ඖෂධයක් වූ කංසා

මත්ද්‍රව්‍යක් ලෙස සලකන කංසා ඖෂධයක් ලෙස ආයුර්වේද නිෂ්පාදනයන්ට බහුලව භාවිත කරන බව බොහෝදෙනෙකු නොදන්නා කරුණකි. ආයුර්වේදයේ ගුළි, කල්ක, මෝදක වර්ග නිෂ්පාදනය කිරීමට බහුලව යොදා ගන්නා කංසා දැවුම්, පිලිස්සුම් වෙදකමේ ප්‍රතිකාර සඳහා ගන්නා තෙල් වර්ග නිෂ්පාදනයට ද ප්‍රධාන වශයෙන් යොදා ගැනෙනවා. ආයුර්වේදයේ විෂ, උප විෂ යනුවෙන් විෂ කොටස් දෙකකට බෙදෙන අතර, කංසා අයත් වන්නේ උප විෂ යටතටය. එම නිසාම ඖෂධ නිෂ්පාදනය සඳහා කංසා යොදා ගනුයේ විෂ ඉවත් කිරීමෙන් පසුවය.
ඖෂධ නිෂ්පාදනය සඳහා කංසා ශාකයේ කොළ, මැලියම් සහ බීජ යොදා ගැනේ. මල්වල ස්වභාවය අනුවත්, වගා කෙරෙන ප්‍රදේශ අනුවත්, ශාකයේ අන්තර්ගත කෙඳි ප්‍රමාණය අනුවත් කංසා ශාකයේ ඖෂධීය ගුණය වෙනස් වේ. ආයුර්වේද ඖෂධ සඳහා කංසා ශාකයේ පත්‍ර ලබාගනුයේ මල් හට ගැනීමට පෙරය. මල් හටගත් ශාකයක පත්‍ර සාමාන්‍යයෙන් ප්‍රතිකාර සඳහා යොදා නොගැනේ. නිසි පරිදි ගත් පත්‍ර, රෙදි කඩක ඔතා පිරිසිදු වතුරේ පැය 4 - 5 කාලයක් පොඟවා තබා වේළා ගිතෙලින් තම්බා ඖෂධ නිෂ්පාදනයට යොදා ගැනේ.
ඇතැම් පිළිකා රෝගීන්ට ප්‍රතිකාර කිරීමේදී අතුරු ආබාධයක් ලෙස ඇතිවන වමනය පාලනය කිරීමට කංසා අඩංගු ඖෂධ ලබා දේ.ප්‍රසව වේදනාව ඇති විටත්, ප්‍රසවයෙන් පසු රුධිරය වහනය වීම වළක්වා ගැනීමටත් අතීතයේ දී කංසා යොදා ගෙන තිබේ. ලිංගික අප්‍රාණික බව දුරු කිරීමටද අතීතයේදී කංසා අඩංගු ඖෂධීය නිෂ්පාදනයන් භාවිත කෙරෙන බවට සාක්ෂි හමුවේ. ඕනෑම වයසක පසුවන්නන්ට බලපාන උකුණන් සහ ඉස්සොරි ප්‍රශ්නයට ප්‍රතිකර්මයක් ලෙසටද කංසා ශාකය යොදා ගැනේ.
කාමේස්වර මෝදකය නම් ඖෂධය කංසා ඇට සහ කොළ භාවිතයෙන් සකස් කෙරෙන අතර එම ඖෂධ භාවිතයෙන් ශරීර ශක්තිය වර්ධනය වේ. මාත්‍රාවන්ගෙන් ගත් කල සෞන්දර්යාත්මක සිතුවිලි පහළ වේ. මානසික ව්‍යාකූලත්වයන් මගහරවයි. ශ්වසන පද්ධතිය ආශ්‍රිත ඇතිවූ රෝගයන්ට ද හන්දිගත රෝගයන්ටද ඉහත නිෂ්පාදනය යෝග්‍යය. කංසා වලින් සකස් කරන ජාතිඵලාදි චූර්ණය ග්‍රහණිය, අතීසාරය ඇතුළු ආහාර මාර්ගය ආශ්‍රිතව ඇති වන සියලු රෝගයන් නිවාරණයට සහ පාලනයට ආයුර්වේදයේ භාවිත කරන ප්‍රත්‍යක්ෂ ඖෂධයකි.
තවද දේශීය දැවුම් පිලිස්සුම් වෙදකමේදී තෙල් සකස් කිරීමට යොදා ගැනේ. මෙමගින් වේදනාව අඩුවන අතර පිලිස්සුම් කැළැල්ද මැකී යයි. කංසා අඩංගු ඖෂධ භාවිතයෙන් හෘදයේ උත්තේජනය වැඩිවී, නාඩි වේගවත් වේ. ටික වේලාවකින් යළි මන්දගාමී තත්ත්වයට පත් වේ. මේ නිසාම ලේ ගලන අවස්ථාවේදී බාහිරව යෙදීමත්, අභ්‍යන්තර ලබාදීමත් ඉතාම යෝග්‍යය. නින්ද නොයන රෝගීන්ටද කංසා ඖෂධය යෝග්‍යය.
by Dilki Shamani
Photo source : Internet
808 Views
Comments