විශිෂ්ටතම නායකයන් සඳහා වන ජාත්‍යන්තර රන් සම්මානයෙන් පිදුම් ලැබූ ඇය
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUN
09

විශිෂ්ටතම නායකයන් සඳහා වන ජාත්‍යන්තර රන් සම්මානයෙන් පිදුම් ලැබූ ඇය

විශිෂ්ටතම නායකයන් සඳහා වන ජාත්‍යන්තර රන් සම්මානයෙන් පිදුම් ලැබූ ඇය

සුන්දර මිනිසුන් දේශයකට සම්පතකි. එවන් සුන්දර කාන්තාවකි අනුෂා ගෝකුල මහත්මිය. කලාවත් සංස්කෘතික දායාදත් රැක ගනිමින් ශ්‍රී ලාංකීය සමාජය එවැනි මිනිසුන් කිරීමේ සුන්දරතම වෑයමක යෙදුනු ඇය ඉතාම දක්ෂ රාජ්‍ය පරිපාලන නිලධාරිනියකි. ඇය සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ සංස්කෘතික කටයුතු අධ්‍යක්ෂවරිය ලෙසින් කටයුතු කළාය. වර්තමානයේ දී ඇය විසින් සේවය සපයන්නේ අධ්‍යාපන අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරියක ලෙසටයි. අනූෂා ගෝකුල මහත්මිය පසුගියදා දිල්ලි ආර්ථික අධ්‍යාපනික ආයතනය මඟින් පිරිනමනු ලබන විශිෂ්ටතම නායකයන් උදෙසා වන ජාත්‍යන්තර රන් සම්මානයෙන් පිදුම් ලැබුවාය. ඇය විසින් ඇයගේ විෂය ධාරාව තුළ අදාළ පරිපාලනය මැනවින් ඉටුකළ රාජ්‍ය නිලධාරිනියකි. මෙම සම්මානය සඳහා තෝරා ගැනීම අංශ කිහිපයක් මත ඇගයීම් කරන අතර වසර හතරකට වරක් සුදුසුකම් ඇති අයෙකුට පිරිනමනු ලබයි. මෙම සම්මානයට සුදුසු කම් හිමිව ඇත්තේ කාර්යක්ශමව වැඩ කිරීම, නව නිර්මාණශීලි ව්‍යාපෘති, සේවා පලදායිතාව, කණ්ඩායම් හැඟීම වගේම නායකත්වය සහ සේවාලාභීන් ප්‍රමුඛ සේවාව වෙනුවෙනි. මෙවර රටවල් 17ක පුද්ගලයන් විසි දෙනෙක් මෙම සම්මානය සඳහා යෝජනා කර තිබුණි. පසුගිය අවස්ථාවන්වලදී විවිධ රටවල මෙම සම්මාන උත්සවය පැවැත් වූ අතර මෙවර පවත්වන ලද්දේ ශ්‍රී ලංකාවේය. ටාජ් සමුද්‍රා හෝටලයේදී අති උත්කර්ෂවත් ලෙස පවත්වන ලද මෙම සම්මාන රාත්‍රිය කාගේත් සිත් ඇදගන්නා සුළු රාත්‍රියක් බවට පත්විය.

 

 

මෙම සම්මානය සඳහා තෝරාගැනීම සිදුවුයේ විශේෂ කටයුත්තක් හෝ සේවාවක් එසේත් නැත්නම් යම් කිසි පිරිසක් විසින් කරන ලද නම් කිරීමක් මගින්. මෙම සම්මානය පිරිනමන විට ඇය විසින් වසර දෙකක කාලයක් තුළ සිදුකළ සේවාවන් අතර සංස්කෘතික දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ලෙස සහ ජාතික චිත්‍රපට සංස්ථාවේ සභාපතිනිය ලෙස සිදුකළ සේවය ඉහළින් අගය කරන ලදී. ඇය විසින් පවසන ලද්දෙ මෙම සම්මානය රටක් වශයෙන් ඇයට ලැබුණු සම්මානයක් බවයි. ඇය සැමවිටම සංස්කෘතික කටයුතු අමාත්‍යංශයේ බිම් මට්ටමේ සිටින සංස්කෘතික නිලධාරීන්ගේ සේවයට පවා පිළිගැනීමක් ලබා දෙන්නට අමතක නොකළාය. කනිෂ්ඨ සේවකයාගේ සිට සෑම දෙනෙක්ම එකාමෙන් කණ්ඩායම් හැඟීමෙන් වැඩ කිරීමට ඇය විසින් පොළඹවන ලදී. මෙවැනි කාන්තාවන් ශ්‍රී ලංකාවට අභිමානයකි. ඕනෑම කෙනෙක් තමන්ගේ හෘද සාක්ෂියට එකඟව මානව සමාජ සංවර්ධනය වෙනුවෙන් මේ මහා පොලොවට වැඩ කරනවා නම් එයින් ලැබෙන්නේ යහපත් ප්‍රතිඵලයක්ම පමණක් බව අනූෂා ගෝකුල මහත්මිය විසින් ලෝකයාට පසක් කරන ලදී. මෙම සම්මානය සඳහා අනූෂා ගෝකුල මහත්මිය වඩාත් ගැළපෙන චරිතයක් බව කිව යුතුමයි.

 

 

by Sachini Sooriyaarachchi 

Photo Source: Internet

views

697 Views

Comments

arrow-up