ලංකාවේ නම ජාත්‍යන්තරයට ගෙන ගිය ඉන්දුමාලා රාජපක්ෂ

ව්‍යාපාර ක්ෂේත්‍රයේ ඉහළම තලයකට ළඟාවීම පහසු නැහැ. නමුත් උත්සාහය සහ කැපවීම තිබේ නම් එය සැබෑ කරගතනොහැකි සිහිනයක් ද නොවේ. කවදා හෝ සාර්ථක ව්‍යවසායිකාවක් බවට පත් වීමේ සිහිනයක් ඉන්දුමාලා රාජපක්ෂට මීට කලකට පෙර තිබුණා. ඒ සඳහා ඇරැඹූ ගමනේදී ලැබූ ජයග්‍රහණ සහ පරාජය සමසේ දරා ගනිමින් ඇය සිය ඉලක්කය කරා ලගාවුනා. අද ඇය මෙරට සුප්‍රකට රූපලාවන්‍ය ශිල්පිනියක්. ඒ වගේම සාරි නිර්මාණකරණය කරන සාර්ථක ව්‍යවසායිකාවක්. මේ නිසාම පසුගියදා ඉන්දුමාලා රාජපක්ෂ දකුණු ආසියාවේ සාර්ථකම ව්‍යවසායිකාවට හිමි සම්මානය ලබා ගත්තා. ඇගේ මෙම සාරි ව්‍යාපාරය ආරම්භවී තියෙන්නෙ අවුරුදු දහයකට විතර කලින්. රුපියල් අටසීයක් වැනි පුංචි මුදලකින් ආරම්භ කරපු මේ ව්‍යාපාරය අද ඉතාම සාර්ථක ව්‍යාපාරයක් බවට පත්වෙලා තියෙනවා. උඩරට ඔසරිය කියන්නේ අපේ රටට ආවේණික ඇඳුමක්. හැබැයි මීට අවුරුදු දහයකට පහළොවකට කලින් ඉන්දියාවෙන් ආනයනය කරපු සාරි වලින් තමයි හුඟක් මනාලියෝ සැරසුනේ. මේ නිසා ව්‍යාපාර අවස්ථාවක් තෝරා ගත්තු ඉන්දුමාලා අපේ රටේ උඩරට ඔසරිය මනාලියන්ට හඳුන්වාදෙන්න කටයුතු කළා. එතරම් සාර්ථකත්වයක් නොතිබුණු ව්‍යාපාරයක් වුණත් ටික කාලයක් යනකොට තොග වශයෙන් සාරි මිලදී ගන්න කඩවලින් සාමාන්‍යයෙන් 100-200 ඇනවුම් ලැබෙන තරමට ව්‍යාපාරය දියුණු වුණා. ලංකාවේ එවකට ප්‍රසිද්ධියක් උසුලනු සැලොන් වලින් ඉන්දුමාලා ඉල්ලීමක් කලත් තමන්ගේ සාරි වලින් මනාළියන් සරසවන්න කියලා ඔවුන් එය තැකීමක් කළේ නැහැ. මේ නිසාම ඉන්දුමාලා රාජපක්ෂ කුඩාවට නුවර රූපලාවණ්‍යාගාරයක් විවෘත කරමින් රූපලාවණ්‍ය ශිල්පිනියක් බවට පත් උනා. ඇගේ යටි අරමුණවී තියෙන්නේ තමන්ම නිපදවූ සාරි වලින් මනාලියන් හැඩ ගන්වන්න. ඇගේ උත්සාහය සාර්ථක වුණා. ටික කාලයක් යනකොට සැලෝන් එක පටන් අරගෙන සාරි අලෙවිසැලකුත් ඇයට විවෘත කරන්න හැකියාව ලැබුණා. මෑතකදී ඇගේ අලුත්ම සැලෝන් එක කොළඹදී විවෘත කළා. දැනට සේවක සේවිකාවන් හතළිස් දෙකක් පමණ මේ ව්‍යාපාරයේ සේවයේ යෙදී සිටිනවා. ඇයට මෙම සම්මානය ලැබුණේ asian development bank කියන ආසියානු බැංකුවෙන්. ඒ බැංකුව ආසියානු රටවල බැංකු සමග ගනුදෙනු කරන අය අතරින් ඔවුන්ගේ ආධාර ලබාගෙන රටේ සංවර්ධනයට වැඩිපුරම දායකවෙන ව්‍යාපාර කරන ව්‍යවසායකයින් තෝරා ගෙන තිබුණා.
ඉන්දුමාලාගේ නම නියෝජනය කර තිබුණේ කොමර්ෂල් බැංකුව විසින්. ඒ අනුව එම සම්මානය සඳහා ශ්‍රී ලංකාවෙන් තේරී පත්ව තිබුනේ ඉන්දුමාලා. ඒ වෙනුවෙන් ඇයට රුපියල් ලක්ෂ 20ක මුදලක් ලැබී තිබුණා. රූපලාවණ්‍ය ක්ෂේත්‍රයට එයාර් බ්‍රෂ් ක්‍රමය හඳුන්වා දීමත් සිදු කරලා තියෙන්නේ ඇය විසින්. ඒ වගේම පෙර පාසල් වලට දරුවන් ඇරලවලා කාලය නිකරුනේ ගත කරන මව්වරුන්ට ඇගේ සාප්පුවට ඇවිත් සාරි නිෂ්පාදනයට හවුල් වෙලා අමතර මුදලක් හොයා ගන්නත් ඇය අවස්ථාව උදා කරලා දීලා තියෙනවා. ඇගේ මේ සමාජ මෙහෙවරත් මේ සම්මානය ලබා ගැනීමේදී සැලකීමට ලක් කරලා තියෙනවා. ඉන්දුමාලා නම් කියන්නේ සැමියා හම්බකරලා දෙන තුරු ගෙදරට වෙලා නිකන් කන්න බලන් ඉන්නේ නැතිව තමන්ට දක්ෂතාවය තිබෙන අංශයකින් පුංචියට හෝ ව්‍යාපාරයක් පටන් ගන්න කියලා. එය කාන්තා හැමටම ආදර්ශයක්.
by Dilki Shamani
Photo Source: Internet
978 Views
Comments