ඔස්කාර් ඇකඩමියේ අලුත් චන්දදායකයින්

ඔස්කාර් චන්දදායකයන් 819 දෙනකුට එම ඇකඩමිය විවිධාංගකරණය කිරීමේ ව්‍යාපාරයකට ආරාධනා ලැබුණු බව පසුගියදා වාර්තා වුණා. ඔස්කාර් ඇකඩමිය නිවේදනය කළේ පසුගිය අඟහරුවාදා සින්තියා එරිවෝ, ජෝන් ඩේවිඩ් වොෂින්ටන් සහ කොන්ස්ටන්ස් ඇතුළු නව සාමාජිකයන් 819 දෙනකුට මෙලෙස ආරාධනා කළ බවයි. මෙලෙස ආරාධනා ලැබූ පුද්ගලයන්ගෙන් 45% ක් කාන්තාවන් වන අතර 36% කළු ජාතිකයන් බව වාර්තා වෙනවා. මෙම ආරාධනය පිළිගත් අයට මෙම වසරේ ඔස්කාර් සම්මාන සඳහා ඡන්දය ප්‍රකාශ කිරීමේ වරප්‍රසාද හිමිවෙනවා.
හොලිවුඩයට විවිධත්වය ඇතුළු කිරීම සඳහා වන නව ඉල්ලීම් වලට ඔස්කාර් සම්මාන ප්‍රතිචාර දැක්වීමත් සමඟ 2020 සඳහා නිර්දේශිත නිර්මාණ ලැයිස්තු වැසි වශයෙන් ඇතුළත් වී තිබෙනවා. මෙම මාසේ මුල දී ඇකඩමිය සිය හොඳම නිර්මාණ කාණ්ඩය චිත්‍රපට දහයක් දක්වා ඇතුලත් කරන බව නිවේදනය කළ අතර එහි ප්‍රතිඵලයක් ලෙස වඩාත් විවිධාකාර චිත්‍රපටය සඳහා නාමයෝජනා ලැබෙනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා. මෙම ඇකඩමියේ චන්දදායකයන් අටදාහකට වැඩි ප්‍රමාණයක් ඇතුලත් වන අතර පසුගිය වසර තුන තුළ නව සාමාජිකයන් දෙදහකට වැඩි පිරිසක් ඊට එකතු කර තිබෙනවා. මේ වසරේදී Bong Joon ho ගේ පැරසයිට් චිත්‍රපටය හොඳම චිත්‍රපටය ලෙස සම්මාන දිනාගත් අතර එය එලෙස සම්මාන ලැබූ පළමු ඉංග්‍රීසි චිත්‍රපටය නොවන බවට පත්ව තිබෙනව. කළු ජාතික පුරුෂයකුගේ අත්දැකීම් මත පදනම් වූ චිත්‍රපටයක් වූ moonlight 2017 දී හොඳම චිත්‍රපටය ලෙස නම් කර ලද එය මෙලෙස චන්දදායකයින් වැඩිකිරීමෙන් ලද විචාරක ප්‍රගතියක් ලෙස සලකනු ලැබෙනවා.
ඔස්කාර් ඇකඩමි තවදුරටත් පෙන්වා දෙන්නේ මෙලෙස ආරාධනා ලැබූවන්ගෙන් 49% ක් රටවල් 68 නියෝජනය කරන බවයි. ඇකඩමියේ සභාපති ඩේවිඩ් රූබින් පැවසුවේ චලන ඡායාරූප කලාව සහ විද්‍යාව පිළිබඳ වීම කීර්තිමත් සෙසු විචාරකයන් මෙලෙස පිළිගැනීමට හැකිවීම ගැන සිය සංවිධානය ඉතා සතුටු වන බවයි. ඔස්කාර් ඇකඩමිය විසින් නව පස් අවුරුදු සැලැස්මක් ප්‍රකාශයට පත්කර ඇති අතර එහිදී මේ පිළිබඳ වැඩිදුර ප්‍රමිතීන් ක්‍රියාත්මක කිරීම් ඇතුළත් කර තිබෙන බව වාර්තා වෙනවා. "අපේ සාමාජිකත්වය අපේ වැඩසටහන් අපගේ නව කෞතුකාගාරය සහ අපගේ සම්මාන තුළින් අප අවට ලෝකය පිළිබිඹු කරන ඇකඩමියක් අඛණ්ඩව පෝෂණය කිරීමට අපි බලාපොරොත්තු වෙමු" යනුවෙන් ඇකඩමියේ ප්‍රධාන විධායක නිලධාරී ඩෝන් හඩ්සන් ලිඛිත ප්‍රකාශයක් කරමින් පවසා තිබෙනවා. ඒ අනුව 63 වන ඇකඩමි සම්මාන උළෙල 2021 අප්‍රේල් 25 වන දින ආරම්භ කිරීමට නියමිතයි. එය මුලින් සැලසුම් කළ ආකාරයට වඩා මාස දෙකක් පමණ පමා වීමට ලොව පුරා පැතිර ඇති කොරෝනා වසංගතයේ බලපෑම් ඇති කල බව සැලකෙනවා.
by Dilki Shamani
source : theguardian.com
640 Views
Comments