Google බැලුන් මගින් කෙන්යාවට අන්තර්ජාල පහසුකම
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUL
17

Google බැලුන් මගින් කෙන්යාවට අන්තර්ජාල පහසුකම

Google බැලුන් මගින් කෙන්යාවට අන්තර්ජාල පහසුකම

Google ආයතනය විසින් කෙන්යාවේ බැලුන් බලයෙන් ක්‍රියාත්මක වන අන්තර්ජාල සේවාවක් දියත් කිරීම පිළිබඳ තොරතුරු වාර්තා වෙනවා. කෙන්යාවේ නයිරෝබි සිට දුර බැහැර ප්‍රදේශ ප්‍රදේශවලට බැලුන් සමූහයක් හරහා අන්තර්ජාල සේවා සැපයීම ආරම්භ කර ඇති බව ගූගල් ලූන් ව්‍යාපෘතිය සහ ටෙල්කොම් කෙන්යාව විසින් නිවේදනය කරනවා. එය අප්‍රිකාවේ දියත් කළ පළමු බැලුන් බලෙන් ක්‍රියාත්මක කරන්න අන්තර්ජාල සේවාව වන අතර ලොව ප්‍රථම හදිසි නොවන වාණිජ යෙදවීම මෙය වන බව සමාගම් දෙකම ප්‍රකාශ කරනවා. නිවේදනයකට අනුව මෙම ව්‍යාපෘතිය මගින් මධ්‍යම සහ බටහිර කෙන්යාව පුරා වර්ග කිලෝමීටර 50000කට 4G LTE සේවා සැපයීම සඳහා නිරන්තර චලිතයකින් භූමියේ සිට කිලෝ මීටර් විස්සක් පමණ බැලුම් 35 ක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් භාවිතා කරන බව වාර්තා වෙනවා.

 

මෙම බැලුන් එක්සත් ජනපදයේ විවිධ ස්ථානවලින් දියත් කළ අතර සුළං ප්‍රවාහ භාවිතා කරමින් ඒවා කෙන්යාවට යවනු ලැබූවා. ප්‍රොජෙක්ට් ලූන් නම් මෙම ව්‍යාපෘතියට අනුව කෙන්යාවට ඉහළින් පියාසර කිරීම පිළිබඳ වැඩි අත්දැකීම් ලබා ගන්නා බැවින් තවත් බැලූන් මින්පසු මුදාහරින බව වාර්තා වෙනවා. මෙම තාක්ෂණය හරහා දුර බැහැර ප්‍රදේශවල වෙසෙන බොහෝ කෙන්යාවේ වැසියන්ට අඩු පහසුකම් සහිතව අන්තර්ජාල සේවා ලබාගත හැකි යැයි ටෙල්කොම් කෙන්යාවේ ප්‍රධාන විධායක අධ්‍යක්ෂක ඇලිස්ටෙයාර් වෙස්ට්ගාර්ත් නිවේදනයක් නිකුත්කරමින් ප්‍රකාශ කළා.

 



project loon බැලූන් මීට පෙර පුවර්ටෝ රිකෝහි මාරියා සුළං කුණාටු වැනි අර්බුදයන්ගෙන් පසු හදිසි සම්බන්ධතා සැපයීම සඳහා භාවිතා කර තිබුණා. වසර ගණනාවක් තිස්සේ ක්‍රියාත්මකව පැවති මෙම ව්‍යාපෘතිය කොරෝනා වසංගතය සහ අන්තර්ජාලය හරහා වැඩ කිරීමේ දැඩි අවශ්‍යතාවයක් වේගවත් වූ බව වාර්තා වෙනවා. මෙලෙස යවා ඇති බැලුම් පොලිතීන් තහඩු වලින් සකසා ඇති අතර ඒවා ටෙනිස් පිටිය ප්‍රමාණයට ඒවා සමාන වෙනවා. මාර්තු මාසේ රූපවාහිනී දේශනයකදී කෙන්යා ජනාධිපති උහුරු කෙන්ටායා කියා සිටි මහද්වීමපයේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය සහ නවීකරණයේ තරගකාරී වාසි රඳවා ගැනීමට බැලුන් මගින් මෙම මෙරටට ඉඩ සැලසෙන බවයි. 2019 දී වාර්තා කරන ලද වාර්තාවකට අනුව අප්‍රිකාවේ බිලියන 1.3 ජනතාවකගෙන් 28% පමණයි අන්තර්ජාල පහසුකම් වලට පිවිසිය හැකිව තිබෙන්නේ. loon සහ telcom එක්ව කෙන්යාවේ මෙම පරතරය වසා දැමීමට බලාපොරොත්තු වෙන බව වාර්තා වෙනවා. එය ලොව පුරා තවදුරටත් තාක්ෂණය ව්‍යාපතවීමේ ඉදිරි පියවරක් වෙනවා.

 

 

 

 

 

 

 

 

by Dilki Shamani

source : edition.cnn.com

views

597 Views

Comments

arrow-up