අභාවයට යන අපේ ගම

වැඩි දෙනෙක්ට අපේ කම ගැන මතක් වෙන්නේ සිංහල අවුරුදු කාලයට විතරයි. ඒ වගේම ගම ලෙස අපි අතීතයේ හැඳින්වූ ගම ක්‍රමයෙන් අතුරුදහන් වෙමින් යවනවා. පාරම්පරික සිරිත් විරිත් ගමේ ඇති ස්වභාවික අංගයන් ආදීය ඇතුලත් පාරම්පරික ගමක් අපේ ගම නමින් කොළඹ නගරයේ ස්ථාපිත කරන්නට යෙදුනා.
එමගින් ලංකාවේ පාසල් දරුවන්ට විශ්ව විද්‍යාලයේ විද්‍යාර්ථයන්ට මෙන්ම විදේශිකයන්ට ශ්‍රී ලංකාවේ පාරම්පරික ගම්මානයක හැඩතල සිරිත් විරිත් ආදිය පිළිබඳ දැනුම වර්ධනය කරන්න පහසුවෙන ආකාරයට මෙය නිර්මාණය කරලා තියෙනවා. මුල් කාලයේදී අපේ ගම කටයුතු සාර්ථක සිදු වුණත් කල්යත්ම අපේ ගම තුළ අපේකම ගිලිහී ගොස් එය මහ ජනතාවගෙන් ඈත් වෙන්න පටන් අරගෙන තියෙන්නෙ කාටත් හොරෙන්මයි. පැරණි ස්වයංපෝෂිත ගමක අඩංගු සියලු අංග මෙහිදී නිරීක්ෂණය කරන්න විමර්ශනය කරන්න හැකියාව ලැබෙනවා. ඒ අතර ගුරු ගෙදර කඩපිළ බෙර ගෙදර ආරච්චිල වලව්ව සංහිඳ කම්මල රෙදි ශිල්ප ගම වැව් විශේෂයෙන් ශාක වර්ග හඳුනා ගැනීමට ඇති අවස්ථා බොහොමයි. ඒ ඒ විෂයයන් සදහා එදා භාවිතා කරපු වචන ආදිය ගැන දැනගත් මෙහිදී හැකියාව ලැබෙනවා. නමුත් වර්තමානයේදී ඇතැම් තැන් ක්‍රියාත්මක වන්නේ නැහැ.
කොළඹ පිහිටි අපේ ගම තුළ සේවය සපයන කෙනෙකුට දවසකට වැටෙන්නේ රුපියල් අටසීයකට ආසන්න මුදලක්. නමුත් ඔවුන්ගේ පැය ගානට වැඩ සීමා කරලා නෑ. හැමවෙලේම මෙතනට සංචාරකයන් කණ්ඩායමක් පාසල් ළමුන් කණ්ඩායමක් හෝ අධ්‍යයන කණ්ඩායමක් පැමිණෙන අවස්ථාවක දී ඔවුන් ඒ අදාල සේවාව සපයනවා. නමුත් අවාසනාවකට පසුගිය 2018-19 වසරවල් වලදී අපේ ගම කඩා වැටුනා. මෙහි ගොඩනැගිල්ල නිසි නඩත්තු කිරීමක් සිදු වුණේ නැහැ. වැස්සට තෙමීම වැඩකරන අයට ඉන්න තැනක් නෑ. පඩි නඩි අහිමි වුනා. මේ ගම නිර්මාණය කරලා තියන වසර 300ක් පරණ ගමක් විදිහට.
ගරා වැටෙමින් යන අපේ ගම ආරක්ෂා කර ගැනීමට රජය විසින් නිසි අවධානයක් යොමු කළ යුතු බව ඔවුන්ගේ අදහසයි. මේ දිනවල නම් මේ අපේ ගම නරඹන්න විශාල තදබදයක් නැහැ. දැන් නම් කොහොමටත් නැහැනේ. නමුත් අපේ ගම නැරඹීම සඳහා පාසල් දරුවන් සංචාරකයන් පැමිණෙනවා. පාසල් දරුවන්ගෙන් රුපියල් 50ක් සහ වැඩිහිටියන්ගෙන් රුපියල් 100ක මුදලක් මේ සඳහා අය කරනු ලබනවා. විදේශ සංචාරකයන්ගේ මීට වඩා වැඩි මුදලක් අයකරනවා. දැනට වඩා හොඳ සේවයක් දැනුමක් ලබාගැනීමට හැකිවන අයුරින් අපේ ගම යළි ස්වයංපෝෂි ගම්මානයක් කරන්නට සැලසුම් සකස් කරමින් තිබෙන බවයි වාර්තා වෙන්නේ.
by Dilki Shamani
Photo Source: Internet
1340 Views
Comments