විවාහ ජීවිතය ඉංග්‍රීසි A අකුර වගෙයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
AUG
05

විවාහ ජීවිතය ඉංග්‍රීසි A අකුර වගෙයි

විවාහ ජීවිතය ඉංග්‍රීසි A අකුර වගෙයි

විවාහ ජීවිතය කියන්නේ හරියටම ඉංග්‍රීසී A අකුරක හැඩයට හිටවපු ඉණි දෙකක් වගේ. ඒ ඉන්න මේ ඉන්නේනුත් මේ ඉන්න ඒ ඉන්නෙනුත් රැකෙනවා. ඒ අනුව ඉනි දෙකම ඉනි දෙක වෙනුවෙන් සමාන වගකීම් දරනවා. ඒකට තමයි සහජීවනය කියන්නේ .පවුල් ජීවිතය තුල අඹු සැමියන් දෙදෙනාම එකිනෙකාගෙන් බලාපොරොත්තු වෙන දේවල් තියෙනවා. දෙනා බලාපොරොත්තු සතුට ලබාගන්න නම් ඒ සතුට ලැබෙන්නේ මොන විදියේ දේවල් වලින්ද යන්න දෙදෙනාම සිතිය යුතුයි. එවිට තමයි මේ බැඳීම දෙදෙනාටම සතුටක් වන්නේ. අඹුසැමියන් කියන්නේ තනි පුද්ගලයෙකු නෙමේ. පුද්ගලයන් දෙදෙනෙකුගේ එකතුවක්. ඒ නිසා දෙදෙනාගේම සිතුම් පැතුම් වලට වෙනසක් තිබීම ස්වභාවිකයි. අවශ්‍ය වන්නේ මේ වෙනස දෙදෙනාම හදුනාගෙන තිබීමයි.

තමන්ගේ විදිහට අනෙක් හදන්න ගියාම ගැටුම් විතරයි. එය කිසිසේත් හිතකර වෙන්නේ නැහැ. දෙදෙනාම දෙදෙනාට ගැලපෙන ආකාරයේ එකගතාවයකට පැමිණීමයි කළ යුතු වන්නේ. නැත්නම් මෙවැනි හේතු දික්කසාද වීමට මූලික වෙන්න පුළුවන්. ජීවිතයේ සතුට එක් එක් කෙනාට ලැබෙන විදිය වෙනස්. බොහෝවිට කාන්තාවන් තමන්ගේ සැමියා සමඟ කාලය ගත කිරීමෙන් සතුටක් ලබනවා.

 

 

 


ඒ වගේම කාන්තාවන් පියකරුව සුන්දරව සිටීම පිරිමින් තුළ ආකර්ෂණය ඇති කිරීමට හේතු වෙනවා. කාන්තාවන්ට වඩා පිරිමින් විවිධත්වයට ප්‍රිය කරනවා. පිරිමියෙකුට එකම කාලයක් තුළ කාන්තාවන් දස දෙනකු කායිකව ඇසුරු කර ජීවීන් දහදෙනෙක් නිර්මාණය කළ හැකි. නමුත් කාන්තාවක් එකම කාලයක තුල පිරිමින් දහදෙනෙක් කායිකව ඇසුරු කලත් බිහිකළ හැක්කේ එක් ජීවියකු පමණයි. ඒ තමයි සොබාදහම ගැහැණිය හා පිරිමියා නිර්මාණය කර තිබෙන ආකාරය. රූපවාහිනියක් ළඟ වාඩි වුනත් පිරිමින් නිතරම වාගේ චැනල් මාරු කරන ස්වභාවයක් තියෙනවා. නමුත් කාන්තාවක් එවැනි දේ කරනවා අඩුයි. විවිධත්වයට පිරිමින් තුළ පවතින කැමැත්ත ස්වභාවයෙන්ම උරුම වූ දෙයක්. එකිනෙකා තුල ඇති මේ විවිධත්වය අවබෝධ කර නොගැනීමෙනුත් එයට ගරු නොකිරීම නිසාත් බොහෝ පවුල්වල ගැටලු ඇතිවෙනවා. ඇතැම් අවස්ථාවන්වලදී මෙවැනි අර්බුදයට පත් පවුල් වල අඹුසැමියන් පවසන්නේ මට දැන් එයාව එපා වෙලා තියෙන්නෙ කියන එක. නමුත් මට එයාව එපා වුනේ ඇයි? මට වැරදුණේ කොතැනද? කියන එක ගැන බොහෝ දෙනෙක් හිතන්නේ නැහැ. මෙවැනි අවස්ථාවකදී දෙපාර්ශ්වයේම අඩුපාඩු තියෙන්න පුළුවන්. ඒ නිසා දෙදෙනකු තුළ නිවැරදි අවබෝධය සහ අන්‍යෝන්‍ය විශ්වාසය ඉතාම වැදගත් වෙනවා. මේනිසා දෙපාර්ශ්වයම එකිනෙකා පිළිබඳ අවබෝධයෙන් එකිනෙකාට ගරු කරමින් විවිධත්වය අගයමින් ජීවත් වීමෙන් සාර්ථක පවුල් ජීවිතයක් ගත කළ හැකි බව පිළිගත හැකි සත්‍යයක් වෙනවා.

 

 

by Dilki Shamani

Photo Source: Internet

views

708 Views

Comments

arrow-up