ඉඩමෙන් කොටසක් අල්ලපු ඉඩමේ අය අල්ලගෙනද?

ඉඩමක මායිම අවුරලක් ඇති ඉඩමක් සම්බන්ධයෙන් පවරන ලද නඩු වලදී අදාළ දේපළ නඩු නිශ්චය කිරීම සඳහා අදාල දේපලට ගොස් ස්ථානික විමර්ශනයක් කිරීමට සිදුකරන වෙනවා. එලෙස විමර්ශනය කිරීම සඳහා එම නඩු කටයුතු විනිශ්චය කරනු ලබන විනිශ්චකාරතුමාට පෞද්ගලිකව පහසුවෙන් පැවැත්විය නොහැකි බව අධිකරණය සලකුණු ලබන අවස්ථාවකදී විමර්ශනය පවත්වා අධිකරණයට වාර්තා කරන ලෙස අධිකරණයට සුදුසු යැයි සැලකෙන තැනැත්තෙකුට අධිකරණ පත්‍රයක් නිකුත් කරනු ලබනවා. අධිකරණය විසින් යම් කාර්යයක් කිරීමට යම් තැනැත්තකුට බලය පවරමින් දෙනු ලබන ලේඛනය අධිකාරි පත්‍රය හෙවත් කොමිසම ලෙස හඳුන්වනවා. නඩු කටයුතුවලදී එම නඩුවේ විෂය වස්තුව නඩුවට අදාළ දේපළ සම්බන්ධයෙන් පෙන්වීම සඳහා හෝ ගොඩනැගිලි විස්තර හෝ වටිනාකම් තක්සේරු කිරීම සඳහා අධිකරණ ලෙසින් කොමසාරිස්වරයෙකුට හෙවත් බලයලත් මිනින්දෝරුවරයකුට මෙලෙස අධිකාරි පත්‍රයක් නිකුත් කරනු ලබනවා. එම තැනැත්තා වෙත අධිකාරි පත්‍රය නිකුත් කරන ලෙස යම් නඩුවක පාර්ශවයක් විසින් ඉල්ලා සිටි විටදී නඩුව සම්බන්ධයෙන් ඇති විවාදපන්න කරුණ තීරණය කිරීමට ස්ථානික විමර්ශනය සිදු කිරීමේ අවශ්‍යතාවය පැන නැගෙන බවට සෑහීමට පත් වූවොත් අධිකරණය විසින් සුදුසු තැනැත්තකු වෙත මම අධිකාරි පත්‍රය පිරිනමනවා. ඒ වෙනුවෙන් ඔවුන්ට මුදලක් ද නියම කරනවා. අදාල මුදල තැන්පත් කිරීමෙන් පසුව අධිකාර පත්‍රය සුදුසු අධිකාරි පත්‍රලාභියා වන බලයලත් මිනින්දෝරු මහතාට නිකුත් කරනු ලබනවා.
ඉන්පසු එම අධිකාර ලාභියා විසින් එම නඩුවේ පාර්ශ්වයන්ට එය දැනුම් දීම් කරනවා. එලෙස දැනුම්දීමක් ලැබුණ විට එම සියළු පාර්ශවයන් එදිනට පෙනී සිටීම වැදගත් වෙනවා. එසේ පැමිණ තමා සතුව ඇති එකී දේපල සඳහා පිඹුරුපත් එම අවස්ථාවේදී උසාවි කොමසාරිස්වරයාට ලබාදීම කළ හැකි අතර තවද තමා විසින් භුක්ති විඳිනු ලබන ඉඩම් කොටසට අදාළ මායිම ද පෙන්වා දිය හැකි වෙනවා. එසේ සියලු කරුණු උසාවි කොමසාරිස්වරයා විසින් වාර්තා කරනු ලැබුණු අතර එම ඉඩමේ මායිම් පෙන්වාදීම සඳහා මැනීම සිදු කරනු ලබන මෙවැනි නඩුවකදී අධිකාර පත්‍ර නිකුත් කරවා ගැනීමේදී පොදු මායිමට අයත් ඉඩම් කොටස් දෙක මැනීම සිදු කරනු ලැබීම අවශ්‍ය වන අතර අධිකාර පත්‍රය මගින් එක් පාර්ශ්වයක ඉඩමක් පමණක් මැන පෙන්වීම නියම කර ඇති අවස්ථාවක අධිකාර පත්‍ර ලාභියා විසින් කළ යුත්තේ එම නියම කර ඇති ආකාරයට පමණයි. ඉන්පසු පාර්ශ්වයන් විසින් ලබාදෙන පිඹුරුපත් අධිෂ්ඨාපනය කර පෙන්වීම සිදු කළ යුතු වෙනවා. මෙලෙස පිඹුරු පත් අධිෂ්ඨාපනය කර පෙන්වීමෙන් එම නඩුවේ ආරවුල් ගත මායිම් යම් කොටසක් අනෙජ් ඉඩම අයත් පුද්ගලයකු විසින් අල්ලා ගෙන ඇද්ද ඇතැයි තහවුරු කෙරෙනවා. මෙලෙසමයි ආරවුලකදී එය ඔප්පු කිරීම සඳහා අධිකාරි පත්‍රයක් මගින් මිනින්දෝරුවරයා ලවා එලෙස මැන අල්ලාගත් කොටස ඔහුට අයිතිවාසිකම් ඇති කොටස සමග පැහැදිලිව මැන පිඹුරේ ලකුණු කරවා ගැනීම මෙවැනි නඩුවක දී ඉතාම වැදගත් වෙනවා.
by Dilki Shamani
Photo Source: Internet
671 Views
Comments