අමුත්තන්ට අමතක නොවෙන්න සලකමු
For Sri Lankan's Overseas
Latest_News
calendar
NOV
21

අමුත්තන්ට අමතක නොවෙන්න සලකමු

අමුත්තන්ට අමතක නොවෙන්න සලකමු

ඔබේ පවුලේ නෑදෑයින් මිත්‍රයෙක් දින කිහිපයක් නිවාඩුව ගත කරන්න ඔබේ නිවසට පැමිණියහොත් ඔවුන්ට සලකන එක අපේ සංස්කෘතියේම අංගයක් වෙලා තියෙනවා. නමුත් නිවසට පැමිණෙන අමුත්තන්ට ඔබ දක්වන ආගන්තුක සත්කාර වලට අනුව ඔවුන්ට ඔබ පිළිබඳ සහ ඔබේ පවුලේ පිළිබඳ යම් යම් ප්‍රතිරූප ඇති වෙනවා. මේ නිසා හැමවිටම උත්සාහ කළ යුත්තේ ප්‍රසාදයක් ඇති කරගන්නා ආකාරයකට ඔවුන්ට සත්කාර කිරීමටයි. එලෙස නිවසට පැමිණෙන අමුත්තෙකුගේ හොඳ හිත දිනා ගන්න ලෙස ඔවුන්ට සත්කාර කරන්න මේ ලිපිය ඔබට වැදගත් වේවි.

ඔවුන් වෙනුවෙන් ඉන්න වෙනම තැනක් සකස් කරන්න

සාමාන්‍යයෙන් ඕනෑම නිවසක අමුත්තන් වෙනුවෙන් වෙන් කල කාමරයක් තියෙනවා. ඒ නිසා ඔබේ නිවෙසට අමුත්තෙක් පැමිණි වහාම ඔබ ඔවුන්ව පිළිගන්න සැලකිල්ලක් දක්වනවා කියන එක අඟවන්න ඔවුන් වෙනුවෙන් වෙන් කරපු කාමරය හොඳින් පිරිසිදු කරලා වෙනම ඇඳ ඇතිරිලි කොට්ට පොරවන රෙදි ආදිය සකස් කරලා දෙන්න පුළුවන්.

 

 

 


ඔවුන්ගේ නාන කාමර පිළිබඳ සැලකිලිමත් වෙන්න

සමහර නිවෙසක අමුත්තන් වෙනුවෙන්ම වෙන් කරන ලද නාන කාමර හෝ වැසිකිළි තියෙන්න පුළුවන්. එහෙම නැති අවස්ථාවක දී වුනත් පොදුවේ භාවිතා කරන ස්ථානය වුණත් හොඳින් පිරිසිදු කරලා එහි වතුර කරාම නිසි පරිදි වැඩ කරනවද විදුලි පහසුකම තියෙනවද විදුලි කාන්දු වීම් හෝ විදුලි සැර වැදීමේ අවදානම් තියෙනවද කියන එක ගැන හොදින් සැලකිලිමත් විය යුතු වෙනවා.

වෙනදාට වඩා රසවත් කෑම වේලක් සකසන්න

අමුත්තෙක් පැමිණි විට නිවසට එය විශේෂ අවස්ථාවක් වෙනවා. මේ නිසා ඔබ හැමදාම සකස් කරන ආහාර පාන වෙනුවට ඔවුන් වෙනුවෙන්ම පිළියෙල කරපු කෑම වේලක් සකස් කරන්න උත්සාහ කරන්න. ඔවුන් කැමතිම ආහාර ඊට එක්කර ගන්න. ඔවුන් සමඟ සතුටු සාමීචියේ යෙදෙමින් චිත්‍රපටයක් නරඹන්න වෙනත් සංචාරක ස්ථානයක් නරඹන්න යන්න කාලය වෙන් කරගන්න. ඔවුන් පැමිණීම ඔබේ නිවසට සතුටක් බව ඒත්තු ගන්වමින් ඒ කාලය සතුටින් විනෝදයෙන් ඔවුන් සමග ගතකරන්න.

අමුත්තන්ට ගැළපෙන ඇඳුම් පැළඳුම් තියෙනවා නම් දෙන්න

ඇතැම් අවස්ථාවන් වලදී හදිසියේ නිවසට අමුත්තෙක් පැමිණියහොත් ඔහුට අවශ්‍ය ඇඳුම් පැළඳුම් ඔහු ළඟ නැති වෙන්න පුළුවන්. ඒ නිසා ආචාරශීලීව නිතරම ඔවුන්ගේ සුව පහසුව ගැන සැලකිලිමත් වෙමින් ඔහුට ගැලපෙන ඇඳුම් හැකි ප්‍රමාණයෙන් දෙන්නත් අමතක කරන්න එපා. ඒ වගේම අමුත්තන් නිවසින් පිටවී යන අවස්ථාවේ දී ඔවුන්ට ඔබව මතක් වෙන්න පුංචි තෑග්ගක් දෙන්නත් අමතක කරන්න එපා.

 

 

by Dilki Shamani

Photo Source: Internet

views

567 Views

Comments

arrow-up