කුසේ ඇති වෙන්නත් පෙර දරුවන්ගේ නිරෝගී බව දැන් පරික්ෂා කරන්න පුළුවන්
For Sri Lankan's Overseas
Latest_News
calendar
AUG
05

කුසේ ඇති වෙන්නත් පෙර දරුවන්ගේ නිරෝගී බව දැන් පරික්ෂා කරන්න පුළුවන්

කුසේ ඇති වෙන්නත් පෙර දරුවන්ගේ නිරෝගී බව දැන් පරික්ෂා කරන්න පුළුවන්

නීරෝගී දරුවකු ලබා ගැනීම සෑම මව්පිය යුවළකගේම බලාපොරොත්තුවක් වෙනවා. සමහර අවස්ථාවන් වලදී ආබාධ සහිත දරුවන් බිහිවෙනවා. ජාන සම්බන්ධව ඇතිවන අසාමාන්‍යතා මෙලෙසින් සිදුවිය හැකි ප්‍රධානතම ආබාධ වර්ගයක් වෙන අතර මන්ද මානසිකත්වයෙන් යුත් down syndrome වැනි රෝග තත්ත්වයන්ගෙන් පෙළෙන දරුවන් මෙන්ම දෙමව්පියන්ගේ ඇති රෝග අනුව ඇතිවන තැලසීමියා හිමෝෆීලියා වැනි ප්‍රවේණික රෝගය සැලකෙන රෝග තත්ත්වයන් මේ කාණ්ඩයට අයත් වෙනවා. නමුත් වෛද්‍ය තාක්ෂණයේ විශ්මිත දියුණුවත් සමගම මෙවැනි දරුවන් ඇතිවීම වැළැක්වීමට දැන් හැකියාව තියෙනවා. මේ සඳහා භාවිතා කරන්නේ නල දරු උපත් ක්‍රමයේදී ඒ හරහා දරුවකු බිහිකිරීමේදී කලලය ගර්භාෂයේ තැන්පත් කිරීමට පෙර ජාන පරික්ෂා කිරීම හෙවත් පිළිසිඳ ගැනීමට පෙර කරන ජාන පරීක්ෂණ තාක්ෂණයයි.

PGT තාක්ෂණය

මෙම තාක්ෂණය හරහා ප්‍රතිලාභ ලැබිය හැකි කාණ්ඩ හතරක් තියෙනවා.

ඒ වයසින් වැඩි දරුවන් බලාපොරොත්තු වන අඹුසැමියන්. මොවුන්ගෙන් අසාමාන්‍ය ජාන සංයුතිය සහිත දරුවන් ඇති වීමේ ප්‍රවණතාව අධික වන අතර වයස වැඩි වන තරමට එම අවදානම වැඩි වෙනවා.

ඒ වගේම පරම්පරාවෙන් රැගෙන නිශ්චිත රෝග තත්ත්ව තැලිසීමියා ඉමෝෆිලියා ස්නායු රෝග සඳහා හේතු වන අසාමාන්‍ය ජාන සහිත අඹුසැමියන්.

තම ජාන සංයුතිය සාමාන්‍යය වුවද ඒවායේ පිහිටීමේ ආබාධ ඇති අඹුසැමියන්. මෙවැනි තත්ත්වයන් දෙමව්පියන්ගේ ජාන පරීක්ෂණයක් මඟින් හඳුනාගත හැකි වෙනවා.

මින් පෙර යම් ජාන අසාමාන්‍යතා සහිත දරුවකු බිහි කළ දෙමවුපියන්. මෙවැනි තත්ත්වයන් රෝගී දරුවන්ගේ පරීක්ෂාවන් හෝ ගබ්සා වීම් වල පරීක්ෂාවෙන් හඳුනා ගෙන තිබිය හැක.

 

 

 


මේ පරීක්ෂණයේදී කරනු ලබන්නේ වෛද්‍ය විද්‍යාව ඉහලම තාක්ෂණික ක්‍රමවේදයක් වන IVF හෙවත් නල දරු තාක්ෂණය මගින් ඩිම්බකෝෂ ශුක්‍රාණු එක්කර කළල නිෂ්පාදනයෙන් පසු එම කලලය දින 5ක් දක්වා වර්ධනය වීමට සලස්වනවා. එහිදී එම කළලයේ ජාන සංයුතිය නිසි පරිදි නිර්ණය කිරීමට හැකිවෙනවා. මෙහිදී වර්ණදේහ සංයුතියේ ඇති අසාමාන්‍යතා මෙන්ම නිශ්චිත රෝගී ජාන තත්ත්වයන්ට නිරීක්ෂණය කළ හැකි වෙනවා. එලෙස පරීක්ෂාව මගින් රෝගී කලලය භාවිතා නොකර නිරෝගී කලලයක් මගින් මෙවැනි රෝග තත්ත්වයක් නැති දරුවකු බිහිකර ගැනීමට හැකියාව ලැබෙනවා. තවදුරටත් මෙම පරීක්ෂාව මගින් ප්‍රතිකාර වල සාර්ථකත්වය ඉතා ඉහළ මට්ටමකට ගෙන යාමට ඉඩ ප්‍රස්තාව ලැබෙනවා. මෙම තාක්ෂණය දරුවකු බලාපොරොත්තු වන සෑම යුවලකටම අවශ්‍ය නොවන නමුත් තෝරාගත් කාණ්ඩ කිහිපයකට එමගින් ප්‍රතිලාභ ලබාගත හැකි වෙනවා.

මේ තාක්ෂණය ඔස්සේ ලංකාවේ දෙමව්පියන්ට දරුවකු කුස පිළිසිඳ ගැනීමට පෙර එම දරුවාගේ නිරෝගී භාවය පරීක්ෂා කර තහවුරු කරගැනීමට හැකියාව ලැබෙනවා.

 

 

by Dilki Shamani

Photo Source: Internet

views

713 Views

Comments

arrow-up