සොභාවික දරුපල අහිමි කරන MSG
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUN
20

සොභාවික දරුපල අහිමි කරන MSG

සොභාවික දරුපල අහිමි කරන MSG

වසර 2065 වන විට මිහිතලයේ ජීවත් වන මිනිසුන්ට ස්වාභාවික ලෙස දරුවන් බිහි කිරීමට නොහැකි වන බවට වර්තමානයේ විද්‍යාඥයන් වැඩි වශයෙන් අනතුරු අඟවා තියෙනවා. මෙය විද්‍යා ප්‍රබන්ධයක් නොවෙයි. අනාගත පරම්පරාව පිළිබඳ ලියැවෙන විද්‍යාත්මක පරීක්ෂණවලින් තහවුරු වූ සංවේදී බියකරු ප්‍රවෘත්තියක්.

මීට බලපාන විශාලතම හේතුව වන්නේ ක්ෂණික කෑම කඩචෝරු නිසා සාඵල්යතාව අඩු වීමයි. අනාගතයේ දෙමවුපියන්ගේ සාඵල්යතාවය දුර්වල බවත් යම් හෙයකින් ඔවුන් දරුවන් බිහි කළහොත් එම දරුවන් පිළිකාව ඇතුළු භයානක බෝ නොවන රෝග වලට ගොදුරුව අකාලයේ මිය යන බවත් එම ඉරණමින් එම දරුවන් මුදවාගැනීමට පසු කාලයේදී එම දරුවන් සෞඛ්‍ය හිතකර ආහාර පාන පරිභෝජනයට හුරු වුවත් එය කල නොහැකි දෙයක් බව ජෝර්ජ් ටවුන් සරසවියේ වෛද්‍ය පීඨය දීර්ඝ කාලයක් අධ්‍යනය කර පරීක්ෂණයකින් සනාථ කරගෙන තිබෙනවා. දරුවාගේ පටන් මහල්ලා දක්වා දැනුවත් හෝ නොදැනුවත්ව ආහාරයට ගනු ලබන එක්තරා රසායනික ද්‍රව්‍යයක් වන MSG නිසා මෙම තත්ත්වය බරපතළ වන බව සොයාගෙන තිබෙනවා. snacks වර්ග බයිට් වර්ග පොටෙටෝ චිප්ස් ක්‍රිස්පි වර්ග බිස්කට් කුකීස් ක්ෂණික නූඩ්ල්ස් චයිනීස් කෑම අයිස්ක්‍රීම් ටින්මාළු ළදරු ආහාර වැනි ආහාර වර්ග තුළ බොහෝවිට MSG තිබෙන බව අනාවරණය කරගෙන තිබෙනවා.

 


අජිනමොටෝ කියන වෙළඳ නාමයෙන් කවුරුත් දන්නා හඳුන්වන්නේ මේ භයානක රසායනික ද්‍රව්‍ය මදසරුබවට වඳභාවයට ලිංගික බෙලහීනතාවයට හේතුවන මූලික ආහාර වර්ගයක්. මෙමඟින් මොළයේ රස හඳුනාගන්නා සෛල අති උත්තේජනයකට ලක් කරනවා. ඒ අනුව අපි ගන්නා ඕනෑම දෙයක් ප්‍රනීත රසයකින් යුක්ත වන බව මොළයට සන්නිවේදනය කරනවා. එයට අමතරව MSG ප්‍රබල ඇබ්බැහි කාරකයක් වෙනවා.මේ නිසා වැඩියෙන් MSG ආහාර ගිල දැමීමට කෙනෙකු තුළ මළ පෙරේත කමක් ඇති කරවීමට සමත් වෙනවා. කුඩා දරුවන්ට අජිනමොටෝ යෙදූ කඩචෝරු කෘත්‍රිම ආහාර ලබා දීමෙන් දරුවන්ට ස්වභාවික කෑම ආහාරයට ගැනීම අසීරු වෙනවා. ඇමරිකාවේ නෝර්ත් ඊස්ට් සරසවිය සිදුකර ඇති පරීක්ෂණයක් මගින් පුරුෂ ශුක්‍රාණු වල සරුභාවය සියයට පනහකින් අඩු කරන බවත් කාන්තාවන්ගේ ගැබ් ගැනීමේ හැකියාව 50% කින් අඩු කරන බවත් සොයාගෙන තියෙනවා. ලෝකයේ ඇතැම් රටවල් MSG භාවිතය තහනම් කර හෝ දැඩි පාලනයකට නතු කර තිබෙනවා. ලොව සංවර්ධිත සියළුම රටවල පාහේ ළදරු ආහාර සඳහා MSG එකතු කිරීම තහනම් කර තිබෙනවා. නමුත් අපේ රටේ හෝටල් වල පිළියෙල කරනු ලබන එක් කොත්තුවක් ප්‍රයිඩ් රයිස් එකක MSG ග්‍රෑම් හයක් පමණ තිබෙන බව සැලකිය යුතුයි. පුද්ගලයන්ට සීයක් විතර සහභාගි වෙන මඟුල් ගෙවල්වල දාන ගෙවල්වල ආහාර පිළියෙල කරන විට කෝකියන් ලබාදෙන බඩු ලැයිස්තුවේ අජිනමොටෝ කිලෝ එකකුත් සඳහන් කරලා තියෙනවා. ඉතින් අපේ අය භාවිතා කරන මාත්‍රාව ගැන හිතාගන්න පුළුවන්. මේ නිසා මෙවැනි කෘත්‍රිම රස කාරක භාවිතයෙන් වැළකී ස්වභාවික ආහාර පාන වල රස ගුණ කටට දිවට හුරු කර ගන්න උත්සහ කරන්න.

 

 

by Dilki Shamani

Photo Source: Internet

views

578 Views

Comments

arrow-up