ගැහැණු පිරිමි වෙනස

ගැහැණු පිරිමි වෙනස ගැන වැඩි දෙනෙක් කතා කරත් ඇත්තටම මේ වෙනස ගැන හරියටම ඔබ දන්නවාද?
1.ගැහැනු අය එක දවසකට වචන විසිදාහක් විතර කතා කරන නමුත් පිරිමි අය දවසක කතා කරන්නේ වචන දහතුන්දහසක් පමණ විතරයි.
2. ගැහැනු අයගේ මොළය පිහිටා තියෙන ආකාරයට ඔවුන්ට පුළුවන් දවසකට වාක්‍යය තුන් දහසක් විතර ඒ විදියටම මතක තියාගන්න. නමුත් පිරිමි අයට එක වචනයක්වත් වෙනස් නොකර වාක්‍ය විදියට මතක තබා ගන්න පුළුවන් වෙන්නේ වාක්‍ය 750ක් පමණ ප්‍රමාණයක් විතරයි.
3. ගැහැණු අයට අඟල් 5ක් විතර උස අඩියක් තියන සපත්තු පැළඳගෙන මුළු දවසම උනත් පහසුවෙන් ඇවිදින්න පුළුවන්. නමුත් පිරිමි අයට එතරම් උස අඩියක් තියෙන සපත්තු පැළඳගෙන විනාඩි පහළොවකට වඩා ඇවිදින්න බැහැ.
4. ගැහැණු අයගේ හදවතේ ප්‍රමාණය පිරිමියාගේ හදවතේ ප්‍රමාණයට වඩා අඩුයි. හරියටම කියනවා නම් ගැහැණු අයගේ හදවතේ ප්‍රමාණයට වඩා පිරිමි අයගේ හදවත හතරෙන් එකක් විතර ලොකුයි.
5. ගැහැණු අය ලස්සනට ඉන්න හරිම කැමති. නමුත් ශක්තිමත්ව ඉන්න ඔවුන්ට එතරම් වුවමනාවක් නැහැ. පිරිමි අයට ලස්සන උවමනා නැහැ. ඔවුන්ට ඕන ශක්තිමත්ව ඉන්න විතරයි.
6. ලෝකයේ ජීවත්වෙන කාන්තාවන්ගෙන් 60%ක්ම සුදු සමක් හිමි අයයි. නමුත් මේ ලෝකයේ සුදුසම සහිත පිරිමින් ඉන්නේ 22% ක් විතරයි.
7. කාන්තාවන්ගේ ආයු කාලය පිරිමින්ගේ ආයුකාලයට වඩා අවුරුදු පහකින් වැඩියි. අද කාන්තාවගේ සාමාන්‍ය ආයුකාලය අවුරුදු හැත්තෑ නමයක්. පිරිමින්ගේ එය අවුරුදු හැත්තෑ හතරයි.
8. පිරිමි අයට වඩා වැඩි කාලයක් කාන්තාවට නිදා ගැනීමට අවශ්‍යයි කියලා මනෝ විද්‍යාඥයන් කියනවා. ඔවුන් කියන විදියට නම් කාන්තාවන් පිරිමින්ට වඩා විනාඩි විස්සක් වැඩිපුර නිදා ගතයුතු වෙනවා. එය ඔවුන්ගේ මොළයේ ක්‍රියාකාරීත්වයට අවශ්‍ය වෙන දෙයක්.
9. කාන්තාවන් වියපත් වෙද්දී තරුණ කාලයට වඩා වැඩිපුර මහත් වෙනවා. නමුත් පිරිමින් වියපත් වෙද්දී තරුණ කාලෙට වඩා මහත අඩු වෙනවා.
10. පිරිමි අයට වියපත් වීමත් සමඟ හිසකෙස් හැලී තට්ටෙ සෑදීමේ සම්භාවිතාව 85%ක් විතර වෙනවා. නමුත් කාන්තාවන්ට එය සියයට එකකටත් වඩා අඩු අගයක්.
11. පිරිමි අයගේ ඇහි පිය ගැහැණු අයට සාපේක්ෂව දිගින් වැඩි. හරියටම කියනවා නම් ගැහැණු අයගේ ඇසිපියට වඩා හතරෙන් එකක් විතර දිගින් වැඩි ඇහි පිය පිරිමියි පිරිමි අයට පිහිටනවා.
12. කාන්තාවන්ට කායික මානසික වේදනාවන් දරා ගැනීමේ හැකියාව පිරිමින්ට සාපේක්ෂව වැඩිපුර තියෙනවා. නමුත් පිරිමින්ට කාන්තාවන්ට මෙන් අඩක් හෝ වේදනාවක් දරාගැනීමේ දරා ගැනීමේ හැකියාවක් නැහැ.
13.කාන්තාවන්ට හඳුනාගත හැකි වර්ණ පරාසය පිරිමින්ට වඩා වැඩි. පිරිමි අය නිල් පාට කියලා කියද්දී කාන්තාවන් අහනව ලා නිල් පාටද තද නිල් පාටද නේවි බ්ලූද ඕෂන් බ්ලූද ස්කයි බ්ලූද කියලා. නමුත් එයට පිළිතුරු දෙන්න පිරිමින්ට බැහැ.
14. කාන්තාවන්ගේ දිගුකාලීන මතක ශක්තිය පිරිමින්ට වඩා ඉතාම වැඩි. ඒ කියන්නේ පිරිමින් මෙන් තුන් ගුණයක විතර දිගු කාලීන මතක ශක්තියක් කාන්තාවන් සතු වෙනවා.
by Dilki Shamani
Photo Source: Internet
2600 Views
Comments