ලොව සැඟවුණු ප්‍රසිද්ධ නිධාන

ලෝකය පුරා තවමත් සඟවී ඇති මේ නිධාන ඔබට සොයා ගත හැකි නම් ඔබ එක රැයෙන් කෝටිපතියකු බවට පත් වනු ඇත.
1. ෆොරස්ට් ෆෙන් හි සැඟවුණු නිධානය
1960 ගණන් වල ගුවන් හමුදාවේ ගුවන් නියමුවෙකු වූ ෆෙන් නිතිපතා සිය ගුවන් යානයෙන් පොම්පෙයි වෙත ගමන් කර කෞතුක වස්තූන් සෙවීම ආරම්භ කළා. 1980දී වකුගඩු වල පිළිකා තත්වයක් නිසා රෝගී වූ ෆෙන් සිය කෞතුක වස්තූන් ලොවෙන් සැඟවූ අතර සැඟවූ වස්තූන් සොයා ගන්නා ලෙස අනාවරණය කළා. ඔහු සතු නිධානයේ ඩොලර් මිලියන 1-3 තරම් වටිනා රන් භාණ්ඩ හා වෙනත් වස්තුව ඇති බව සඳහන් වෙනවා.
2. ජින් ලාෆිට්ගේ නිධානය
ජින් ලාෆිට් හා ඔහුගේ සහෝදර පියරේ ප්‍රංශ මුහුදු මංකොල්ලකරුවන් වූ අතර ඔවුන් මෙක්සිකෝ බොක්කෙහි වෙළෙඳ නැව්වලට පහර දෙමින් ධනය රැස්කළා. 1823 සිට 1830 කාලයේදී ලාෆිට් මියගිය පසු ඔහුගේ වස්තුව පිළිබඳ පුරාවෘත්තය මුළු ලුසියානාව පුරාම පැතිර ගියා. නිව් ඔර්ලියන්ස් වෙරළට ඔබ්බෙන් පිහිටි බෝර්ග්න් හි කොහේ හෝ තැනක මේ විශාල නිධානය තැන්පත් කර ඇති බව සදහන් වෙනවා.
3. ඕක් දූපතේ මුදල් වල
නෝවා ස්කොටියා වෙරළට ඔබ්බෙන් පිහිටා ඇති මෙම වල වටා ඇති අබිරහස ඔබව ක්ෂණිකව ධනවතෙකු බවට පත් කළ හැකියි. පුරාවෘත වලට අනුව මෙහි මුහුදු මංකොල්ලකරුවන් විශාල වශයෙන් ගැවසුණු අතර මංකොල්ලකරුවන්ගේ විශාල නිධානයක් මේ ඕක දූපතේ සැඟවී ඇති බව බොහෝ දෙනා විශ්වාස කරනවා. වරක් ජනාධිපති රූස්වෙල්ට් පවා මේ නිධානය සෙවීම ආරම්භ කළ බව වාර්තා වෙනවා.
4. ප්‍රංශයේ සැඟවී ඇති රන් බකමූණා
මැක්ස් වැලන්ටින් යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන පුද්ගලයා 1993 දී ප්‍රංශයේ සිටින සියල්ලන්ම වෘත්තීය නිදන් හොරුන් බවට පත් කරන බව ප්‍රකාශ කළා. ඔහු එසේ පැවසුවේ ප්‍රංශයේ ගම්බද ප්‍රදේශයක රන් බකමූණකු සැඟවීමට තීරණය කිරීමෙන්. එපමණක් නොව ඔහු තවදුරටත් කියා සිටියේ එය සොයාගන්නා ඕනෑම කෙනෙකුට ෆ්‍රෑන්ක් මිලියනයක් ලැබෙනු ඇති බවයි. ඒ අනුව ඔහු බකමූණා සිටින ස්ථාන පිළිබඳ ඉඟි 11ක් ලබා දුන් නමුත් තවමත් එය කිසිවකුට සොයාගත නොහැකිව තිබෙනවා.
5. වර්ජිනියාවේ මොස්බිගේ නිධානය
සිවිල් යුද්ධය අතරතුර කොන්ෆෙඩරේට් කමාන්ඩර් කර්නල් ජෝන් සිංගල්ටන් මොස්බි ඩොලර් 350 000 වටිනා රන් රිදී ඇතුළු බඩු සහිත ගෝනියක් සොයා ගන්නා ලදී. ඔහුට මෙම ධනය ගෙන ධනවත් මිනිසකු ලෙස යාමට අවශ්‍ය වුණත් එය කළ නොහැකි වූයේ වැටලීම් වලින් ඔහු අල්ලාගත් මිනිසුන් 42කුට ඔහු වගකිව යුතුව තිබූ නිසයි. මේ නිසා ඔහු නැවත එන තුරු විශ්වාසවන්ත මිනිසුන් දෙදෙනකුට පැවසුවේ විශාල පයින් ගස් දෙකක් අතර මේ නිධානය භූමදානය කරන ලෙසයි. ඉන්පසු ඔහු නැවත පැමිණ පරික්ෂා කරන විය එම මිනිසුන් දෙදෙනා එල්ලා මරා තිබූ අතර කිසි දිනක ඔහුගේ වස්තුව නැවත ඔහුට ලබාගත නොහැකි විය.
by Dilki Shamani
Photo source : Internet
1032 Views
Comments