රහස් ඔත්තු සේවයන්හි ලොව ප්‍රමුඛතමයා වූ KGB
For Sri Lankan's Overseas
Latest_News
calendar
JAN
05

රහස් ඔත්තු සේවයන්හි ලොව ප්‍රමුඛතමයා වූ KGB

රහස් ඔත්තු සේවයන්හි ලොව ප්‍රමුඛතමයා වූ KGB

ඕනෑම කෙනෙක් දන්නවා අද වන විට ඕනම රටකට රහස් ඔත්තු සේවයක් පවතින බව. මේක අද ඊයේ උන දෙයක් නෙවෙයි අතීතයේ පටන්ම තම රජයට අවාසිදායක දෙයක් වෙනවද යන්න හොර රහසේම කෙනෙක් යොදවා සොයා ගැනීම ඒ කාලයේ පටන් ම සිදු වෙච්ච දෙයක්. මෙවැනි රහස් ඔත්තු සේවාවන් විදියට බ ඉතාමත් දන්න ප්‍රසිද්ධ උදා උදාහරණ කිහිපයක් විදියට ඇමරිකාවේ CIA රහස් ඔත්තු සේවය, ඉන්දියාවේ රෝ ඔත්තු සේවය, ඊශ්‍රාලයේ මොසාඩ් රහස් ඔත්තු සේවය,මහා බ්‍රිතාන්‍යයේ එස් අයි එස් රහස් ඔත්තු සේවය ආදී වශයෙන් කියන්න පුළුවන්.

 

ඉතින් මේ මම අද කියන්න යන රහස් ඔත්තු සේවයත් දෙවන ලෝක යුද්ධයෙන් පස්සේ බිහිවෙච්ච විශිෂ්ට විශිෂ්ටතම ගණයේ රහස් ඔත්තු සේවයක්.සෝවියට් සමූහාණ්ඩුවව පවතින සමයේ දී එහි ප්‍රධාන රහස් ඔත්තු සේවය ලෙස හැඳින්වූයේ ද මෙම KGB රහස් ඔත්තු සේවයයි. ඉතින් මෙය ආරම්භ වුණේ 1954 දී මාර්තු මස් දහතුන් වන දිනයි. කෙසේ නමුත් 1991 දී සෝවියට් දේශය විසුරුවා හැරීමත් සමග මෙම රහස් ඔත්තු සේවයද විසුරුවා හරිනු ලැබ තිබෙනවා. මෙම සංවිධානය ගැන සඳහන් වෙන විශේෂ කරුණක් තමයි එය ඉතා දැඩි තීරණවලට යොමු වීම. ඒව වගේම තමයි මොවුන් දැඩි කොමියුනිස්ට් මත්ධාරීන් වීම සහ අණක් ලැබුණු පසු ඕනෑම දෙයක් සිදු කිරීමට හැකියාව ඇති අයගෙන් සමන්විත වීම මෙහි කැපී පෙනෙන තවත් ලක්ෂණයක්.

 

 

ඉතින් දැන් ඔබට අනිවාර්යයෙන්ම නැගෙන ප්‍රශ්නයක් තමයි මෙම සංවිධානයේ අය සාමාජිකයින් කොහෙද හිටියේ කියන එක.ඇත්තම කිව්වොත් මේ ප් ප්රශ්නෙට පිළිතුරු නම් මොවුන් ලෝකයේ සෑම රටකම සිටියා.කොටින්ම කියනවා නම් අප වෙසෙන ශ්රී ලංකාව තුළද අනිවාර්යෙන්ම මෙහි සාමාජිකයින් සිටින්නට ඇති. ඔබ දැනටමත් දන්නා කරුණක් තමයි දෙවන ලෝක යුද්ධයෙන් පසුව ඇමෙරිකාව සහ සෝවියට් රුසියාව අතර පැවැති සීතල යුද්ධය. මෙහිදී ඇත්ත වශයෙන්ම රුසියාව ඉදිරියෙන් සිටියා කියන කරුණ තමයි සදහන් වෙලා තිබෙන්නේ.කෙසේ නමුත් ඇමෙරිකාව සමග සලකා බලද්දි ඇමරිකාව මිනිසුන් හඳට යැවූ අවස්ථාව පමණයි මොවුන් ඇමරිකාවට පැරදුණු එකම අවස්ථාව බවට ලෝකය ඉතිහාසයේ සඳහන් වන්නේ. ඒව වගේම තමයි ඇමරිකාව විසින් ලොවට හංගමින් සිදුකරපු ඉතා බොහොමයක් රහසිගත පරීක්ෂණ පවා එම සංවිධානයේ සාමාජිකයින් විසින් හෙළිකර ගනු ලැබුවා.

 

 

ඒ අය අනුව බලද්දී CIA සංවිධානය මෙම සංවිධානයට වඩා ගොඩක් පසුපසින් සිටිනා බව පැහැදිලි වෙනවා. ඉතින් ඒ වගේම තමයි මෙම සංවිධානය මගින් ගනු ලැබූ තවත් විශේෂම කරුණක් සඳහන් කරන්න ඕන, ඒ තමයි ඇමරිකාවේ සිටින ආරක්ෂක නිල්ධාරීන්න් මොවුන් මුදලට ලබා ගැනීම. ඒ සඳහා මනා උදාහරණයක් නම් 1960 භාගයේ දී ඇමෙරිකානු නාවික හමුදා නායකයකු වූ john anthony walker නම්වූ පුද්ගලයාව මුදලට ගැනීම. ඔවුන්ට මොවුන්ට රුසියාව තුළ පැවරුණු ලොකුම රාජකාරියය තමයි කොමියුනිස්ට් විරුද්ධ මතධාරීන් සෙවීම සහ රජයේට විරුද්ධව කැරලි ගසන අය සොයා ඔවුන් නිහඬ කිරීමයි.

 

 

ඒ වගේම තමයි මොවුන්ට තවත් විශේෂ හැකියාවක් තිබුණා. ඒ තමයි රට තුළ පවතින ඕනම කැරැල්ලක් තුළට මොවුන්ගේ සාමාජිකයින් ලවා ඒවා උඩුයටිකුරු කිරීමට ඇති හැකි හැකියාව. ඒක කරන්නත් විශේෂ වැඩ වැඩපිළිවෙළක් තිබුණා. ඒක කලේ මෙහෙමයි ඔවුන්ගේ සාමාජිකයින් විසින් මුලින්ම එම කැරලි වලට ගොස් ඒවා තුළ සාමාජිකයින් වී එම කැරලි වල නායකයින් දක්වාම පත්වී පසුව කැරලි සාමාජිකයින් තුළ ද මතභේද ඇති කර කැරලි විනාශ කර දැමීමයි මොවුන්ගේ ක්‍රියා පටිපාටිය. මේ අය අයුරින් මොවුන්ට ඕනම කැරැල්ලක් මැඩ පැවැත්වීමට හැකි බව ප්‍රකාශ කර තිබුණා.

 

 

 

 

 

 

by Sahan Sandeepa

Photo source : Internet

views

1438 Views

Comments

arrow-up