ටොයෝටා පරදවමින් ටෙස්ලා ලොව වටිනාම මෝටර් රථ සමාගම වෙයි

නව නිර්මාණකරනය හා විදුලි මෝටරථ නිෂ්පාදනය සම්බන්ධයෙන් ලොව වඩාත්ම ප්‍රචලිත සමාගමක් බවට අද වන විට පත්ව ඇත්තේ ටෙස්ලා සමාගමයි. අඟහරු මත ඉදිරි අනාගතයේ ජනපද බිහි කිරීමේ දැවැන්ත ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමේ අරමුණෙන් ටෙස්ලා සමාගම විදුලි මෝටර් රථ සහ තවත් ඊට අවශ්‍ය උපාංග නිෂ්පාදනය කරමින් පවතිනවා. ඊලෝන් මාස්ක්ගේ මෙම විදුලි මෝටර් රථ ව්‍යාපාරය අද වන විට සමහර ඇමරිකානු සමාගම් පරදවන වටිනාකමකින් යුක්ත වන බව වාර්තා වෙනවා. කොටස් වෙළඳපල වටිනාකම් සැලකීමේදී පසුගිය බදාදා මධ්‍යනය වන විට කොටස් වෙළඳපළ වටිනාකම ටෙස්ලා හි කොටස් 4% කින් ඉහළ ගොස් ඩොලර් එක්දහස් එකසිය විස්සකට වඩා ඉහළ අගයක් වාර්තා කළ බව සටහන් වෙනවා. එම මිලට අනුව ටෙස්ලා හි වෙළඳපොළ වටිනාකම ඩොලර් බිලියන දෙසිය දහයකට ආසන්න අගයක් වෙනවා. එමගින් ලොව සුපිරිම මෝටර් රථ නිෂ්පාදන ටොයෝටා සමාගමට වඩා ඉදිරියෙන් ටෙස්ලා සිටින අතර එය ලොව වටිනාම මෝටර් රථ සමාගම බවට අද වන විට පත්ව තියෙනවා.
ඊට අමතරව කොකාකෝලා, ඩිස්නි, සිස්කෝ, මර්ක්, එක්සොන් මොබිල් යන සමාගම් වල වෙළඳපල අගයන් ඉක්මවා යෑමටත් ටෙස්ලා සමාගම සමත්ව තියෙනවා. දැන් S&P 500ට අනුව ටෙස්ලා සමාගමට වඩා ඉහළ මිල අගයන් පෙන්නුම් කරන සමාගම් ඇත්තේ දහනමයක් පමණි. එයින් එකක් වන්නේ CNN සමාගමයි. ටෙස්ලා සමාගම S&P 500 යටතට ගැනීමට තරම් ලාභදායී නොවුනත් ටෙස්ලා සමාගමේ මේ මිල ඉහළ යාම එම ව්‍යාපාරයේ සන්ධස්ථානයක් ලෙස සැලකෙනවා.
මෙම විදුලි ධාවන මෝටර් රථ පිළිබඳ සමාගම නිසා ඇතිවූ වූ සුභවාදී හා ලාභදායී වන්නේ එම සමාගමට පමණක් නොවෙයි. දැනට පවතින ප්‍රසිද්ධියේ වෙළෙඳාම් කරන බ්ලෑන්ක් චෙක් සමාගමක් සමග ඒකාබද්ධ කිරීම තුළින් සමාගම ජුනි මාසයේ දී ප්‍රසිද්ධියට පත්වූ දා සිට විදුලි ට්‍රක්රථ නිෂ්පාදක නිකොලාගේ කොටස් අගයද මේ තුළින් ඉහළ ගොස් තිබෙනවා. නිකොලාගේ වටිනාකම දැන් ඩොලර් බිලියන 25 ක කට ආසන්න වන අතර එය ෆ්‍රෝඩ් එෆ්ට වඩා වැඩි අගයක් ගන්නා බව වාර්තා වෙනවා. මෙන්ම ඊට සමගාමීව පුද්ගලික ආරම්භක ව්‍යාපාරයක් වන ලෝඩ්ස්ටවුන් මෝටර්ස් හි කොටස් හිමි විදුලි බැටරි නිෂ්පාදක වර්ක්හෝස් එහි අගය ද පසුගිය සතිය තුළ දෙගුණයකින් වැඩි වී ඇති බව අනාවරණය වී තිබෙනවා. තම ව්‍යාපාරයට සම්බන්ධ සෙසු ආයතන වල ලාභදායිත්වයද ඉහළ නංවමින් ඊලොන් මස්ක් මේ යන ගමන ලොව පුරා සියළු දෙනාගේ අවධානයට යොමුව තිබෙනවා.
by Dilki Shamani
Source : edition.cnn.com
777 Views
Comments