සායනික අපද්‍රව්‍ය වර්ගීකරණය

සෞඛ්‍ය හා වෛද්‍ය සේවා සැපයීමේදී වෛද්‍ය, ශල්‍ය වෛද්‍ය, දන්ත වෛද්‍ය, පශු වෛද්‍ය, හෝමියෝපති හා හා ආයුර්වේද වෛද්‍ය කාර්ය මණ්ඩලය විසින් පරිසරයට මුදා හරනු ලබන යම් යම් අපද්‍රව්‍ය හෝ අතුරුඵල සායනික අපද්‍රව්‍ය ලෙස හඳුන්වනවා. මේවා ජාත්‍යන්තර ක්‍රමය වර්ගීකරණයට ලක් කරන්න පුළුවන්.
1.රෝග කාරක අඩංගු ආසාදනකාරක අපද්‍රව්‍ය
එනම් විවිධ ආසාදන හා සංක්‍රමික රෝග පැතිරීමේ අවදානමක් සහිත රුධිරය ශරීර තරල ආදිය මේ කාණ්ඩයට අයත් වෙනවා. වෛද්‍ය රසායනාගාර වලින් බැහැර කරන රෝගකාරක වගා කළ පෙට්‍රි දීසි පරීක්ෂක නල මෙන්ම මෘතදේහ වලින් ඉවත් කල රුධිරය පටක තරලය ලේ සැරව තැවරුණු පුළුවන් හා බැන්ඩේජ් වර්ග ශල්‍ය උපකරණ මේ කාණ්ඩයට අයත් වෙනවා. පසුගිය කාලෙදි ලංකාවට බ්‍රිතාන්‍යයෙන් එවා තිබූ අපද්‍රව්‍ය අතර මේ රෝග කාරක අපද්‍රව්‍ය තිබී තියෙනවා.
2. ව්‍යාධිවේදී අපද්‍රව්‍ය
රෝගී මිනිස් ශරීර කොටස් පටක සහ වකුගඩු අක්මා වැනි ඉන්ද්‍රිය කොටස් අඩංගු අපද්‍රව්‍ය මේ වර්ගයට අයත් වෙනවා. මීට අමතරව සත්ව මළ සිරුරු හා තරලද මීට අයත්. විශ්වවිද්‍යාලය සහ පර්යේෂණ ආයතන මගින් බැහැර කෙරෙන ශරීර කොටස් අයත් වන්නේ මේ ව්‍යාධිවේදී අපද්‍රව්‍ය කාණ්ඩයට අයත්.
3. තියුණු කැපීම් සිදු විය හැකි අපද්‍රව්‍ය
මේ වර්ගයට අයත් අපද්‍රව්‍ය මගින් මිනිසාට හෝ සතුන්ට කැපීම් සීරීම් තුවාල ඇතිවීමේ ඉඩකඩක් තිබෙනවා. එන්නත් කටු, මැහුම් සදහා යොදාගන්න ඉදිකටු සැත්කම් ආදිය බහුලව අන්තරාදායක තියුණු උපකරණ සායනික අපද්‍රව්‍ය ලෙස සැලකෙනවා. ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව වසරකට ඉවතලන එන්නත් කටු ප්‍රමාණය බිලියන දාසයක් පමණ වෙනවා. මෙයින් බහුතරයක් නිසි ක්‍රමවේදයක් රහිතව ඉවත ලෑම සිදුවෙනවා. එහි ප්‍රතිඵලයක් ලෙස තුවාල වීම් රෝගකාරක පැතිරී යාම බහුලව සිදු වෙනවා.
4. විකිරණශීලි අපද්‍රව්‍ය
මේවා විකිරණශීලි සංඝටක අඩංගු ප්‍රතිකාර සඳහා ලබාදෙන ඖෂධ ලෙස හෝ රෝග විනිශ්චකාරක සඳහා ශරීරගත කරන ද්‍රාවණ ලෙස කාණ්ඩ දෙකකට බෙදෙනවා. බොහෝ විට මළ මුත්‍ර රුධිරය හා දහඩිය සමඟ පරිසරයට බැහැර කෙරෙන අපද්‍රව්‍ය සායනික අපද්‍රව්‍ය වෙනවා.
5. අන්තරාදායක නොවන අපද්‍රව්‍ය
රෝහල් සෞඛ්‍ය සේවාවන් මගින් බැහැර කෙරෙන හානිකර නොවන අපද්‍රව්‍ය මේ කාණ්ඩයට අයත් වෙනවා. උදාහරණයක් ලෙස කඩදාසි ජීවානුහරණය කර ඉවතලන අපද්‍රව්‍ය වෙනවා.
මේ සායනික සහ සෞඛ්‍ය සේවා මගින් නිකුත් කෙරෙන අපද්‍රව්‍ය වල මූලික බලපෑම් යොමු වන්නේ ඒවායේ තිඹිරිගෙය වන රෝහල්වලටමයි. මේ අපද්‍රව්‍ය වල අඩංගු හානිකර විසබීජ නිසි පරිදි විනාශ නොකිරීමෙන් වෛද්‍යවරුන් හා අනෙකුත් රෝහල් සේවකයන් මෙන්ම රෝගීන් අනතුරට පත් වෙනවා. මේ නිසා මෙවැනි සායනික අපද්‍රව්‍ය නිසිලෙස බැහැරකිරීමේ ක්‍රමවේද අනුගමනය කිරීම ඉතාම වැදගත් වෙනවා.
by Dilki Shamani
Photo Source: Internet
861 Views
Comments