ඉන්දියන් සාගරයේ කෘතීම දූපතේ හරිත නගරය

ඉන්දියන් සාගරය කියන්නේ කියන්නේ විශාල දූපත් සංඛ්‍යාවකින් පිරුණු සාගර කළාපයක්. එය ස්වාභාවික දූපත් රාශියකට උරුමකම් කියන අතර ඉන්දියන් සාගරයට අලුතෙන් එකතු වුණු කෘතිම දූපත් යම් ප්‍රමාණයකුත් තියෙනවා. මේ සූදානම් වන්නේ ඒ වගේ පිහිටි කෘතීම දිවයිනක් පිළිබඳ සටහනක් ඉදිරිපත් කරන්න.
මාලදිවයින තරම් ලොව වෙනත් කිසිදු රටක් දැඩි පාරිසරික තර්ජනයකට මුහුණ දී නැහැ. මුහුදු මට්ටම ඉහළ යාම, වෙරළ ඛාදනය හා ස්වභාවික උවදුරු නිසා දිවයින මුහුදු දියේ ගිලී යාමේ තර්ජනයට මාලදිවයින දැඩි ලෙස මුහුණ පා සිටිනවා. 2009 ඔක්තෝබර් මාසයේදී එවක ජනාධිපති මොහොමඩ් නෂීඩ් සිය කැබිනට් රැස්වීම් යට පැවැත්වූයේ දේශගුණ විපර්යාස නිසා මාලදිවයින මුහුණ පා ඇති මේ තර්ජනය ගැන ලෝක අවධානය දිනා ගන්නටයි. කොරල් දූපත් 1192ක් පුරා විහිදී ඇති මාලදිවයිනේ බොහොමයක් දූපත් පිහිටා තිබෙන්නේ මුහුදු මට්ටමේ සිට මීටර එකහමාරක් තරම් උසකිනි. ඉහළ නගින මුහුදු ජල මට්ටම ඒවායෙහි පැවැත්මට තර්ජනයකි. එහි ජීවත් වන ජනතාවට ද උන්හිටි තැන් අහිමිව යාමේ තර්ජනය මතුව හමාරය.
දැන් තමන්ගේ පැවැත්ම වෙනුවෙන් පෙරළා සටන් කරන්නට මාලදිවයින්වාසීන් තීන්දුවකට පැමිණ තිබේ. ඒ සඳහා ඔවුන් සොයාගත් විසඳුම "බලාපොරොත්තුවේ නගරය" යි. City of Hope නමින් බෞතිස්ම කර ඇති, 21 වැනි සියවසේ මේ අමුතු නගරය මාලේට අයත්ව ඇති හුල්හුමාලේ නම් වූ කෘත්‍රිම දූපතේ ගොඩනැගෙයි.
මුහුදු පත්ලේ සිට පොම්ප කෙරුණු ඝණ මීටර මිලියන ගණනක් වූ වැලි උපයෝගී කර ගනිමින් ගොඩකර තැනුණු මේ දූපතේ භූමිය තිබෙන්නේ මුහුදු මට්ටමට වඩා මීටර 2ක් ඉහළිනි. මෙහි පළමු අදියර ආරම්භ වුණේ 1997 දීය. 2019 වසර අග වන විට හුල්හුමාලේ දූපතේ පදිංචි වී සිටි ජනගහණය 50,000කට අධිකය. හුල්හුමාලේ කෘත්‍රිම දූපතේ දැන් අලුතින් ගොඩනැගිලි ඉදිකෙරෙමින් ඇත්තේ බලාපොරොත්තුවේ නගරය තැනීමටය. ඉතා සාර්ථක ලෙස කෙරෙන මෙම නිර්මාණයට අනුව 240,000ක් දෙනාට එහි පදිංචි වීමට හැකි වේ යැයි බලාපොරොත්තු වේ. මෙම නගර ව්‍යාපෘතිය හරිත නගර ව්‍යාපෘතියක් ලෙස ඉදිකිරීමට සැලසුම් කර තිබෙනවා. ඒඅනුව ධාවන මංතීරු නිර්මාණය සඳහා ප්‍රමුඛත්වය ලබා දෙමින් වායු දූෂණය වැඩි කරන වාහන භාවිතය මෙම නගරයේ දී සීමා කිරීමට ඔවුන් අපේක්ෂා කරනවා. එසේම ඉලෙක්ට්‍රික් බස් ඉලෙක්ට්‍රික් කාර් මේ නගරයේ භාවිතයට සැලසුම් කර තිබෙනවා. ඒ අතරම මාලදිවයින කියන්නේ සංචාරක ආකර්ෂණය විශේෂයෙන් ලද සංචාරක කර්මාන්තය ප්‍රචලිත රාජ්‍යක් වී තිබෙනවා. කෘත්‍රිමව ඉදිකෙරෙන හුල්හුමාලේ දූපත සහ මෙලෙස ඉදි වන හරිත නගරය තවදුරටත් එරට සංචාරක කර්මාන්තය වර්ධනයට ඉවහල් වනු ඇතැයි ඔවුන් අපේක්ෂා කරනවා.
by Dilki Shamani
Photo source : Internet
812 Views
Comments