දිළිඳු බවේ ශාපයට එරෙහි වූ රැන්ද්කා ඝෝනියාමා
For Sri Lankan's Overseas
Latest_News
calendar
AUG
03

දිළිඳු බවේ ශාපයට එරෙහි වූ රැන්ද්කා ඝෝනියාමා

දිළිඳු බවේ ශාපයට එරෙහි වූ රැන්ද්කා ඝෝනියාමා

අධ්‍යාපනය ලැබීමට වයස ප්‍රශ්නයක් නොමැති බව ඔප්පු කළ රැන්ද්කා ඝෝනියාමා වයස අවුරුදු 65දී දකුණු අප්‍රිකාවේ ට්ෂේවානේ තාක්ෂණික විශ්ව විද්‍යාලයෙන් ඉලෙක්ට්‍රොනික ඉංජිනේරු උපාධිය හිමිකර ගත් කාන්තාවක්. ඇයගේ විශේෂත්වය වන්නේ ඇය ගණිතය සමත් වන්නේ වයස අවුරුදු හතළිස් තුනේදී. උතුරු ප්‍රිටෝරියාහි සොෂැන්ගුවේහි පදිංචිව සිටින රැන්ද්කා ඝෝනියාමා පසුගිය වසරේ සිට තමන්ගේ උපාධිය හිමි කරගන්නා විට දරුවන් සිව් දෙනෙකුගේ මවක් වූ අතර 10 ශ්‍රේණිය වන විට තම පාසල් ජීවිතයට සමුදීමට ඇයට සිදුවෙනවා. වයස 17දී විවාහ වන්නට සිදු වූ නිසයි. කොහොම වෙතත් ඇය අවුරුදු 26කට පසු නැවතත් උසස් පාසල වෙත ඇතුළුවී පාසලේ සියලු කටයුතු නව මුහුණුවරකින් ආරම්භ කළ අතර සිසු සිසුවියන් සමඟ අධ්‍යාපනය හැදෑරීම නැවුම් අත්දැකීමක් බවට පත් කරගත්තා. ඉන්පසුව හෙද ක්ෂේත්‍රය හැදෑරීමට යොමු වූ අතර එම විෂය පිළිබඳ උනන්දුවක් දැක්වුවා. එහෙත් අයදුම් කළ සියළු විශ්වවිද්‍යාල වලින් ඇය ප්‍රතික්ෂේප වූයේ අවාසනාවට.
 

 


නමුත් උත්සාහය අත් නොහළ ඇය 2003 වසරේදී දකුණු අප්‍රිකාවේ ට්ෂේවානේ තාක්ෂණික විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පාඨමාලාවට අයදුම් කළා. එතැන් සිට තම උසස් අධ්‍යාපනය ආරම්භ කළා. එහෙත් නැවත ඇය අසාර්ථක වන්නට වූ අතර පාඨමාලාව ලියාපදිංචි වී වසර 4ක් යනතුරු රැඳි රැන්ද්කා ඝෝනියාමාට ඉගෙනුම් කටයුතු නිසි පරිදි කරගැනීමට නොහැකි වුණේ දැඩි මූල්‍ය අර්බුදය නිසයි. 2010 වන විට ඇය පවුලේ කටයුතු පිළිබඳව වැඩි අවධානයක් යොමු කිරීමට සිදුවීම නිසා එය පසෙකට දැමුවා. එහෙත් 2017 වසරේදී ඇයට නැවත මෙම පාඨමාලාවට ලියාපදිංචිවන්න දුරකථන ඇමතුමක් ලැබුණා. එයින්ද නොසැලුණු රැන්ද්කා ඝෝනියාමා යළිත් මෙම පාඨමාලාවට ලියාපදිංචි වූ අතර ප්‍රිටෝරියා විශ්වවිද්‍යාලයේ ඉලෙක්ට්‍රොනික ඉංජිනේරු අංශයේ ප්‍රායෝගික පරීක්ෂණය හා ශක්තිය ඉලෙක්ට්‍රොනික පිළිබඳ ව්‍යාපෘති අවසන් කර පසුගිය වසරේ ජුනි මස 9 වන දින සියලු විෂයන් සමත් වන්නේ ඒ අනුවයි.

 


ලෝකයම තමන් කරන දෙය අමාරු දෙයක් ලෙස යටපත් කරන්න හැදුවත් තමන්ගේ උත්සාහයෙන් තමන්ට අවශ්‍ය දේ සිදු කරන්න පුළුවන් බව ඔප්පු කළ වර්තමානයේ දිරිය කාන්තාවක් තමයි රැන්ද්කා ඝෝනියාමා කියන්නේ.

 

 

 

by Dilki shamani

Photo Source: Internet

views

466 Views

Comments

arrow-up