අඛිල සපුමල්ගෙන් සාකුන්තලය

වේදිකා නාට්‍ය කලාව ශ්‍රී ලාංකිකයන් වශයෙන් අපට නුපුරුදු කලාවක් නම් නොවේ. ශ්‍රී ලංකාව තුළ විවිධ නිර්මාණ ශිල්පීන් විසින් වේදිකා නාට්‍ය රැසක්ම මේ වන විට ප්‍රේක්ෂකයාට දායාද කර තිබේ. එලෙසින්ම වේදිකා නාට්‍ය කලාව නිරන්තරයෙන්ම පෝෂණය කළ අසහාය නිර්මාණකරුවෙකි අඛිල සපුමල්. ඔහුගේ නවතම නිර්මාණය "සාකුන්තලය" නමින් නිර්මාණය කිරීමට ඔහු සමත් වී තිබේ. බයිසන්, රාවණ, ආදරයෙ හුස්ම ළඟ, පුංචි එකාට කෝලමක්, හිනාවෙලා මිනිත්තුවක්, ගුත්තිල කාව්‍ය, පුලුවන්නම් අල්ලගන්න, උඩරට කොල්ලයි පහත රට කෙල්ලයි, හිපොලිටස් ආදී නාට්‍ය ඔහු විසින් කරලිගත කළ ඒවා වේ.
අභිඥාන සාකුන්තලය නමැති සංස්කෘත නාට්‍යයේ මුල් කෘතියෙන් උපුටා ගන්නා ලද පරිවර්තනීය
නාට්‍යකි සාකුන්තලය. එම පරිවර්තනය පියදාස නිශ්ශංක සූරීන් සහ ඩී. බී. හෙට්ටිආරච්චි මහතා විසින් සිදුකරන ලද්දකි. එම විශිෂ්ට මහා කවි කාලිදාසයන්ගේ ප්‍රේමණීය සංස්කෘත නාට්‍ය මෙලෙස සාකුන්තලය වශයෙන් අඛිල සපුමල් නිර්මාණකරු විසින් වේදිකා ගත කර තිබේ. මෙම නාට්‍ය ඉතා දීර්ඝ නාට්‍ය පෙළක් ඇසුරෙන් නිර්මාණය වූවක්. එහි අංක හතකින් යුතු නාට්‍යමය ජවනිකාවක් අයත් වී තිබේ. නාට්‍යමය ජවනිකාවක් පැය එකහමාරකට සංෂිප්ත කරමින් අර්ථ විකෘති නොකර වටිනාම දේ තෝරා බේරා ගෙන මෙම සාකුන්තලය නිෂ්පාදනය කර තිබීම විශේෂත්වයකි. මෙම නාට්‍ය හරහා දරුවන්ට මෙන්ම ආදරණීය ප්‍රේක්ෂකයන්ට භරතමුණි පඩිවරයාගේ නාට්‍ය ශාස්ත්රයේ ඇති නාට්‍යමය මූලධර්ම දැකගැනීමට පුළුවනි. සාකුන්තලය නාට්‍ය දුශ්මන්ත සකුන්තලා ප්‍රේම කාව්‍යක් ලෙස ලෝක ප්‍රසිද්ධ වී තිබෙන්නකි. ඒ ප්‍රේමය තුළ ඇති එක්වීම සහ වෙන්වීම් ඉතා ප්රබලව ඉස්මතු කිරීමට සංගීතය වගේම සංස්කෘත රංග සම්ප්‍රදායට යෝග්‍යවන නර්තන වින්‍යාසය සාකුන්තලය නිෂ්පාදනය සමග මුසු කර තිබේ.
සංස්කෘත නාට්‍ය රඟ දැක්වීමට වේදිකා තල දෙකක් අවශ්‍යයි. එමනිසා මෙම නාට්‍ය තුළ ද එසේ වේදිකා තල දෙකක් යොදාගෙන තිබේ. සංස්කෘත රංග භූමියේ තිබුණා වූ ලක්ෂණ සාකුන්තලය නාට්‍ය තුළ ද යොදාගෙන තිබේ. තවද මෙම නාට්‍ය තුළ සියලුම මුද්‍රාවන් ඒ ආකාරයෙන්ම භාවිතා කර තිබීම විශේෂත්වයකි. භාවයන් සහ රසයන් ප්රකාශනය කිරීමට හස්ත මුද්‍රා මෙන්ම සංගීතයත් ප්‍රභලව සාකුන්තලය තුල භාවිතා කර තිබේ. ඒ හරහා ප්‍රේක්ෂකයන්ට වෙනස් රසයක් ලබා ගන්නට ද පුළුවනි. තවද පාද චලන ගණනාවක් මේ තුල ගැබ්වී තිබේ. රජිත හේවා තන්ත්‍රී, බිලෙෂා විජේරත්න, චන්දන ඉරුගල් බණ්ඩාර, thilan warnajith, අමා නාරංකොටුව, කෝකිල පවන්, එරන්ග ඉලංගකෝන්, සහන් අංජන යන රංගන ශිල්පීන් මෙම නාට්‍ය සඳහා සිය රංගන දායකත්වය ලබාදී තිබේ. තවද මෙම නාට්‍යයේ වේදිකා පරිපාලනය සිදුකරනු ලබන්නේ ටෝනි කිවිටියාගල, සංගීතය dilshan umayanga, රංගවස්ත්‍ර නිර්මාණය kithmini hemachandra, අංග රචනය චාමර අනුදත්. මෙවැනි ශිල්පීන් රැසකගේ දායකත්වයෙන් ඉතාමත් අභිමානයෙන් යුතුව වේදිකාගත වන ලංකෘත නාට්‍ය නිර්මාණයකි සාකුන්තලය. එන්න නරඹන්න විඳගන්න මෙම සුන්දරම වේදිකා නාට්‍ය අත්දැකීම.
by Sachini Sooriyaarachchi
Photo Source: Internet
1251 Views
Comments