ලොව වටා යන ගමනේදී ලංකාවටත් එන Silver Cloud
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUL
18

ලොව වටා යන ගමනේදී ලංකාවටත් එන Silver Cloud

ලොව වටා යන ගමනේදී ලංකාවටත් එන Silver Cloud

ලෝකය වටා ගමන් කිරීම බොහෝ සංචාරකයින්ගේ අපේක්ෂාව වේ. ජූල්ස් වර්න් රචනා කළ ලෝකය වටා දින 80කින් කෘතිය තුළ ද මෙයට සමාන සිද්ධියක් දැක්වේ. කෙසේ වෙතත් දින 167 කින් ලෝකය වටා සංචාරකයන් රැගෙන යාමට ලොව ප්‍රකට නෞකා සමාගමක් වන Silversea Carriers නෞකා සමාගම කටයුතු කර ඇත. මෙහි විශේෂත්වය වන්නේ ඇන්ටාක්ටිකාවේ සිට ආක්ටික් කලාපයේ දක්වාම ලෝකයේ ප්‍රධාන සංචාරක ගමනාන්ත මුල් කරගනිමින් මෙම සංචාරය සිදු කිරීමයි.


එහිදී ලංකාවේ ගාල්ල හා කොළඹ නගරය වෙත යාත්‍රා කිරීමට Silversea නෞකා සමාගම තීරණය කර ඇත.
විශේෂ නිවේදනයක් නිකුත් කරමින් එම සමාගම පවසා ඇත්තේ ලොව ප්‍රකට සංචාරක ගමනාන්ත 107 ක් වෙත නෞකාව ළඟා වන බවයි. එහිදී සියලුම සියලුම මහද්වීපයන් ආවරණය කිරීමට ද කටයුතු සැලසුම් කර ඇත. ඇන්ටාක්ටිකාව, ඕස්ට්‍රේලියාව, ඉන්දුනීසියාව, සිංගප්පූරුව, ශ්‍රී ලංකාව, ඉන්දියාව, ඉතාලිය, ග්‍රීසිය, ප්‍රංශය, බ්‍රිතාන්‍ය, ඇමෙරිකාව ද ඊට ඇතුළත් ය. ලෝකයේ දැකගත යුතු සංචාරක ගමනාන්ත වෙත එකවර සිදු කළ සිදු කරනු ලබන සංචාරයක් ලෙස මෙය නම් කර ඇත.

 


මෙම ලෝකය වටා ගමන සිදු කිරීමට නියමිත වී තිබුණේ මෙම වසරේ ය. කෙසේ වෙතත් කොරෝනා වසංගතයේ හේතුවෙන් ලබන වසරේ අග භාගය දක්වා මෙම සංචාරය කල් දමා ඇත. අතීත ලෝකයේ සියලු පුදුමයන් හා ස්වභාවික විස්මයන් දැක බලා ගැනීමටද මෙහිදී සංචාරකයන්ට අවස්ථාව උදා වේ. ශ්‍රී ලංකාවේ සීගිරිය හා ගාලු කොටු පවුර, කොළඹ නගරය මෙම ගමනට එක් වන සංචාරකයන්ට දැක ගත හැකිය.


2022 වසරේ මැයි 7 වැනිදා Silver Cloud නෞකාව ගාල්ල වරායට ළඟාවීමට නියමිතය. එදින රාත්‍රි 12ට ගාල්ලෙන් පිටත් වන නෞකාව පසුදින කොළඹට ළඟා වන බව Silver sea නෞකා සමාගම නිවේදනය කර ඇත. ඒ අනුව ලෝකය වටා යන Silver Cloud නෞකාව ගමනේදී දින දෙකක් ශ්‍රී ලංකාවේ රැඳී සිටීමට නියමිතය. ඇන්ටාක්ටිකාවේ ග්ලැසියර, සහරා කාන්තාරයේ පිරිමීඩ,අයිෆල් කුළුණ, ආක්ටික් තල්මසුන්, චීන මහා ප්‍රාකාරය, මායා දේශය, ඇතුළු ගමනාන්තයන් ද එම සංචාරයේ ස්ථාන වේ.

 


මෙම ගමනට එකතු කරගනු ලබන සංචාරකයන් ගණන 296 කි. එක් සංචාරකයකුගෙන් අයකරන අවම ගාස්තුව ඩොලර් 100,000 උපරිම පහසුකම් සහිතව එම ගාස්තුව ඩොලර් 400,000 වන අතර ඊට ආහාර පාන ඇතුළු සියලු පහසුකම් හා සියලු ගමනාන්ත වල ඡායාරූප සිහිවටනයක් ද ඇතුලත්ය. ගමනට භාවිතා කරන Silver Could නෞකාව මීටර් 157 ක දිගකින් යුක්ත වන අතර නාවික සැතපුම් 18 ක පමණ වේගයකින් යාත්‍රා කළ හැකි බව වාර්තා වේ.

 

 

 

 

 

 

 

by Gihan Hapuhetti

Photo source : Internet

views

768 Views

Comments

arrow-up