රන් වංචා වලින් ගැලවෙන්න පරික්ෂා
For Sri Lankan's Overseas
Latest_News
calendar
AUG
01

රන් වංචා වලින් ගැලවෙන්න පරික්ෂා

රන් වංචා වලින් ගැලවෙන්න පරික්ෂා

රත්රන් කියන්නේ ලොව වටිනාකම අතින් ඉහළ අමුද්‍රව්‍යක්. මිලදී ගන්නා රත්රන් හොඳම වර්ගයේ රත්රන් දැයි කියලා තහවුරු කර ගන්න අවශ්‍ය වෙනවා. මේනිසා රත්රන් මිලදී ගැනීමේදී ඒ පිළිබඳ වංචා වළක්වා ගැනීමට පියවර කිහිපයක් අනුගමනය කරන්න පුළුවන්. එනම්

*රන් මිලදී ගන්න යන විට ඩිජිටල් තරාදියක් අරගෙන යන්න. ඔවුන් කියන බර එහි ඇත්තටම තියෙනවා දැයි පිරික්සන්න. මේ බරට වඩා වැඩි හෝ අඩු එනම් එය සැකයට කාරණාවක්.

*ඒ වගේම රන් කාසි මිලදී ගන්නා විට එම කාසි නිකුත් කළ අයෙක් ආයතනයේ වෙබ් අඩවියට පිවිස සැබෑ විශ්කම්භය හැඩරුව ආදිය තහවුරු කරගන්න. අවශ්‍ය නම් ඔවුන්ට කතා කොට වැඩිදුර විස්තර ලබා ගන්න.

* ව්‍යාජ රන් කාසි සාමාන්‍යයෙන් ඝණකමින් සැබෑ එකට වඩා වෙනස්. ඒනිසා ඝණකම උපකරණ මගින් මැන ගන්න පුළුවන්. රන්කාසියක ඉන් ප්‍රින්ට් හෝ අක්ෂර අසම්පූර්ණ බව බොඳවී යාම වගේ දේවල් තියෙනවනම් ඒ කාසිය සැක සහිතයි.

*ඕනෑම රන් භාණ්ඩයක් මිලදී ගැනීමේදී චුම්බකයක් අල්ලා බලන්න. සැබෑ රන් චුම්බකයක ආකර්ෂණය වන්නේ නැහැ.
විවිධ ක්‍රම ඔස්සේ පරීක්ෂණ කරන්න පුළුවන්.

Ping පරික්ෂා
මෙහිදී කෙරෙනුයේ රන් කාසිය වෙනත් සැබෑ රන්කාසියක හප්පා ඇසෙන ශබ්දය සවන්දීමයි. එහිදී නැගෙනුයේ පින් වැනි ශබ්දයක් නම් එය බොහෝවිට රන් කාසියක් විය හැකි. මෙහිදී ඔබ ස්ථිරවම රන් ලෙස දන්නා එක් කාසියක් අවශ්‍ය වෙනවා.

අතිධ්වනි තරංග
අල්ට්‍රා සවුන්ඩ් උපකරණ මගින් රන්වල මිශ්‍ර කරන ලද ටන්ස්ටන්ට් ඇත්දැයි සොයා ගන්න පුළුවන්. මේ උපකරණය පිළිගත් රන් අලෙවි ආයතන වල තියෙනවා.

XRF X Ray flurescence
XRF
උපකරණ මගින්ද රන් වල මිශ්‍රිත වෙනත් ලෝහ පිළිබඳ අනාවරණය කරගන්න පුළුවන්.

රන් වංචා සඳහා ටන්ස්ටන් භාවිතය

use of titanium and trungsten as an alternative to gold යනුවෙන් mauritius විශ්වවිද්‍යාලයේ yashwasungh surnam පෙන්වා දෙන්නේ ආභරණ කර්මාන්තයේදී රන් වෙනුවට ටන්ස්ටන් හා ටයිටේනියම් භාවිතා කිරීමට යම් හැකියාවක් තියෙන බවයි. මේ අධ්‍යයනය පෙන්වා දෙන තවත් කරුණක් නම් ඝනත්වය සමාන වීම නිසා වංචාකරුවන් රන් තුළ ටන්ස්ටන් බහුලව භාවිතා කරන බවයි.

 

 

 


රන් වෙනුවට ටන්ස්ටන්ට් යොදා ගන්නේ ඇයි?

ටන්ස්ටන් සැලකූවිට එය රන් හා මිශ්‍ර කළ විට සොයා ගැනීමට ඇතැම් උපකරණ සමත්වන්නේ වන්නේ රන්වල ඝනත්වයට ඉතා ආසන්න නිසයි. කැලණි විශ්ව විද්‍යාලයේ මහාචාර්යවරයෙකු පවසා සිටින්නේ ටන්ස්ටන්ට් මිශ්‍ර රන් හඳුනාගැනීමට සමත් උපකරණ පවතින බවත් ඒවා දියුණු රටවල භාවිතා කරන බවත්ය. කෙසේ වෙතත් විශාල ප්‍රමාණයක් රන් මිලදී ගැනීමක් කරන විට අප කළ යුතු වන්නේ ඔබට ඉතා විශ්වාසවන්ත අලෙවිකරුවකු හරහා මිලදී ගැනීමයි. දෙවනුව යම් සැකකටයුතු තත්ත්වයක් මතු වෙනවා නම් ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය සහය පැතීම සිදු කළ හැකියි. අඩු මිලට දෙන්නන් හෝ අන්තර්ජාලය හරහා කරන්නට කටයුතු වලදී වැඩි විශ්වාසයක් නොතැබීම ඉතාම සුදුසුයි.

 

 

by Dilki Shamani

Photo Source: Internet

views

600 Views

Comments

arrow-up