ගෝලීය උණුසුම හමුවේ වෙනස්වන ආක්ටික් හා අත්ලාන්තික්

ලෝක සිදුවන නව දේශගුණික විපර්යාස අනුව අනාවැකි ඵල වන්නේ ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම නිසා ආක්ටික් හා අත්ලාන්තික් ප්‍රදේශවල කුණාටු තත්වයන් වර්ධනය විය හැකි බවයි. 2020 සිට 2024 දක්වා සෑම වසරකම උෂ්ණත්වය පූර්ව කාර්මික මට්ටමට වඩා අවම වශයෙන් 1C කින් වාර්ෂික ඉහළ යන ව විෂ්ලේෂණය කෙරෙනවා. අධික උණුසුම නිසා ආක්ටික් ප්‍රදේශයේ අයිස් තට්ටු අඩු වෙමින් පවතිනවා. නව විශ්ලේෂණයට අනුව අවම වශයෙන් ඉදිරි වසර පහෙන් එකක් තුළ වාර්ෂික ගෝලීය උෂ්ණත්වය කාර්මික කාලයට වඩා 1.5C කින් වැඩි වීමට 20% ක් අවස්ථාවක් තිබෙනවා. 2015 පැරිස් දේශගුණික ගිවිසුම් යටතේ රටවල් දෙසීයකට ආසන්න සංඛ්‍යාවක් ගෝලිය හරිත වායු විමෝචනය සැලකිය යුතු ලෙස අඩු කිරීමට උත්සාහ කර තිබෙනවා.
මෙම සියවසේ ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම කාර්මික පූර්ව මට්ටමට වඩා 2C ට වඩා අඩු මට්ටමකට සීමා කිරීම සඳහා වන අතර වැඩි වීම සීමා කිරීමට ක්‍රමවේදයන් අනුගමනය කරනවා. නව දේශගුණික පුරෝකථන අනාවැකි පළ කරන්නේ ලෝකයේ අනෙකුත් ප්‍රදේශ හා සසඳන විට ආක්ටික් සාගරය උණුසුම් වීම ඉහළ යනු ඇති අතර ඉන් අත්ලාන්තික් සාගරය හරහා කුණාටු ඇතිවීමේ වැඩි අවදානමක් ඇති වන බවයි. WMO හි මහලේකම් පෙටෙරි තලස් පවසා සිටියේ මෙම අධ්‍යයනයන්ගෙන් පෙන්නුම් කරන්නේ ඉහළ මට්ටමේ විද්‍යාත්මක කුසලතාවයකින් දේශගුණ විපර්යාස පිළිබඳ පැරිස් ගිවිසුම සපුරාලීම සඳහා අති දැවැන්ත අභියෝගය නම් මෙම සියවස ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම හා මෙම කර්මාන්තයට පෙර කාර්මික මට්ටමට වඩා 2C අඩු මට්ටමක තබා ගැනීමයි. උෂ්ණත්වය 1.5C දක්වා තවදුරටත් සීමා කිරීමට උත්සාහ කරන බව වාර්තා වෙනවා.
Covid 19 ලෝක කාර්මික හා ආර්ථික කටයුතු මන්දගාමිත්වයට පත්කිරීම තිරසාර සහ සම්බන්ධීකරන දේශගුණ ක්‍රියාමාර්ග සඳහා ආදේශකයක් නොවන බව WMOනැවත නැවතත් අවධාරණය කරන බව අනාවරණය වෙනවා. ලොව පුරා කිරීටක වෛරස ව්‍යාපෘතිය නිසා Lockdown කිරීම්වෙ ප්‍රතිඵලයක් ලෙස හරිතාගාර වායු විමෝචනය සහ වායු දූෂණය සැලකිය යුතු ලෙස අඩු මට්ටමක පැවති බව වාර්තා වෙනවා. එබැවින් එම කාල සීමාව තුළ එක්සත් රාජධානිය කාබන් විමෝචනය 11%කින් පහත වැටී තිබෙනවා. ලබන වසරේ ග්ලාස්ගෝහි පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ 28 දේශගුණික විපර්යාස සමුළුවේ න්‍යාය පත්‍රය සැකසීමට මෙම නව දත්ත උපකාරී වන බව වාර්තා වන අතර වසංගතය හේතුවෙන් මේ වසරේ කල්දැමූ සාකච්ඡා සහ දේශගුණික විපර්යාස මැඩපැවැත්වීම සඳහා විමෝචන අඩු කිරීමේ රටවල අභිලාෂයන් වැඩි කිරීමට එහිදී අරමුණු කර ගෙන තිබෙනවා.
by Dilki Shamani
source : news.sky.com
684 Views
Comments