාවල යූරික් ඇසිඩ් ඇතිවීමේ හැකියාව ඇත .වසූරිය පැපොල ආදී ලප කැලැල් මැකීමට පරිප්පු අඹරා මුහුණේ අලේප කිරීමෙන් ලප කැලැල් මැකීමට ද භාවිතා කෙරේ. හන්දිපත් අමාරු ස සුව කිරීමේ ඖෂධයක් ලෙස ද පරිප්පු භාවිතා කෙරේ . නමුත් වර්තමානයේ අපි භාවිතා කරන පරිප්පු , වගාකිරී කිරීමේ දී යොදන කෘෂි රසායන සහ කල් තබා ගැනීමට යොදා ගන්නා රසායන ද්රව්ය නිසා මෙහි පෝෂණ ගුණයට යම්තාක් දුරකට හානි සිදු වී ඇත .නමුත් පරිප්පු වල ඇති බහුල ඖෂධීය ගුණ ගැන ඔබට මෙම ලිපිය තුලින් පැහැදිලි වන්නට ඇත.

 

 

by Dilki Shamani

Photo Source: Internet

views

4070 Views

Comments

arrow-up