විරැකියාවට තිත තබන්නට නම්

වර්තමානයේ සාර්ථක ජීවිතයක් ගතකිරීමට නම් ආර්ථික අතින් ශක්තිමත් වී සිටීම වැදගත්ම අංගයක් බවට පත් වී තිබේ. ඒ සඳහා පවුලේ ගෘහමූලිකයා නැත්නම් සැමියා මතම සියලු බර පටවමින් නොසිට කාන්තා ඔබගේ ශ්‍රම දායකත්වය බෙහෙවින් අගනේය. නිවසේ ගෘහණිය ලෙස ඔබේ කාලය ශ්‍රමය මුදල් බවට පත් කිරීම මේ සඳහා ඇති අතිශය ඵලදායි විසඳුම බව ඔබ දන්නවාද. දැන් ඔබට සිතෙන්නට පුළුවන් අපි කොහොමද කාලය මුදල් කරන්නේ කියලා.
ඊට හේතුව කාන්තා සෑම දෙනෙක්ම නොවේ. කිසියම් දෙයක් පිළිබඳව දැනුමක් තිබුනත් ව්‍යාපාරයක් ලෙස එය ආරම්භ කරන්නට මූල්‍යමය ශක්තියක් නොතිබිය හැකියි. එහෙත් ඔබ එලෙස සිතමින් පසෙකට වී සිටිය යුතු නොවේ. ඔබ දන්නා කිසියම් දෙයකින් ස්වයංරැකියාවක් ආරම්භ කළහොත් ඒ සඳහා වටපිටාව ගැලපෙන පරිදි නිර්මාණය වේ. වඩාත් වැදගත් වන්නේ ඔබ ඔබට කළ හැකි යැයි සිතන ඔබට ඇති හැකියාවට අනුව කුමන හෝ දෙයක් ආරම්භ කිරීමයි. මේ සඳහා ප්‍රමාද වෙමින් සිටීමට කාලයක් නැත. අද කළ යුතු දේ අදම කළ යුතුයි. එය හෙටට කල් නොදැමිය යුතුයි. ඒ නිසා තවත් ප්‍රමාද නොවී ඔබේ හොඳම කාලය මෙය යැයි සිතා ස්වයං රැකියාවකට යොමු වීමට උත්සාහ කරන්න. ශ්‍රී ලාංකීය ජන සමාජය තුළ කාන්තා ඔබට සුවිශේෂී ස්ථානයක් හිමි වී තිබේ. නිවසේ දෛනික රාජකාරි, දරුවන් රැකබලා ගැනීම ආදී කටයුතු කරන ඔබට සැබෑම ශක්තිවන්ත හිතක් ස්වභාවධර්මයෙන්ම උරුම වී තිබීමද විශේෂත්වයකි. ඉතින් කාන්තා ඔබට ස්වයං රැකියාවක් කළ හැකි නොවේද. ශ්‍රී ලංකාවේ ජනගහන ප්‍රතිශතයෙන් සියයට 53ක් ඉක්මවා ඇත්තේ කාන්තාවන්ය. එවන් වාතාවරණයකදී කාන්තා ඔබ ස්වයං රැකියාවකට යොමු වීම තුළින් ආර්ථිකය ශක්තිමත් කර ගැනීම ඉතාමත් පහසු වේ. අද වනවිට අප රටේ ඇති ගැටළු වලින් ප්‍රධානම ගැටලුවක් ලෙසින් හඳුනාගත හැක්කේ විරැකියාවයි.
එවන් පරිසරයක ඔබට ඔබේ රැකියාව ගොඩනඟා ගන්නට හැකි නම් එය කෙතරම් අපූරුද. එය පෞද්ගලිකවම ඔබේ පවුලේ ආර්ථිකයට ශක්තියක් වනවා සේම රටේ විරැකියාවටද කදිම විසඳුමක් වේවි. තවද කිසියම් කාන්තාවක් ස්වයං රැකියාවක නියැලෙමින් එය දියුණු කර ගතහොත් අනෙක් කාන්තාවන්ටද ඒ ආශ්රිත රැකියා නිරන්තරයෙන්ම ගොඩනැගෙනු ඇත. එක් අතකින් එය ඔබ විසින් සමාජයට කරනු ලබන මෙහෙවරකි. කාන්තා ඔබට පිරිමි පාර්ශවයට සාපේක්ෂව සහජයෙන්ම නිර්මාණශීලී කුසලතා හැකියාව පිහිටා තිබේ. එම හැකියාවෙන් ප්‍රයෝජන ගැනීම සිදුකළ හැක්කේ ද ඔබටමයි. ඔබ විසින් ඔබගේ නිවසට ලබා දෙන ආර්ථික සහයෝගය ඔබගේ පවුල නිරන්තරයෙන්ම සුරක්ෂිත කරනු ඇත. සැමියාගේ කටයුතු, දරුවන්ගේ කටයුතු සහ පවුලේ අනෙකුත් කටයුතු මගනොහරිමින් නිවසේ සිටම ප්‍රයෝජනවත් යමක් කළ හැකි නම් ඇත්තෙන්ම ඔබ වටිනා ගෘහණියකි. ඒ තුළින් ඔබට ලැබෙන මානසික තෘප්තිමත් බව ද කියා නිම කළ නොහැකි වේවි.
by Sachini Sooriyaarachchi
Photo Source: Internet
581 Views
Comments