රසයෙන් ගුණයෙන් අනූන මුරුංගා
For Sri Lankan's Overseas
Latest_News
calendar
OCT
25

රසයෙන් ගුණයෙන් අනූන මුරුංගා

රසයෙන් ගුණයෙන් අනූන මුරුංගා

බාල මහලු වැඩිහිටි භේදයකින් තොරව කෑමට ප්‍රිය කරන දෙයකි මුරුංගා. එසේ සිදුවී ඇත්තේ මුරුංගා සතුව පවතින ඉමිහිරි රසය නිසාවෙන් සහ අනගි පෝෂණ ගුණය නිසාත්ය.

මුරුංගාවල බැක්ටීරියා නාශක ගුණ ඇති වනුයේ මුරුන්ගා වල අඩංගු Benzyle Glucosinolate, Moringine සහ Pterigospermine නම් සංයෝග නිසාය. මෙහිදී Stapha aureus, pseuodomonsa වැනි බැක්ටීරියා මර්දනය වේ. මුරුංගාවල දිලීරනාශක සහ වෛරස් මර්දන හැකියාව ද ඇත. මෙම දිලීර සහ වෛරස් මර්දනය සිදු වන්නේ එම සංයෝග නිසාය. මුරුංගාවල මව්කිරි ස්‍රාවය වර්ධනය කිරීමේ හැකියාවක් ද ඇත. අම්මට විටමින් a බහුල ආහාරයක් ලෙස ශරීරයට ලැබෙන සියලු පෝෂණයන් මුරුංගා නිසා ලැබේ. විටමින් A ඇස් සම හිසකෙස් සහ ශරීරයේ සහ ශරීරයේ අපිච්ඡද පටක, ස්‍රාවීය ග්‍රන්ථි, නිර්නාල ග්‍රන්ථි නිරෝගීව තබා ගැනීමට වැදගත් වේ. මුරුන්ගා වල අඩංගු කැල්සියම් ප්‍රමාණය අධිකයි. මේ නිසා අස්ථි වර්ධනයට මුරුංගා හොඳ ආහාරයකි. මුරුන්ගා වල අඩංගු යකඩ ප්‍රමාණයද අධිකයි. මේ නිසා ලේ වල හිමොග්ලොබින් වර්ධනයට මුරුංගා හොඳ ආහාර බෝගයකි.

මුරුන්ගා වල අඩංගු ප්‍රධාන පිළිකානාශක වනුයේ isothiocyanate, niazimicim සහ beta sitosterol ය. මුරුංගා කොළවල ශරීරයේ විස ඉවත් කිරීමේ ගුණ ඉතා ඉහළයි. එම ගුණ වලට හේතු වන්නේ ද මෙම සංයෝගයන්ය. මොලයේ පිළිකා වැළැක්වීමේ විශේෂ හැකියාවක් මුරුංගාවල ඇත. විශේෂයෙන් neuroblastoma වැළැක්වීමේ විශේෂ හැකියාවක් මුරුංගාවල ඇත. මුරුන්ගා වල අඩංගු රසායනික සංයෝග මොලයේ ක්‍රියාකාරිත්වයන් වැඩිදියුණු කරයි. එසේම මුරුංගාවලට ඇදුම සහ සෙම වැළැක්වීමේ විශේෂ හැකියාවක් ඇත. මුරුන්ගා කොළ ජලයේ අඩංගු ආසනික් විෂ ඉවත් කිරීමේ විශේෂ හැකියාවක් ද ඇත. එසේම රසදිය, cadmium ඉවත් කිරීමේ හැකියාවක් ද ඇත.

 

 

 


මුරුංගා ශ්‍රී ලංකාවේ ස්වභාවිකව වැවෙන එළවළුවකි. වගා කිරීමේදී සාමාන්‍යයෙන් කිසිදු කෘෂි රසායනයක් එක් නොකරයි. මේ අනුව මුරුංගා මොන තරම් ගුණදායක දැයි සිතා බලන්න. ශාකයේ පොතු, මුල්, පලය ඇතුළු සියලුම කොටස් වල ඖෂධීය ගුණ ඇත. මුරුංගා කොළවල ශරීරයේ විස ඉවත් කිරීමේ ගුණ ඇත. මුරුංගා කොළ මැල්ලුම ශරීරයෙන් වස විස ඉවත් කරන රසවත් ආහාරයකි. සාවී එච්අයිවී රෝගීන්ගේ ප්‍රතිශක්තිය වැඩි කිරීමේ හැකියාවක් මුරුංගාවල ඇති බව සොයාගෙන ඇත. මුරුංගා ඇට සහ මද වල විශාල පෝෂක සංඝටක ප්‍රමාණයක් අඩංගුව පවතී. මුරුන්ගා පොතු වල ඇස් සුවකිරීමේ සහ ස්නායු දුර්වලතා වැළැක්වීමේ ගුණය ඇත. එමනිසාවෙන් නිවසේදීම වඩාත් සෞඛ්‍යාරක්ෂිතව වවාගත හැකි මුරුංගා ඔබගේ එදිනෙදා ආහාර වේලට එක්කර ගන්න අමතක නොකරන්න.

 

 

by Sachini Sooriyaarachchi

Photo Source: Internet

 
views

751 Views

Comments

arrow-up